The darken era

176 28 24
                                    

"ජිමින් ඔයා ලියන දේවල් මිස්ටර් කෲෂර්ටවත් තේරෙනවද කියන එක නම් මට සැකයි..."

ආරා තම අතෙහි වූ ජිමින්ගේ අපහැදිලි අකුරු සහිත කොල කැබැල්ල එහෙ මෙහෙ කරන්නට වූයේ එහි වූ දෑ කියවන්නට නමුත් ඇගේ ඒ වචන කිහිපය නිසාවෙන් තම නළලට ගැලූ දහඩිය කලබලෙන් පිහිදමින් ඉන්නා තම සහෝදරයාව ඇගේ දෙනෙතට නම් හසු නොවුණි..

"ඔයා කිව්වෙ කෲෂර් කියලද..? කෲෂර්.. කෲෂර් බර්හැම්ටන්...? නැහැ.. ඒක වෙන්න බැහැ..."

මොහොතකට පෙරදී තමාගේ කන වැකුණු ඒ නාමය තවමත් විශ්වාස කල නොහැකි අයුරින් ජිමින් කුඩා දැරියගෙන් පිලිතුරක් බලා හිඳින්නට වූයේ එවැනි කුඩා දරුවෙක් ඔහු වැන්නෙකු දැන සිටීම කෙසේවත් විය නොහැකි දෙයක් නිසාවෙන්..

" 1942 ජූලි 23 වෙනිදා... ඒ කියන්නෙ මීට සති දෙකකට කලින්.. The darken era කියල පත්තරේක හරි අමුතු ආටිකල් එකක් ගියාලු... ඒක නිර්නාමික ලිපියක් උනත් ඒක පුරාම... මන් කියන්නේ... එකේ මුල ඉදන්ම අගට යනකන්ම තිබුණෙ හිට්ලර් ගැන විවේචනයක්...."

"මගෙ දෙවියනේ ආරා....!!"

"මට කතා කරන්න දෙන්න ජිමින්...!!"

කුඩා දැරිය දවස් දෙක තුනකම ඉදන් තම සහෝදරයාට කියන්නට කටපාඩමින් මතක තබා ගත් දෙයට බාධාවීම ගැන හිතේ ඇති වුණු අමනාපයෙන් කියන්නට වූ නමුත් තමාට මොහොතකට පෙර සවනතට වැටුණු දෑ පිලි බඳව හිටියාටත් වඩා ව්‍යාකූලත්වයට පත් වෙමින් සිටි ජිමින්ගේ මුහුණේ ඉරියව් නම් ඒ කුඩා දැරිය නොදකින්නට ඇති බව නම් විශ්වාස ය.. ඈ තව තවත් තම කුඩා අත් පා එහෙ මෙහෙ කරමින් කියන්නට ගිය දෑ මතකෙට ගන්නට වූයේ නොඉවසිල්ලෙනි..

"ඔයා හිතනවද ජෝර්ජියානා ඔයාව පාවල නොදෙයි කියලා..? නාසි සොල්දාදුවෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙන කෙනෙක් විශ්වාස කරන්න තරම් ඔයා මෝඩයෙක් උනේ කොහොමද ජිමින්...?"

ආරා වැඩිහිටියෙකු මෙන් ජිමින් කෙරේ තරවටු කරනා සුළු බැල්මක් යොමු කරන්නට වී නමුත් තම සහෝදරයාගේ මුහුණේ වූ ඒ අපහසුතාවයත් වේදනාවත් දැක බරැති හුස්මක් හෙලන්නට විණි..

Once Again (jikook) || Slow Update Where stories live. Discover now