ජන්කුක්ගේ හමුවීමෙන් දින කිහිපයක් ගත වූවත් තවමත් ජිමින් තරමක දෙගෙඩියාවකින් පසු වූයේ වරින් වර ජන්කුක් තුළින් කිය වු වචන වල අන්තර්ගතව තිබූ අනතුරුදායක ස්වභාවය ඔහුගේ මනස විඩාපත් කරන්නට සමත් වූ නිසාවෙනි.. කෙසේ නමුත් ජන්කුක් නැමැත්තා විශ්වාස කිරිම හෝ නොකිරීම පසෙක ලා තම අවදානය මේ අවස්ථාවේ යොමු කල යුත්තේ තම නිවුන් සහෝදරියන් දෙදෙනාට බැව් ඉවෙන් වගේ ජිමින්ට අවබෝධ වන්නට වූයේ ජන්කුක් හමුවීමෙන් තෙදිනකුත් හෝරාවකුත් ගෙවූ පසුව ය.."ආරා ඉක්මන් කරන්න.. අපි මෙහෙන් යා යුතුයි.."
සියල්ල අවසානයේ තම තාවකාලික නිවහනෙන් නික්මීම අවසන් තීරණය බැව් ජිමින්ගේ හිත පසක් කරන්නට වීය.. හේ අතට හසුවන සියල්ලම පාහේ තම මල්ලක් තුළට බහාලන්නට වූයේ විශාල කලබලයකිණි.. අතැති බඩු බාහරාදිය ජිමින්ටම නොදැනුවත්වම එම කුඩා ඇතැඟිලි අතිරින් ලිස්සා යන ආකාරය වරෙක බලන්නන්හට නම් එක්තරා විදිහක සිත් ගන්නා සුළු දසුනක්ම වීය..
"ජිමින්.. ඇයි..? ඇයි අපි මෙහෙන් යා යුතු... බලන්න.. මේ තැන හරිම ආරක්ෂිතයි.. ඔබටත් මටත් ඈන් හටත් සැඟවී සිටිමටත් පහසුයි.. ඊටත් වඩා මිසිස් ජොන්ස් උනත් ඉන්නවනෙ.. අනික ජන්ක්...."
ආරා තමන්ට වැටහෙන පරිදි තම අදහස් ජිමින්ට අවබෝධ කරලීමට උතසාහ ගත්තේ සැබැවින්ම අන් සියලුද් දෙනාම ඔවුන් සැඟව සිටි වීදියේම සිටියදී තමන් පමණක් මෙයින් පලා යාම අනුවණ ක්‍රියාවක් බැව් ඇගේ සිත වරින් වර පවසන්නට වූ නිසාවෙනි.. ඈ තම අවසාන තුරුම්පුව වූ ජන්කුක් පිලිබඳව සඳහන් කිරීමට උත්සාහ කල ප්‍රධානම හේතුව වූයේ ගතවූ දින කිහිපය තුළ දීම වරින් වර වසා දමා ඇතැයි පිටතට පෙන්වා තිබූ තම පරණ ගරා වැටුණු නිවහන ඉදිරි පිට වූ බඩු මල්ලත් එහි අයිතිකරු පිළිබඳවත් අන් කවරෙක්ටත් වඩා තමා දැනුවත් බැවිනි..
එහෙත් අවසානාවකට මෙන් තම උද්දච්ච වැඩිමහල් පිරිමි සහෝදරයාට යමක් තේරුම් බේරුම් කරලීම බොහෝ අපහසු මෙන්ම කල නොහැක්කක් ලෙස ඈ අත්දැකීමෙන්ම දන්නා දෙයකි...
"ජිමින්...! මේ අහන්න..! මම හිතන්නෙ අපි මිස්ටර් ජන්කුක්ගෙන් මේ ගැන..."
YOU ARE READING
Once Again (jikook) || Slow Update
Fanfiction"නුඹට මමත්... මට නුඹත්.. එලෙස හමු නොවුවා නම්...." _Jeon Jungkook_ 1942 වර්ෂයේ එක්තරා නාසි සොල්දුවෙකුත් දහ අට වියැති කොලු ගැටයෙකුත් එකිනෙක මුණ ගැස්සවූ ඉරණම් කථාවකි... Start :- 2022 / 01 / 26 End :- 🚫Fanfiction only 🚫