"ඈන්.. ඈන්...."
ජිමින් නිවසින් මදක් එපිටින් වූ එලිමහන් පිටියකට ආරාත් සමඟ ගෑටුවේ හිතේ ගින්දරිණි.. මේ ගතවන්නා වූ සමය ආරා ඈන් වැනි යුදෙව් ජාතික දැරියන්ට පමණක් නොව තමා වැනි විදේශීය ආභාෂයක් ඇත්තන්ට මෙන්ම අනෙක් සියල්ලටම පාහේ තීරණාත්මක අවධියක් බැව් හොදින්ම දන්නේ ජිමින් ය.. තමා කොපමණ ඒ බව පැවසූවද ආරාට මෙන් නොව ඈන් හට නම් එහි කිසිදු බරක් පතලක් කිසිසේත්ම නොතේරෙන්නේ මන්දැයි ඔහුට වරෙක සිතා ගත නොහැක්කක් විය..
තමා කොපමණ තේරුම් කිරීමට උත්සාහ කල ද ඉන් ඵලක් නොවූ තැන කරබාගෙන සිද්ද වන්නා වූ දෙයකට මුහුණ දීමට අවසන හේ ඉටා ගත්තේ ඒ කුඩා දැරියට ඈ අවට සිද්ද වන්නාවූ දෑ විස්තර කර ඇගේ සැහැල්ලුවෙන් ගෙවෙනා ළමා කාලය භීතියෙන් මෙන්ම පීඩනයෙන්ද පුරවාලීමට තරම් දරදඬු හිතක් තවමත් ඔහු හට නොමැති නිසාවෙන් ය.. එහෙත් එක කුස ඉපදී ආරාත් ඈන් මේ ලෙස පරස්පර විරෝධි වීම නම් ජිමින් කිසි විටෙකත් අපේක්ෂා නොකළේ ය..
ආරාත් ඈන් අතරත් ඇත්තේ මිනිත්තු කිහිපයක පරතරක් වුවත් ඔවුන් දෙදෙනා මෙලෙස පරස්පර වීම සෑම විටම පාහේ ජිමින්ට හිසරදයන් ඇති කිරීමට තරම් සමත් වූ දෙයකි.."ඈන්.. ඔය ඇති.. අපි දැන්ම මෙහෙන් යන්න ඕන.. ඈන් මෙහෙ එන්න.. දෙවියනේ මේ දරුවා නම් හරිම මුරන්ඩුයි...!"
තමා කියූවක් නෑසුනාක් මෙන් තවත් කිහිප දෙනෙකු සමඟ තමාගෙන් තව තවත් ඉවතට ඇදෙන ඈන් දෙස ජිමින් බලා හිදින්නට විය.. ඒ දසුන ජිමින්ගේ සිත තවත් පාරවන්නට වූයේ සෑම දරුවෙකුටම පාහේ ලැබිය යුතු නිදහස් ළමා කාලය ඔවුන් අතරින් ගිලිහී ඇති බැව් තම සිත තමාටම තදින්ම පවසන්නට වූ නිසා වෙන්ද එසේත් නොමැති නම් ඔවුනගේ සාමකාමී ජීවිතය උඩු යටිකුරු කරමින් තමා සිදු කළ ඒ අනුවණ ක්‍රියාවන් නිසාවෙන්ද යන්න ජිමින්ට පවා එම මොහොතේ තේරුම් කළ නොහැක්කක් වීය...
මේ සියල්ලටම හේතුව තමාගෙ හිතුවක්කාරකම් ද .. නොඑසේ නම් හිට්ලර් නම් වූ ඒකාධිපති පාලයකයාගෙ බලල තණහවදැයි තවමත් ජිමින්ගේ තරුණ හිතට නොතේරෙන්නකි.. අසාදාරණයට එරෙහිව තමා කල දේ වරෙක ජිමින්ට සර්ව සාදාරණ මෙන්ම තමා සතු අයිතියක් බව හැඟී ගියත් ඒ හේතුවෙන් ආරාගේත් ඈන්ගේත් දෙමාපියන්ගේ අහිමි වීම ජිමින්ට දරා ගත හැකි මට්මේ නොවූණි..
YOU ARE READING
Once Again (jikook) || Slow Update
Fanfiction"නුඹට මමත්... මට නුඹත්.. එලෙස හමු නොවුවා නම්...." _Jeon Jungkook_ 1942 වර්ෂයේ එක්තරා නාසි සොල්දුවෙකුත් දහ අට වියැති කොලු ගැටයෙකුත් එකිනෙක මුණ ගැස්සවූ ඉරණම් කථාවකි... Start :- 2022 / 01 / 26 End :- 🚫Fanfiction only 🚫