හිතුවක්කාර ජිමින්

97 21 10
                                    

ඈන් කී කිසිත් නාහා ජිමින් ඒ නාදුනන පුද්ගලයා වෙත වේගයෙන් ගමන් කරන්නට විය.. තම කුඩා සහෝදරිය රවටා ගැනීමට උත්සාහ කරනා තමාට වඩා තරමක් උසැති එමෙන්ම තමාට වඩා තරමක උස මහතකින් යුතු මෙම තැනැත්තා ගැන දුටු මුල් වරෙදීම පවා ජිමින්ගෙ හිතේ ඇති වූයේ අමනාපයකි..

එසේම මේ ගෙවෙන්නා වූ දින වල ජිමින් තේරුම් ගත් දෙයක් වී නම් ඒ.. තරුණ වයසේ පසුවන ගැහැණු ළමුන් මෙන්ම ඈන්, ආරා වැනි කුඩා ගැහැණු ළමුන් පවා නාසි සොල්දාදුවන්ගේ තියුණු ඇස් වලින් මඟ හරවා රැක බලා ගැනීම කොතරම් දුෂ්කර ද යන්නයි.. කුඩා සියුම් මල් පෙත්තක් බඳු දරුවන් නාසි සොල් දාදුවන්ගේ රළු මෙන්ම අශිලාචාර අවශ්‍යතා හමුවේ අකාලයේ පරව යන අයුරු ජිමින් තම කුඩා ජීවිත කාලය තුල තම අතැඟිලි ගණනටත් වඩා දැක ඇති බැව් ඔහුට මතක් වන්නට වූයේ ඒ අතර වාරයේදී ය.

තමා හිට්ලර්ටත් නාසින්ටත් උන්ගේ හෙන්චයියන්ටත් මෙතරම් වෛර කරනුයේ එනිසාම බැව් වරෙක ඔහුගේම හිත කියන්නට වීය.. නමුත් එය එකම හේතුව නොවන බැව් දන්නේ ඔහුම පමණි..

ජිමින් ඒ නන්නාදුනන්නා වෙත තබන එක පියවරක් පියවරක් පාසා ජිමින්ගේ හිත ව්‍යාකූල වන්නට වූයේ ඔහුගේ සිතට නොනවත්වාම පැමිණෙන ඒ සිතිවිලි හේතුවෙනි.. ඒ මොහොත වන විටත් තම සිතිවිලි එකෙනක පැටලී තිබූ නමුත් ජිමින් මදකට ඔහුගේ ගමන නවතා තම ඉදිරියෙන් වූ රූපයේ අයිතිකාර තැනැත්තා වෙත තරමක අවදානයෙන් බලන්නට විය..

ඔහු ජිමින්ට වඩා තරමක උසැති සාමාන්‍ය පෙනුමැති පුද්ගලයෙකු වු අතර කිසිදු විශේෂයක් නොපෙන්වන සාමාන්‍ය ඇදුමකින් සැරසී සිටියේ ය. පාවහන් යුගලද පවා සාමාන්‍ය ඒවා වීම ජිමින්ගේ සිතෙහි ඔහු පිලිබඳව කිසිදු සැකයක් ඉස්මතු නොකලේය.. එහෙත් මෙදින හිට්ලර්ගේ සේවකයින් පවා සාමාන්‍ය ඇදුමින් සැරසී ගමන් බිමන් වල යෙදෙන බවට තමන්ට ආ කටකතාව හේතුවෙන් තවමත් ඒ පුද්ගලයා වෙත විශ්වස දායක බැල්මක් නොහෙලන්නට ජිමින් තීරණය කලේය..

තවත් මිනිත්තුවක් දෙකක් ගතවූ තැන ජිමින්ගේ ඇස් ගමන් කරන්නට වූයේ ඔහු පැලදි කලු පැහැති වටකුරු තොප්පියත් අතෙහි වූ එම වර්ණයෙන්ම යුතු තරමක දිගැති කුඩයත් වෙතය.. යන්තමින් දෙතොල් පමණක් නිරාවරණය වූ එම හිස් වැස්ම මෙකල ජනප්‍රිය විලාසිතාවක් වූ නමුත් තමාට තවමත් ඒ විලාසිතාව නුරුස්සන්නෙ මන්දැයි ජිමින් මොහොතක් කල්පනා කලේය.

Once Again (jikook) || Slow Update Where stories live. Discover now