"ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ.."
කදුලු අතරින්ම ජිමින් හෙමීට කියද්දි ටේහියුන්ට අමුතු හැගීමක් දැනුනා.
"එ..ඒ කිව්වේ.."
ටේහියුන් ටිකක් නොසන්සුන් වුනේ නොදැනුවත්වමයි.
"හ්‍යුන්ග් මේ වෙද්දි ඩොක්ටර් කෙනෙක් වෙලා ඉන්න ඕන..ඒත් ඒක එහෙම උනේ නෑනේ...එයාට දැන් අවුරුදු විසි පහක් වෙනවා.."
"මගේ වයසෙද..අහ් මං කිව්වේ මාත් ඔයාගේ හ්‍යුන්ගේ වයසෙමයි.."
"අනේ මගේ හ්‍යුන්ටත් ඔයා වගේ වෙන්න පුලුවන් උනානම් එයත් අද ඔයා වගේම ඉදී නේද?...මම අන්ධයි තමයි ඒත් මට ඒක මොනතරම් සතුටක්ද කියලා දැනෙනවා..හ්‍යුන්ග් කොච්චර සතුටු වෙයිද..හ්‍යුන්ග් සතුටින් ඉන්න හැම වෙලාවකම එයා මාව තුරුල් කරන් ඉන්නවා..."
ජිමින් ලස්සනට හිනාවුනේ කදුලු වලින් තෙත් වෙලා තිබුන පිරුනු රෝස පාට කම්මුල් පිම්බිලා කියාගන්න බැරි තරන් ලස්සනක් වගේම හුරතල් පාටක් පෙනෙද්දි...
"ඉතිං ඇයි ඔයාගේ හ්‍යුන්.."
"ඇත්තටම මම මුකුත් දන්නෙ නෑ...අවුරුද්දකට කලින් ඔම්මා අපිව දාලා ගිය දවසේ ඉදන් හ්‍යුන්ග් මාව බලාගත්තා...උදේට දවල්ට රෑට මුලු දවසෙම හරියට කන්නෙ බොන්නෙවත් නැතුව වැඩ කරනවා මාව සනීප කරන්න...එයා මට නොකිව්වට මං ඒක හොදටම දන්නවා...මෙච්චර හොදට ඉගෙන ගෙන මෙච්චර දුර ආවට පස්සෙත් එයා ආපහු හැරුනේ ඇයි කියලා මම දන්නෙ නෑ හ්‍යුන්ග්...කොලේජ් යන එක විතරයි එයාට කරන්න තිබ්බේ එහෙනම් එයා දැන් ඩොක්ටර් කෙනෙක්...මම නිසයි හ්‍යුන්ග්ට මේ හැමදේම උනේ..."
ජිමින් ආයිත් අඩන්න ගත්තා.ටේහියුන් ජිමින්ව එයාගේ පපුවට තුරුල් කරගත්තේ ගොඩක් ආදරෙන්..
"අඩන්න එපා ජිමින්..කිසිම දෙයක් හිතේ හිරකරගෙන ඉන්නත් එපා..මම දන්නවා ඔයා මේ හිතේ තියෙන දේවල් හ්‍යුන්ග් එක්ක කියන්නෙත් නෑ කියලා..ඉතිං මට කියන්න හැමදේම..මං ඔයාව අහගෙන ඉන්නේ.."
"කොලේජ් යන එක ගැන කතා කරන්නවත් හ්‍යුන්ග් කැමති නෑ..මට හිතෙනවා කොලේජ් එක මතක් කරනකොට හ්‍යුන්ග් අඩනවද කියලත්...මට දවසක් හොදටම ඇහුනා හ්‍යුන්ග් අඩනවා වගේ..ඒ නිසා මං ආයිත් හ්‍යුන්ග් එක්ක ඒ ගැන කතා කලේ නෑ...ඇත්තටම මේ වගේ හොස්පිට්ල් එකක ඉන්දලා මට බෙහෙත් කරන්න තරම් හ්‍යුන්ට සල්ලි නෑ..නොපෙනුනත් මම දන්නවා මේක මොන වගේ හොස්පිට්ල් එකක්ද කියලා..ඒත් කොහොමහරි ඉක්මනට මාව සනීප කරනවා...හ්‍යුන්ග් ඉක්මටනම ඒක කරනවා කියලා තමයි නිතරම කියන්නේ..ඒත්"
ජිමින්ගේ කටහඩ ටිකක් වෙව්ලන්න ගත්තා.එකපාරම හිතට දැනුන වේදනාවක් නිසා ටේහියුන් කලබල වුනා..ජිමින් කියන්න ගියේ මොකද්ද කියලා ටේහියුන්ට දැනගන්නම ඕන වුනා..
"ඇයි ඒත්...ඒත් කිව්වේ ඇයි ජිමින්.."
"ඒත් මට දැනෙනවා හ්‍යුන්ග් ඉන්නෙ හොදින් නෙමෙයි කියලා...දවසක් හ්‍යුන්ග් වැඩ කරන තැනක යාලුවෙක් එයාව ගෙදර එක්කන් ආවා..මට ඇහුනා එයා කියනවා පුලුවන් තරන් ඉක්මනට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න කියලා..එයා ඒක කිව්වේ ගොඩක් බරපතල විදියට කියලත් මට තේරුනා...ඒත් මම කොච්චර ඇහුවත් එයා කියන්නේ එයා හොදින් කියලා...හැමදාම වගේ රෑට මට ඇහෙනවා හ්‍යුන්ග් ගොඩක් සද්දෙන් හුස්ම ගන්නවා..මහන්සි නිසා කියලා බොරුවක් කියලා මගේ හිත හදනවා..ඒත් ඒ දේවල් සාමාන්‍ය දේවල් නෙමෙයි නේද හ්‍යුන්ග්...මගේ හ්‍යුන්ග් හොදින් නෙමෙයි නේද..එයා..එයා මට බොරු කියන්නේ...මට හොදටම දැනෙනවා එයා හොදින් නෙමෙයි කියලා..මට ගොඩක් බයයි ටේටේ හ්‍යුන්ග්...මගේ හ්‍යුන්ග්ට මුකුත් වෙන එකක් නෑ නේද.."
හදවතට දැනුන කාලයක් තිස්සේ හිරකරන් හිටපු වේදනාව වචන වලින් ටේහියුන්ට කිව්වේ පිරුනු කම්මුල් දිගේ එකදිගට ජිමින්ගේ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටෙද්දි...
හැමෝම ඉස්සරහ කොච්චර ශක්තිමත්ව ඉන්න උත්සහ කලත් ටේහියුන් කියන්නෙත් ගොඩක් සංවේදී කෙනෙක්..ඒ නිසාම ජිමින් කියපු දේවල් එයාගේ හිතට ලොකු වේදනාවක් ගෙනාවේ ඇස් දෙක කදුලු වලින් බොද වෙලා යද්දි...
ඔන්න🙂
ආයේ අවුරුද්දකින් දෙන්නම් අප්ඩේට්😌
YOU ARE READING
Sacrifice for love || VMIN [ Completed ✔]
Fanfictionආදරය යනු ලබාගැනීමට වඩා කැපකිරීමක්... ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කලින් දැනගෙන හිටියනම් අදටත් මට ඔයාගේ ලගින්ම ඉන්න තිබුනා...