Chapter 14

354 97 7
                                    

"හ්‍යුන්ග්..."

"ඔහ් ටේ...ඔයා දැන්ද ආවේ..මේ"

ටේ නිහඩවම හෝසොක්ට තුරුල් වුනා.

"ටේ ඇයි මේ...මොකද උනේ??"

"මට එයාව හම්බවුනා හ්‍යුන්...මට හිතාගන්න බැරිඋනා මේ ඇත්තමයි ඒ එයාමයි හ්‍යුන්...මගේ කුකී"

"මට සතුටුයි ටේ...ඔයා සතුටින් ඉන්නවනම් මට ඒ ඇති.."

කාලය ගතවුනේ හිතාගන්නවත් බැරි තරම් වේගෙන්...ජන්කුක් මොනතරම් ටේගෙන් ඈත් වෙන්න උත්සහ කලත් ටේගේ හදවත පොඩි වෙලාවකටවත් ජන්කුක්ගෙන් ඈත් වුනේ නැති තරම්...

ජන්කුක් වුනත් නිතරම ටේව ආදරෙන් බලාගත්තේ කොච්චර උත්සහ කලත් ටේ වෙනුවෙන් හිතේ තියෙන ආදරේ කිසිම දෙයක් නිසා වෙනස් කරන්න බැරි නිසා..

"මගේ හ්‍යුන්ග් දැන් එනවා නේද??"

රිපෝට්ස් වගයක් අතේ තියන් ඉදපු ටේගේ අවධානය තමන්ට ගන්න ගමන් ජිමින් ඇහුවා.

"එයා දැන් වෙනකොට එන්න ඕන ජිමින්...බය වෙන්නෙපා හ්‍යුන්ග්ට අද ගොඩක් වැඩ ඇති..."

ජිමින්ව සනසන්න එහෙම කිව්වත් කවදාවත් නැතුව ටේගේ හිතත් අද හොදටම කලබල වෙලා තිබුනෙ...

ඇත්තටම කුකී ඔයා කොහෙද අනේ...ඇයි ෆෝන් එක ආන්සර් කරන්නෙ නැත්තේ🥺
වෙලාව යන්න යන්න ටේ හොදටම නොසන්සුන් වුනා..බෙහෙත් නිසා ජිමින්ට නොදැනුවත්වම නින්ද ගියා..

"ඩොක්ටර් ටේහියුන්...ලොකු හදිස්සියක්..."

කලබලෙන් දුවගෙන ආව නර්ස් කෙනෙක් ටේහියුන් ලග ඉදගෙන හති දානකොට ටේහියුන් ඇය දිහා බලන් හිටියේ පුදුම වෙලා..

"ඩොක්ටර්...හදිස්සියෙම හාර්ට් පේෂන්ට් කෙනෙක්ව ඇඩ්මිට් කලා...එයාට ටිකක් අමාරුයි වගේ...ඔයාව මුනගැහෙන්න ඕන කියනවා"

"මාව...එයා මාව දන්නවද...හරි යමු"

ICU එකේ දොරත් ඇරගෙන ඇතුලට ගිය ටේගේ කකුල් පන නැතුව ගියේ ඇද උඩ මැශින් වලට වටවෙලා ඉන්න ජන්කුක්ව දැකලා...ටේ ජන්කුක්ට ලංවෙනවත් එක්කම ජන්කුක් ලස්සන හිනාවකින් ටේ දිහා බැලුවා.

"මගේ ජිමින්ව සනීප කරනවා නේද ටේ??"

"කුකී..අනේ ඇයි මේ??...මොකද උනේ ඔ..ඔයාට...මට බය හිතෙනවා"

ජන්කුක්ගේ එක අතක් පපුවට තුරුල් කරන් ටේ හොදටම අඩන්න ගත්තේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව...

"ටේ මේක හොදට අහන්න මැණික...මට සමාවෙන්න ඔයාට රිද්දුවට...ඔයාගෙන් ඈත් වුනේ ආදරේ නැතුව නෙමෙයි.."

ජන්කුක් අමාරුවෙන් කතා කරනවා බලන් ඉන්න බැරි නිසා ටේ ජන්කුක්ගේ කට එයාගේ අතින් වැහුවා..ඒත් ජන්කුක් හෙමීට ටේගේ අත අයින් කරලා ආයිත් කතා කරන්න පටන් ගත්තා.

"මට කවදහරි යන්න වෙනවා කියලා මම දැනගෙන හිටියෙ ටේ...ඔයා ම..මට සමාව දෙ..දෙනවා නේද...මේ මට ඔයත් එක්ක ක..තා කරන්..න වෙන අන්තිම ව..තාව වෙන්නත් පු..ලුවන්...ඒ නිසා මා..ව නවත්තන්න එ..එපා...ප්ලීස් අහන් ඉ..න්න...මගේ පලවෙ..නි වගේම අ..අන්තිම ආදරෙත් ඔයා විතරයි ටේ...මං ආදරෙයි මගේ රෝස මලට...මගේ ජිමින්ට මගේ ඇස් දෙකෙන් බ..ලන්න දෙන්න ටේ...ඔ..ඔයාට පුලුවන් නේද මං වෙනුවෙන් ඒක කරන්න...කියන්නකෝ...මගේ ඇස් දිහා බලාගෙන මගේ ජි..මින් හිනාවෙනවා ම..ට බලන්න බැරිවෙයි ටේ..එ..ඒත් එයා මගේ ඇස් වලින් කවදහරි ල..ස්සනට හිනාවෙයි...මගේ ජිමින්ව බලාග..න්නවද ටේ..ම...මං වෙනුවෙන්...මං නැතුව එ..යා තනිවෙයි...හ්‍යුන්ග්ට සමාවෙන්න කිය..ලා එයාට කියන්..න...ටේ ඔයා...ඔහොම අඩන්න එපා...අඩනකොට ඔ..ඔයා කැ..තයි..."

"අනේ කුකී ඔයාට මුකුත් වෙන්නෙ නෑ...කතා කරන්න එපා ඔයාට මුකුත් වෙන්නෙ නෑ"

ටේ අඩ අඩම ජන්කුක්ගේ පපුවට තුරුල් වුනේ ජන්කුක් ටේගේ කම්මුල් දිගේ ගලාගෙන යන කදුලු හෙමීට පිහිදාලා ලස්සනට හිනාවෙද්දි...

ජන්කුක් ටේගේ මූන අත අතරට අරන් ඒ සිනිදු තොල් සිපගත්තේ ගොඩක් ආදරෙන්..

එහෙමම ආයිත් ජන්කුක්ගේ උනුහුමට ගුලිවුන ටේට ටික වෙලාවකින් වෙනසක් දැනුනේ මුලු හදවතම විලාප දෙමින් කෑගහද්දි...ඔව් ඒ ජන්කුක් හුස්ම ගන්නෙ නෑ කියලා..

හායී ලමයී🙂

සමාවෙන්න ඕන...ඔයාලගේ ඕතර්ගේ ස්ටෝරි එක මේ..මම දන්නෙ නෑ මුකුත් මං අහිංසකයි☹️

දිගටම කියවන්න...මටත් දුකයි 😭

Sacrifice for love || VMIN [ Completed ✔]Where stories live. Discover now