"ජිමින් මේ අහන්න..අපි ඉක්මනට සනීප වෙමු හොදද බය නොවී ඉන්නකෝ..දැන් ඔයාගේ හ්‍යුන්ග් එනවා නේද ඒ නිසා ඔහොම දුකින් ඉන්න එපා...හ්‍යුන්ග් මෙච්චර දේවල් කරන්නෙ ඔයාගෙ සතුට වෙනුවෙන්නේ ඔයා එයාගේ ලගින් ඉන්නකොට පුලුවන් තරම් සතුටින් ඉන්න ඕන..හරිද"
ජිමින්ගේ කදුලු පිහිදානගමන් ටේහියුන් ගොඩක් ආදරෙන් ජිමින්ට කියලා දුන්නා.ජිමින් හරිම ලස්සනට ටේහියුන්ගේ අත් දෙකෙන්ම අල්ලගෙන හිනාවුනේ හැමදේටම ස්තූති කියන්න වගේ..
"අහන්නකෝ ජිමින්...මටත් ඉන්නවා ගොඩක් හොද හ්‍යුන්ග් කෙනෙක්...හැබැයි ටිකක් තරහ යනවා එයා කියන දේ ඇහුවේ නැති උනොත්..ඇත්තම කිව්වොත් මම තාමත් එයාගෙන් ගුටි කනවා😒"
ජිමින් හිනාවුනා නෙමෙයි හිනාගියා...ටේට පොඩ්ඩක් ලැජ්ජ හිතුනත් ජිමින් හිනාවෙනකොට හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.
"මං ඉක්මනට එන්නම් ජිමින්.."
ටේහියුන් ගෙදර යන්න පිටත් වුනේ හෝසොක් එක දිගට බලකරපු නිසාමයි..ඒත් ජිමින්ව දාලා යන්න ටේට හිත දුන්නෙම නැති හේතුව එයාටවත් තේරුනේ නැහැ...ජිමින් ලගදි හුරුපුරුදු බවක් දැනුනත් ඒ මොකක්ද කියලා ඔහුට තේරුම් ගන්න බැරිඋනා.
"දැන්ද එන්නේ ආ??..මෙච්චර වැදගත් දවසක් අමතක කරාද ටේ"
"අයියෝ අමතක නෑ හ්‍යුන්ග්.."
ජිමින් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ එයා අහන්න ආසම කටහඩ ඇහෙනකන්...එයා ගොඩක්ම ආදරේ කරන ඒ කෙනාගේ වැඩුනු අත් වලින් ජිමින්ගේ සිනිදු රෝස පාට කම්මුල් හෙමීට පිරිමදිනකන්...
"මගේ චිමී..."
"හ්‍යුන්!...ඔයා හරිම නරකයි අනේ මං කොච්චර බලන් හිටියද"
මේ තරම් වෙලාවක් මග බලන් ඉදපු කෙනාගේ කටහඩ ඇහෙනකොට ජිමින්ගේ හිතට ලොකු සතුටක් වගේම සැනසීමක් දැනුනා...ඒ කටහඩ ඇත්තටම ගොඩක් ආදරණීයයි...කියාගන්න බැරි තරම් සන්සුන් බවකින් පිරිලා තිබුනා.
"හ්‍යුන්ට අද වැඩ ගොඩාක් තිබ්බනේ ඉතිං...නැත්තන් මං මගේ චූටි මල්ලි ලගටම වෙලා ඉන්නවා ඇත්තමයි..."
"අනේ හ්‍යුන්...ඔයා ගොඩක් මහන්සි වෙනවනේ...හැමදේම මං නිසා..මගේ ඇස් දෙක පෙනුනනම් මම හ්‍යුන්ට තනියම ඔච්චර මහන්සි වෙන්න දෙන්නෙ නැහැනෙ.."
ජිමින් යටි තොලත් කනපිට පෙරලන් හරිම හුරතල් විදියට කිව්වේ ගොඩක් දුකින්...
"අනේ ඇත්තට...මගේ චූටි මල්ලි දැන් ලොකු වෙලානේ...ඉන්නකෝ දැන් ඉක්මනට ඇස් දෙක සනීප කරාට පස්සේ හ්‍යුන්ව බලාගන්නවද කියලා බලන්න බැරිය..."
"මම විහිලුවක් නෙමෙයි අනේ කලේ.."
"හරි හරි ඉන්නකෝ..මේ පලතුරු ගෙනාවා ඔයා ආසයිනේ...මම ඉක්මනට ඩොක්ටර් ඉන්නවද බලලා එන්නම්"
සද එලියෙන් වගේම තරු කැට වලින් පිරී තිබුන රාත්‍රී අහස දිහා ටේහියුන් බලන් හිටියේ කදුලු පිරුනු දෑස් වලින්...මොනතරම් සතුටින්, විහිලුවෙන් ලෝකය ඉස්සරහ ජීවත් වෙන්න උත්සහ කලත් හැමදේම පැය ගානකට විතරක් සීමා වුනා.
"ටේ එන්න..රෑ 10 ත් වෙලා.."
"අහ් හා හරි හ්‍යුන්..අපි යමු.."
"ටේ ඔයා හොදින්ද??..ඇයි මේ..තාමත් එයා ගැන හිතනවද ඔයා?"
"මං දන්නෙ නෑ හ්‍යුන්...එයා කොහෙද කියලවත් අඩුගානේ...අඩුගානේ කොහෙහරි හොදින් ඉන්නවා කියලාවත් මට දැනගන්න තිබ්බොත් හොදටම ඇති..හෙට එයාට ගොඩක් විශේෂ දවසක්..මට එයාගේ ලගින් ටික වෙලාවක් ඉන්න තිබුනත් ඇති..එ..එයාට කවුරුත් නෑ හ්‍යුන්"
ටේගේ සිනිදු කම්මුල් දිගේ කදුලු බේරුනේ මුලු හදවතටම දරාගන්න බැරි තරම් වේදනාවක් ඇතිකරද්දි...
"ටේ අහන්නකෝ...අවුරුදු කීයක් ගියාද...එයා එන්නෙ නෑ ටේ...දැන් අඩන්න එපා...ඔම්මයි අප්පයි පහල අපි එනකන් බලන් ඉන්නවා...අදට එයාලා මැරි කරලා අවුරුදු තිහක්...අද එයාලා එක්ක පුලුවන් තරම් සතුටින් ඉන්න ප්ලීස්..එන්න දැන් යමු තව පැය දෙකකින් දවසත් ඉවර වෙනවා..ඔයා දැන් මෙතන හරියට අඩන්න ගත්තොත් ඊලග ඇනිවසරි එක සමරන්න වෙන්නේ.."
"අනේ යන්න හ්‍යුන්...මං තරහයි"
"හරි හරි කමක් නෑ ඉතිං...ඒකත් ලොකු දෙයක් හැබැයි..මෙන්න මෙහෙ එනවා යන්න.."
"යා හ්‍යුන්!!!..."
කොහොමද ලමයි😌
කාලෙකින් නේද..ඔන්න දුන්නා ඉතිං
කමෙන්ට්ස් ඕන අනේ ☹️
Vote කරන්න ඉතිං මම පව්නේ🙂
YOU ARE READING
Sacrifice for love || VMIN [ Completed ✔]
Fanfictionආදරය යනු ලබාගැනීමට වඩා කැපකිරීමක්... ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කලින් දැනගෙන හිටියනම් අදටත් මට ඔයාගේ ලගින්ම ඉන්න තිබුනා...