"ජිමින් මං අද ඔයාගේ ලගින් ඉන්නම්...ඔයා දැන් නිදාගන්නකො"
"ඩොක්ටර් හිටියද හ්යුන්.."
"අහ් නැහැනෙ...උදේට බලමු අද මං කොහොමත් ඉන්නවනේ.."
"අනී මට කියන්න අමතක උනානේ හ්යුන්...ඩොක්ටර් වේලාසනින් ගෙදර ගියානේ..එයත් හරිම හොද හ්යුන් කෙනෙක් අනී..."
"අනී ඇත්තද...හා හා දැන් හොදටම රෑ වෙලා...නිදාගන්න.."
"හරි හ්යුන්...ගුඩ් නයිට්!.."
"ගුඩ් නයිට් ජිමින්.."
ඇයි දන්නෙ නෑ ජිමින්...අද මට ලොකු අමුත්තක් දැනෙනවා...මට ලොකු පාලුවක් තනිකමක් දැනෙනවා..ඔයාගෙ ලගින් ඉන්න ඕන මට..
ජන්කුක්ට දැනුනේ තේරුම් ගන්න බැරි අමුතු හැගීම් ගොඩක්.."ඔම්මයි අප්පයි ගොඩක් සතුටු උනා නේද හ්යුන්..."
"ඒකනේ ටේ...හැමදේම හොදට උනා..අපි දැන් නිදාගමු දොලහත් පහුවෙලා..මට අද හරි මහන්සි එන්න ඔයත් අද මං එක්ක නිදාගමු"
"මට නිදිමත නැහැනෙ හ්යුන්...මම ඉක්මනට හොස්පිට්ල් එකට ගිහින් එන්නම්...වේලාසනින් ආපු නිසා තව කරන්න වැඩ වගයක් තියෙනවා.."
"ටේ ඒත් මේ දැන්..හොදටම රෑ වෙ.."
"අනේ බය වෙන්නෙපා හ්යුන්..දැන් ගිහින් මම පාන්දර එන්නම්...ඔයා දැන් නිදාගන්න.."
"හ්ම්ම් හරි..ඒත් ඔයා ඕකත් ඇදගෙනද යන්නෙ ටේ...ඔය ඇදුමට ඔයා කෙල්ලෙක් වගේ"
"කමක් නෑ..මගේ පේශන්ට්ගේ ට ඇස් පේන්න ගත්තට පස්සේ මම කොල්ලෙක් වගේ ඇදන් යන්නම්කෝ හි හී...මේ වෙලාවේ වැඩිය කවුරුත් නෑ..."
"පරිස්සමෙන් ටේ.."
ටේට දැනුන තනිකම, දුක, පාලුව නිසාම ඔහුට ජිමින් ලගට යන්න හිතුනේ හේතුවක් නැතිවමයි...
ටේහියුන්ගේ සුන්දරත්වයට සමාන කරන්න දෙයක් නැති තරම්..ඔහු ඇදගෙන ඉන්න දුහුල් සේල කමීසයේ වී හැඩයට කැපී තිබූ කර නිසා ඔහුගේ කිරි පාට සම හොදින්ම කැපී පෙනුනා..තනිකරම සුදු පැහැයෙන් සැරසී සිටි ඔහුගේ ගෙලෙහි තිබූ තද නිල් මැණික් ගලකින් යුත් සිහින් රිදී මාලය හා තරමක් දිගට වැවී මුහුනට අකීකරු ලෙස වැටී තිබුනු සිනිදු හිසකෙස්
ඔහුට ඕනම කෙනෙක් වශීවෙන පෙනුමක් ලබා දුන්නා..
රෝහල තුලදී පවා කිසි කෙනෙකුට ඔහුගෙන් තමන්ගේ දෑස් ඉවතට ගැනීමට නොහැකි වුනා.."එයාට වෙලාවට බෙහෙත් දුන්න නේද...එයා මේ වෙලාවේ මොකද කරන්නේ??"
" ඔව් මම එයාට බෙහෙත් ටික හරියට දුන්නා ඩොක්ටර්...මං හිතන්නේ අද එයාගේ හ්යුන්ග් එයා එක්ක නැවතිලා ඉන්නවා..ඕනනම් මං කතා කරන්න.."
"අහ් නෑ නෑ එපා..නර්ස් දැන් ගිහින් රෙස්ට් කරන්න...ගොඩක් ස්තූතියි ඔයාට.."
"අනේ ඒක මගේ ඩියුටි එකනේ ඩොක්ටර්...මං ගිහින් එන්නම්.."
ටේහියුන් හෙමීට දොරත් ඇරගෙන ජිමින් අසලට ලංවෙද්දි දැක්කේ හුරතල් විදියට ගුලිවෙලා ඇදේ නිදාගෙන ඉන්න ජිමින්වයි ජිමින්ගේ අතක් පපුවට තුරුල් කරන් ඇද ලගම තියෙන පුටුවේ වාඩිවෙලා ඇදට ඔලුව තියන් නිදාගෙන ඉන්න ජිමින්ගේ හ්යුන්වයි...
ටේහියුන් එතනින් යන්න ගියත් නොහිතපු විදියට ටිකක් සද්දෙන් දොර වැහුන නිසා දෙන්නටම එකට ඇහැරුනා..
"නර්ස්...දැන් මෙතන ඉදලා එලියට ගියේ.."
"අහ් ඒ තමයි මේ පේශන්ට් බාරව ඉන්න ඩොක්ටර්.."
"අහ් ඔකේ...තෑන්ක්ස්"
ටේහියුන් හෙමින් හෙමින් කොරිඩෝ එක දිගේ ඇවිදන් යද්දි තමන් ලගට අඩි සද්දයක් වේගෙන් ලං වෙන බවක් ඔහුට දැනුනා.
"ඩොක්ටර් පොඩ්ඩක් ඉන්න...මං කලින් ඩොක්ටර්ව මුනගැගෙන්න ආවත් ම..."
ටේට ඇහුන ඒ කටහඩ...ටේගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා..ඔහු එකවරම ඔහුගේ පිටුපසින් ඇසුන කටහඩේ අයිතිකාරයාගේ පැත්තට හැරුනා..
"කු..කුකී"
ටේ ගොඩක් අමාරුවෙන් ඒ වචනේ කටින් පිටකරත් තමන්ගේ හුස්ම හිරවීගෙන එනවා වගේ ඔහුට දැනුනා...සිනිදු කම්මුල් රතු පාට කරමින් කදුලු කැට එකදිගට තරගෙට කඩාගෙන වැටුනා...
"ඔ..ඔයා"
ජන්කුක්ගෙ මුලු හදවතම වේදනාවෙන් කෑගසද්දි නිහඩවම ඔහු ඇස් පිය නොහෙලා තමන්ගෙ ඉස්සරහ කදුලු බේරෙන දෑස් වලින් ඔහු දිහා බලන් ඉන්න ලස්සන සුරදූතයා දිහා බලන් හිටියේ අවුරුදු ගානක් සගවන්න හදපු තමන්ගේ හැගීම් වලින් මුලු හදවතම වැසී යද්දි...
හායී😌
කමෙන්ට් එකකුත් දාගෙන යන්න....💕
YOU ARE READING
Sacrifice for love || VMIN [ Completed ✔]
Fanfictionආදරය යනු ලබාගැනීමට වඩා කැපකිරීමක්... ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කලින් දැනගෙන හිටියනම් අදටත් මට ඔයාගේ ලගින්ම ඉන්න තිබුනා...