Chapter 24

301 91 6
                                    

රියාගේ වැඩවලට හිනාගිය ජිමින් රියාගේ කොන්ඩෙත් අවුස්සලා ලස්සනට හිනාවුනේ ඉරිසියාවෙන් පිරුන ඇස් දෙකකින් තව කෙනෙක් එයාලා දිහා බලන් ඉන්නකොට..

"හියුන්.."

"කියන්න රියා.."

"හියුන් ඔයා ගොඩක් ලස්සනයි.."

රියා එකපාරටම කියපු දේ නිසා ජිමින්ට පොලොව පලන් යන්න හිතෙද්දි ටේට හිතුනේ රියාව උස්සලා පොලොවෙ ගහන්න..

"ජිමින්!!...එනවද නැද්ද??"

ටේ කෑගැහුවේ ජිමින් රියා දෙන්නම ගැස්සිලා යද්දි කිසිම හේතුවක් නැතුව.."

"හ්..හරි හරි ඉවරයි...යමු.."

"ඉවරයි..ඉවරයි තමයි යන්කො ගෙදර...යකෝ මේ මොන විකාරයක්ද මේ.."

ටේ ගස්සගෙනම එතනින් යද්දි ජිමින් බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව..

ගෙදර යනකන්ම ජිමින් එක්ක වචනයක්වත් කතා කලේ නැති ටේ කාර් එක නතරකරපු ගමන් බැහැලා හයියෙන් දොරත් වහලා ගියේ ජිමින් ඇසුත් ලොකු කරන් බලන් ඉන්නකොට..

"මෙයාට මොනා වෙලාද??මම ගස්සන්න ඕන හරිනම්..මට ගස්සන්නෙ"

ජිමින් තනියෙන් කිය කියම ඇතුලට ගියා...කුස්සිය ටිකක් අස් කරලා එහෙම්ම කෑමත් හදපු ජිමින් ටේව හොයාගෙන ගියේ උඩට ගියා ගියාමයි ආයිත් පැත්ත පලාතක ආවේ නැති නිසා..

"ටේ ඔයා නිදිද??"

"ලොකු ශර්ට් එකක් එක්ක ලොකුම ලොකු කලිසමකුත් ඇදගෙන ඇදේ හාන්සි වෙලා අනිත් පැත්ත හැරිලා ඉන්න ටේ ලගට ජිමින් හෙමීට ලංවුනා..

"හුරතල්.."

"එහෙම හිතන ගමන් ජිමින් ලාවට හිනාවුනා.

"ටේ ඔයා දන්නවද??..කොහොමහරි ඔයාට හොදට ගැලපෙන කෙනෙක් මුනගැහුන එකට මට සතුටුයි..කාත් එක්ක වුනත් ඔයා සතුටින් ඉන්නවනම් එච්චරයි.."

ජිමින් ටේගේ ඔලුව හෙමීට අතගාලා එතනින් යන්න හදද්දිම සිනිදු අත් දෙකක් තමන්ගේ ඉන වගේ එතුනේ එක තත්පරයකින්..

"එයා මගේ කවුරුත් නෙමෙයි ජිමින්..ඇත්තමයි...කවුරුත්ම නෙමෙයි.."

ඇස් වල කදුලු පුරවන් ඉන වටේ අත් දෙකත් දාගෙන ඇද ලග හිටගෙන ඉන්න ජිමින්ව ටේ බදා ගත්තේ ලොකු වේදනාවකින්..

නේහා නිසා වගේම රියා නිසත් ටේගේ හිත ගොඩක් රිදුනා..වැඩියෙන්ම රියා අන්තිමට ජිමින්ට කියපු දේ ටේගේ හිතට ගොඩක් තදින් වැදුනා..

"ටේ ඔයා..ඒත් එයාගේ වරදක් නෑ ටේ..ඇත්තටම එයා ඔයාට ගැලපෙනවා..තව ටික කාලයක් දෙන්නම ලගින්.."

ජිමින්ට කියන්න ගිය දේ සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියේ ටේ එයාගේ සිනිදු තොල් දෙකෙන් ජිමින්ගේ තොල් තමන්ට නතු කර ගත්ත නිසා..

"මෝඩයා..මගේ යකා අවුස්සන්න එපා...ඔයාට මාව අඩවන එක ජොලිද??මට මොන නේහා කෙනෙක්වත් ඕන නෑ...මං ආදරේ තමුසෙට බූරුවෝ..ආයිත් මට අහුවෙන්න එපා අර රියා අස්සේ හුරතල් වෙලා තේරුනාද??මං නරකයි කියන්න එපා එහෙම උනොත්..හුම්...ආව මෙතන..ඕකට තමයි උදේ පාන්දරම මං කොච්චර එපා කිව්වත් අනංගයා වගේ ලස්සනට ඇදගෙන ඔය කැෆේ එක අස්සේ රිංගන්නේ.."

ජිමින් සෑහෙන්න පුදුම වුනත් ඇත්තටම ජිමින්ට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්...ඒත් ටේ කියවන දේවල් එක්ක ජිමින්ට හිනාගියේ ඉබේටමයි..

"මොකද හිනාවෙන්නෙ පිස්සෙක් වගේ.."

ටේ රවන ගමන් තොල් දෙකත් උල් කරගෙන ඇහුවේ කම්මුල් රතු වෙලා ඒ කම්මුල් දිගේ පහලට ගලාගෙන ගිය කදුලු පාරවල් තාමත් ඒ විදියටම තියෙද්දි..

"ටේ ඔයා..ඇත්තටමද දැන් එහෙම කිව්වේ ඇත්තටම ආදරෙයිද මට??...අහ් අනේ ටේ රියා හරිම අහිංසකයි..එයා.."

"මගෙන් දැන් කන්න ඕන වෙලාද..ඇත්තටම තමයි කිව්වේ නැතුව බොරුවට ආදරෙයි කියනවද??...කට ඇරියොත් අහන්නෙම බූරූ ප්‍රශ්නයක්..අහිංසකයි..පුහ්...සේරම දන්නවා වගේ.."

ටේ ජිමින්ට කතා කරන්න දුන්නෙම නැහැ...ජිමින් කිව්ව දේත් එක්ක ටේට තව තරහ ගියා.

"හයියෝ ටේ ඒ ජින් හියුන්ගේ cousin කෙනෙක්...එයා කැෆේ එකට මුලින්ම ආවෙත් අද"

ජිමින් හිනාව තදකරගෙන ගොඩක් ඉවසීමෙන් හෙමීට කිව්වා.

"හනේ දෙයියනේ...කාට කියන්නද මේවා..අද ඇවිල්ලද මෙච්චර නාඩගම් නටන්නේ??හොද වෙලාවට මං මේවා ඇස් දෙකෙන් දැක්කේ..තව දවස් දෙක තුනක් ගියානම් මෙතන මගුලකුත් වෙලා නවතින්නේ..තමුසෙට මං හොදින් කියන්නේ මේ දොස්තරකම පැත්තකින් තියලා මාව ඔය කැෆේ එකට ගෙන්න ගන්නැතුව පාඩුවේ ගෙදරට වෙලා හිටියොත් හොදයි..තේරුනාද??"

ටේ තරහයි දුකයි සේරම නැතිවෙලා යනකන්ම කියවලා කියවලා අන්තිමට හතිත් දැම්මා..

Sacrifice for love || VMIN [ Completed ✔]Where stories live. Discover now