"ඔහ් ටේ..කොහොමද මගේ චූටි කොල්ලට.."
ටේ එනකොටම ඔම්මා ගොඩක් ආදරෙන් ටේව වැලදගත්තේ නලලට හාදුවක් තියන ගමන්..
"මං හොදින් ඔම්මා..ඔයාලා හොදින් නේද??...මහන්සිද ඔයාලට..අප්පා කොහෙද??"
ටේ වටපිට බලනගමන් හෙව්වේ පුංචි කාලේ ඉදන් හැමදාම දකින්න ආසම කෙනාව..
"මං මේ මෙයාව තුරුල් කරන් ඉන්නවා..එයා හොයන්නෙ අප්පව..මගේ ලොකු එකා විතරයි කොහොමත් මට පොඩිකාලේ ඉදන්ම ආදරේ.."
ඒකටනම් ටේට දුක හිතුනා..ටේ තොලකුත් කනපිට හරවගත්ත විදියට ටේගේ ඔම්මා දැනගත්තා වැඩේ වරද්දගත්තා තමයි කියලා..
"අපොයි..මේ පොඩිඑකා කවදා නතර කරයිද මන්දා මේ ඇඩිල්ල..අනේ ඉතිං විහිලුවක්නේ මගේ චූටි කොල්ලට කලේ..කෝ එන්න ඔම්මා ලගට.."
හොද බටර් පාරක් ගාලා ටේව ශේප් කරගත්තේ හෙන ගේමක් දීලා..
"ටේ.."
"අප්පා.."
ටේ ගිහින් අප්පව බදා ගත්තේ අවුරුදු දෙක තුනක ලමයෙක් වගේ..
"ටේ..පුතේ මේ අහන්නකෝ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා.."
ටේගේ අප්පා ටිකක් බැරෑරුම් ස්වභාවයකින් කියද්දි ටේත් ගිහින් එතනින් වාඩිවුනා..
"කියන්න අප්පා.."
"ටේ මට ගොඩක් දුකයි ජන්කුක් ගැන පුතේ..ඒත් හැමදාම ඔයාට ඔහොම ඉන්නත් බැහැනේ...ඒ නිසා මගේ යාලුවෙක් ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනාවා එයාගේ දුව ගැන..එයත් ඩොක්ටර් කෙනෙක්..ඔයාගෙන් අහන්නෙත් නැතුව හදිස්සියෙම මෙහෙම කරන්න වුනාට සමාවෙන්න ටේ..තව ටිකකින් එයාලා එයි..ඒ නිසා ඔයා එයාලව මුනගැහෙනවනම් මං කැමති.."
"ඒත් අප්පා.."
"ටේ අප්පා ඔයා ගැන හිතලානේ පුතේ කියන්නේ..ඒ නිසා අඩුගානේ එයාලා එනකන් ඉන්න අප්පා වෙනුවෙන්.."
ටේගේ ඔම්මා හෙමීට ටේගේ කනට කරලා කිව්වා..
"හොදයි අප්පා.."
"මගේ හොද කොල්ලා.."
"ඔම්මා වගේ කෙල්ලෙක්නම් හා ඉතිං.."
ටේ ඔම්මට ඇහැකුත් ගහලා කියද්දි ටේගේ ඔලුවට ඔම්මගෙන් හොදවයින් පාරක් හම්බවුනේ රත් වෙන්නම..ඇත්තටම ටේගේ ඔම්මා ටේටත් වඩා ගොඩක් ලස්සන කෙනෙක්..ටේටත් සම්පූර්ණයෙන්ම තිබුනේ එයාගේ ඔම්මගෙ පෙනුම..
YOU ARE READING
Sacrifice for love || VMIN [ Completed ✔]
Fanfictionආදරය යනු ලබාගැනීමට වඩා කැපකිරීමක්... ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කලින් දැනගෙන හිටියනම් අදටත් මට ඔයාගේ ලගින්ම ඉන්න තිබුනා...