Chapter 13

339 98 7
                                    

එලියේ බෙන්ච් එකකට වෙලා කල්පනා කර කර ඉදපු ජන්කුක්ට එකපාරම මතක් වුනේ එයා ටේට සැර වුන විදිය...ජන්කුක් එහෙම්ම ටේව හොයාගෙන ඇතුලට දිව්වා.

ජන්කුක්ගේ හදවතට පිහි පාරවල් අනිනවා වගේ දැනුනේ සද්ද නැතුවම කදුලු බේරෙන ඇස් වලින් එලිය බලාගෙන ඉන්න ටේව දැක්කම...

"ටේ..."

ටේට ජන්කුක්ව ඇහුනත් හැරිලා බලන්න ඕන කමක් තිබුනෙ නැහැ...ජන්කුක්ගේ හැසිරීමටයි ඒ වචන වලටයි ටේගේ හිත හොදටම රිදුනා.

"මට සමාවෙන්න ටේ..මං හිතලා කිව්වේ නෑ...මට සමාවෙන්න.."

ජන්කුක් ටේව පිටිපස්සෙන්ම ඔහුගේ ඉනවටේ අත් යවලා පපුවට තද කරගත්තේ ටේ නිහඩවම ඇස් පියාගෙන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දෙන අතරමයි...

"ටේ මට ඔයාට..."

ජන්කුක්ට තවත් වචනයක්වත් කතා කරන්න බැරි වුනේ එකවරම ටේගේ සිනිදු දෙතොල් ජන්කුක්ගේ තොල් මත හෙමීට  දගකරන්න පටන් ගත් නිසා...
ජන්කුක්ට අකුණක් ගැසුවා මෙන් දැනුනේ එකපාරම සිදුවුනේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරුව...

"ටේ ඔයා.."

"මට සමාවෙන්න කුකී...හිතලා නෙමෙයි කලේ.."

ටේගේ කම්මුල් රතු වුනා...තවත් ජන්කුක්ට මුහුන දෙන්න බැරි බවක් දැනුන නිසා බිම බලාගෙනම හිටියා..

"හිතලා නෙමෙයි කලේ??...මාව එහෙම්ම අවුල් කලා ටේ ඔයා.."

ජන්කුක්ගේ වචන වලින් ආයිත් ටේගේ දෑස් කදුලු වලින් බර වුනා.
ටේ හිතුවේ අවසරයක් නැතුව කරපු දේ වැරැද්දක් විදියට අරන් ජන්කුක්ට තරහ ගිහින් කියලා..

"සමා..වෙන්න ජ..ජන්කුක්..."

ටේගේ බිදුනු හඩ නිසා ජන්කුක්ට හොදටම තේරුනා ටේ අඩන්නයි හදන්නේ කියලා.

"අයියෝ ඇයි මේ ආ??...දන්නවද මං අවුරුදු ගානක් හිතේ මොනතරම් දේවල් හංගගෙන හිටියද කියලා...ඒත් මට ඒක ඔයාට කියන්න තරම් හයියක් තිබුනෙ නෑ ටේ...මොකද මට...මං"

ටේ පුදුම වෙලා ඇස් වල කදුලු පුරවගෙන ජන්කුක් දිහා බලන් හිටියා.

"I love you tae..."

ජන්කුක්ට ඕන වුනා ටේට මේ ගැන කවදාවත් නොකිය ඉන්න..ඒත් ජන්කුක් ටේට ගොඩක් ආදරෙයි..වචනෙන් කියන්න බැරි තරමටම...තවත් කිසිම දෙයක් හංගන්න තරම් හයියක් ජන්කුක්ට ඉතුරු වෙලා තිබුනෙ නැහැ..

"ජ...ජන්කුක්.."

"අහ් හරි...වෙලාව අටට ලගයි...මට අද වැඩ ගොඩයි...මම දැන් යන්න ඕන...ඔයත් දැන් ගෙදර යන්න ටේ.."

ජන්කුක් ටේගේ ප්‍රශ්න පත්තරෙන් පැනලා යන්න ඕන නිසා කතාව වෙන පැත්තකට හැරෙව්වා.
ටේගේ නලලට ආදරණීය හාදුවක් තියපු ජන්කුක් ජිමින් ලගට ගිහින් ගොඩක් ආදරෙන් ජිමින්ගේ අවුල් වෙලා මූනට වැටුන කොන්ඩේ හදලා ජිමින්ගේ නලල ආදරෙන් සිපගත්තා.

"මං ගිහින් එන්නම් ටේ..."

ජන්කුක්ගේ අතින් අල්ලන් ටේ ඔහුව නැවැත්තුවේ ජන්කුක් ප්‍රශ්නාර්ථ බැල්මකින් ටේ දිහා බලද්දි...

"Happy birthday kookie..."

ටේ ලස්සනට හිනාවෙලා ජන්කුක් දිහා බලන් හිටියේ නොදැනුවත්වම ජන්කුක්ගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගනිද්දි...
ජන්කුක් ටේව තදින් බදාගෙන ටේගේ උරහිසට ඔලුව තියාගෙන අඩන්න ගත්තම ටේගේ හදවතට ලොකු වේදනාවක් දැනුනා.

"කුකී අනේ අඩන්න එපා...මටත් ඇඩෙනවානේ...කුකීට හැමදාම ටේ ඉන්නවා.."

ජන්කුක්ගේ තොල් අතර රැදුනේ ලස්සන හිනාවක්...

"මං දන්නවා මැණික...ඔයාට රිද්දුවට...දාලා ගියාට...හැමදේටම මට සමාවෙන්න රෝස මල..."

"මං ආදරෙයි කුකී...දැන් ඔයා මගේ ලග ඉන්නවනේ මට ඒ හොදටම ඇති..."

ඒ අතර ජන්කුක්...

"ඒත් මං දැන් වැඩට යනවනේ...ඒ නිසා දැන්ම ගෙදර ගිහින් ඔය ඇදුම මාරු කරගන්න හොස්පිට්ල් එකේ හොදට ඉන්න මිනිස්සුත් ලෙඩ කරන්නෙ නැතුව..."

"කුකී ඔයා...මං තරහයි"

"ඇයි බොරුද...මම විතරක් ඉන්නවනම් කමකුත් නෑ.."

ඒකටනම් ටේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු උනා.

"කුකී ඔයා අද මෙතනින් යනවද නැද්ද??..."

ටේ ලැජ්ජාවෙන් රතුවෙලා ඉන්නවා දැක්කම ජන්කුක්ට නිකන්ම හිනාගියා..
ජන්කුක් යනවත් එක්කම ටේත් ගෙදර යන්න පිටත් වුනේ ජිමින් නිදාගෙන ඉදපු නිසත් ඇගට දැනුන මහන්සිය නිසයි...

කොහොමද ලමයී🥰

ඔන්න දුන්නා...කොහොමද කියාගෙන යන්න...🤗

Sacrifice for love || VMIN [ Completed ✔]Where stories live. Discover now