I will be patient for him....

288 55 40
                                    

"මට ඩිවෝස් එක ඕනේ"

එක පාරටම කැබින් එකට ආවේ මිස්ටර් පාර්ක්.. කලබලයෙන් ළගට ආව මිස්ටර් පාර්ක් ජිමින්ව ඇදගෙන එලියට ගියා..

"උබට ඔලුවෙ අමාරුවද??"

"අපි හිතන් හිටිය කෙල්ල නෙමෙයි අප්පා.. මට බෑ.. මෙහෙම ගියොත් ජීහා"

"ජීහා.. ජීහා... නවත්තපන් ගොනෝ.. ඒකී නෙමෙයි සෙනා යකෝ නිධානේ"

"ඒත් අප්පා"

"අහපන්.. සෙනා කියන්නේ නිධානයක්.. ජීහා එක්ක උබ ඕනේ මගුලක් නටාගනින්.. ඒත් මන් මේ උබට හදලා දුන්න පාර වහගන්න එපා.. ඒකීට රිද්දපන්.. ඒකීව මානසිකව වට්ටපන්.."

"අහ්හ්හ්හ්හ්"

"ඔව් ඉස්සර මට මිස්ටර් කිම් කියලා තියනවා කෙල්ල පොඩි දේටත් බය වෙනවා කියලා..දුක හිතෙනවා කියලා.. එහෙම උනාම ඒකී අයිනට වෙයි"

"හ්ම්ම්ම්"

ජිමින්ගේ හිතට මේ වෙන මුකුත් හරි ගියේ නෑ.. කොල්ල ප්ලෑන් කලේ කෙල්ල සදහටම මේ ඔක්කොම දාලා යයි කියලා.. ඒත් මේ වගේ එයි කියලා ජිමින් හිතුවේ නෑ..

අද දවස කෙල්ල අමාරුවෙන් අමාරුවෙන් ගෙවලා දැම්මා.. වැඩ ඉවර කරලා කෙල්ල කෙලින්ම ගියේ ගෙදර.... ජිමින් ජීහා එක්ක යනවා බලන් හිටිය කෙල්ල හිතේ දුක තද කරගෙන ඒක නොපෙන්න ඉන්න වග බලාගත්තේ ජූන් කිව්ව නිසා.. කෙල්ල ආව නිසා ටේ ඇන්ඩ් කුකී ආයේම හොටෙල් එකට ගියා.. ජූනුත් දෙන්නව හම්බෙලාම එන්නම් කිව්ව නිසා කෙල්ල තනියම ගෙදර ගියා..

"බේබී"

කෙල්ලව දැක්ක ගමන් අජුම්ම දුවගෙන ළගට ආවා..

"අජුම්මා.. කොහොමද??"

"ඇයි ගියේ බේබී?? ලොකු බේබී ආවා.. එයා ඔක්කොම බලාගනී"

"හ්ම්ම් මන් දන්නවා අජුම්මා.. කෝ මහත්තයා ආවද??"

"තාම නෑ"

"මට බොන්න මොනාහටි හදන්නකෝ අජුම්මා.. මාර මහන්සී.. මන් මේ බෑග් එක තියලා එන්නම්"

"කෝ දෙන්න මන් තිය..."

"අජුම්මා බොන්න මොනාහරි හදන්නකෝ.. මන් මේක තියලා එන්නම්"

කෙල්ල බෑග් එකත් අරන් ගියේ කාමරෙට.. කාමරේට අඩිය තියද්දිම කෙල්ලට දවස් ගාණකට කලින් තිබ්බ මතක පෝලීමට මතක් වුනා.. ජිමින් බීලා ආපුව.. කෙල්ලට ගහපුව.. වද දීපුවා... මතක එක දිගට මැවෙද්දී කෙල්ල ගියේ අල්මාරිය ළගට.. අල්මාරියේ දොර ඇරපු කෙල්ලට පුදුම හිතුනා..

Half Husband Where stories live. Discover now