කෙල්ල ලගට ගිය ජිමින් කෝට් එක කෙල්ලගේ ඇගට විසික් කලා...
"ජි...මින්.. ජිමින් ඔයා...ඔයා ආවා..."
ජීහා බයට හොදටම අඩනවා.. ජිමින්ගේ කෝට් එකට ගුලි උන කෙල්ල ජිමින් දිහා බැලුවේ ලොකු අසරණකමකින්...
ජිමින්ට කතා කරන කෙල්ල ලගට පාත් වුන ජිමින්ට කෙල්ල ගැන ඇතිවුනේ දුකක්.. මුලු ඇගම හීරිලා.. ලස්සන බෝල කම්මුල් තුවාල වෙලා.. තොල්වලින් ලේ එනවා.. ජිමින් අනුකම්පාවෙන් කෙල්ලට ළං වෙද්දී ජිමින්ගේ මතකෙට ආවේ සෙනාව...
සෙනාට දුන්න වද... ගහපුව.. මුලු ඇගම තුවාල කරපුවා.. එකින් එක ජිමින්ගේ ඇස් ඉස්සරහා මැවෙන්න ගත්තා..
"ආයිශ්ශ්ශ්ශ්...."
ජීහාගේ නිකට තද කරලා අල්ල ගත්ත ජිමින් රතු වුන ඇස් දෙකෙන් ජීහාගේ ඇස් දිහා බලන් හිටියේ ඒ ඇස්වල දැක්ක අසරණකමට කට කොනෙන් හිනා වෙලා..
"උබට මේ දඩුවම හොද වැඩී 🤬🤬🤬... උබ මටත් කොකා පෙන්නුවා නේ.. උබ හිතුවේ ජිමින් හැමදාම උබට රැවටෙයි කියලද??"
"මන්...මන් කියන දේ"
"කට වහපන්... සෙනා ළග මන් ඉන්නම ඕනේ නිසා උබ පණ පිටින් බේරෙන්නේ... නැත්තම් උබේ ඇගේ එක කෑල්ලක්වත් මන් ඉතුරු කරන්නේ නෑ 🤬🤬🤬"
ජීහාගේ කන ළගට ළංවුන කොල්ලා කියලා නැගිට්ට ගමන් හිටිය ලේඩිස් ඔෆිසර්ලා කෙල්ල ලගට ගියා.. මේල් ඔෆිසර්ලා අනිත් පැත්ත හැරෙද්දී දෙන්නෙක් රාවුන්ට මාංචු දාලා අරගෙන ගියේ කෙල්ලෙක්ට බලහත්කාරකමක් කිරීමේ වැරැද්දට.. ඒ අතරේ රූම් එකේ තිබ්බ ඇදුමක් ඇදගත්ත ජීහාගේ අතට ඔෆිසර් කෙනෙක් මාංචු දැම්මා..
"මොක...මොකද මේ.. ජිමින්... ජිමින් මේ ඇයි?? ඇයි මට මාංචු?? මන්...මන් මොකක්ද කලේ??"
"ඇයි උබ දන්නෙ නැද්ද??"
"ජිමින් ඔයාට වැරදීමක්"
"නෑ මට කිසිම වැරැද්දක් උනේ නෑ.. උබ මගේ වයිෆ්ගේ කම්පැනි එකෙන් ලොකු ගාණක් හොරකම් කරලනේ.."
"වට්?? ඒක වෙන්නේ කොහොමද??"
"දැන් ඇති.. වෙන හැටි ගියාම පෙන්නම්"
YOU ARE READING
Half Husband
FanfictionThis story was written at the discretion of the author. All the characters here are fictional. It is a story about a young woman named Sena, which includes hatred, love, money, greed, grief, separation and endurance... A young man who is married b...