happy ending.

1K 199 50
                                    

" ඔයාට මතකද මේ ගෙට්ටුව කුක්...

ටේහියුන් ඇහුවෙ ජන්කුක්ගෙ ඇස් වලට එබිලා උනත් ජන්කුක් ඔලුව වැනුවෙ නෑ කියන්න වගේ.

"ඔයාමනෙ දවසක් කිව්වෙ ටේහියුන් මවාගැනීම් කියන්නෙ විකාරයක් කියලා...දැන් මොකද මේ?

ජන්කුක් ඇහුවෙ ටේහියුන් දිහා එක එල්ලෙ බලලා..

ජන්කුක්ගෙ වචන ටේහියුන්ව රිද්දුවා උනත් එයා ආපස්සට ජන්කුක්ට හිනා උනා.

" එන්න යමු...

ටේහියුන් ජන්කුක්ගෙ අතින් අල්ලගෙනම පුංචි තල්ලුවක් දාලා ගේට් එක ඇරියා...ගේට්ටුව සම්පූර්නයෙන්ම ඇරුන නිසා වසන්තෙටත් කලින් මල් පිපිලා තිබ්බ නිල් පාට කෑසියස් බ්ලූ රෝස මල් දෙපැත්තට උනේ ටේගෙයි ජන්කුක්ගෙයි ඇගට රොස පෙති වට්ටන ගමන්.

ගේට්ටුව ඇරුනට පස්සෙ පාර දෙපැත්තෙ තිබ්බ ෆ්‍රීසියා පදුරුවල පිපිලා තියන ලා කහ පාට ෆ්‍රීසියා පොකුරු දෙන්නගෙම ඇගෙ වැදුනෙ රෑ සීතලත් එක්ක සීතල පිනිබින්දු ඇගෙ තවරන ගමන්.

ටේහියුන් ජන්කුක්ව පාලම ලගට එක්කන් ගියා..
කලින් තිබ්බ අත් පාලම වෙනුවට ටේහියුන් හදපු එයාලගෙ හීනවල තිබ්බ ලී පාලම..

ඒත් පාලමට අඩිය තියද්දිම වගේ ජන්කුක්ට එයාගෙ අදුරු  අතීත මතක එකින් එක මතක් වෙන්න ගත්තා.

ටේහියුන්ට දැනුනා ජන්කුක් ගැහෙනව.එයා කිසි දෙයක් නොකියා ජන්කුක්ව තවත් එයාගෙ ඇගට තද කරගත්තා...

ටිකෙන් ටික හද මෝදු වෙනවත් එක්කම මුලු පරිසරයම කිරි පාටින් නෑවෙන්න ගත්තෙ දිව්‍යමය වර්නයකින් උද්‍යානෙ පාට කරනව වගේ....

පාලමෙන් එගොඩට  ඇවිත් පෙටෝනි ගස් වලිනුයි බ්ලූබෙරි පදුරු අතරිනුයි ටේහියුන් ජන්කුක්ව එක්කන් ගියේ එයාලගේ හීන වල තිබ්බ පාරාදීසෙට...

ටේහියුන් එයාගෙ අත්වලින් ජීවය දුන්න හීන ලොකෙට....

පදුරු අතරින් නැමිලා ටේහියුන්ටත් කලින් ජන්කුක් ඉස්සරහට ගියෙ එයාට නෙමෝෆිලා බලන්න තිබ්බ ලොකු උවමනාව නිසාමයි...

ජන්කුක්ගෙ හදගැස්ම එයාටම දැනෙද්දි ජන්කුක් හදඑලියත් එක්කම බ්ලූබෙරි ගාලෙන් එලියට ආවා....

ηεмσρнιℓα|taekook Место, где живут истории. Откройте их для себя