"ඒයි මෝඩ කිම් ටේහියුන් තමුන් ඔය මොනව කරනව කියලද හිතන් ඉන්නේ!!!!!!!!!!
" ක...කවුද ඔයා...
ටේහියුන් වටපිට බැලුවෙ එයාට මේ කතා කරන්නෙ මොකාද කියලා හිතාගන්න බැරුව.
" තමුසෙට මාව මතක නැද්ද මෝඩයෝ....මැස්ස පැටිය මැස්ස පැටියා කියල හුරතල් කරාට තමුසෙට මාව මතකවත් නෑ දැන්...මං යනවා යන්න..."
" බ් බෙල්?..
ටේහියුන් හයියෙන් කෑගැහුවෙ අවුරුදු පහකට පස්සෙ හුරුපුරුදු කටහඩක් එයාගෙ ඔලුව ඇතුලෙන් ඇහුන නිසා.
" ඔච්චර හයියෙන් කෑගහන්න එපා ටේහියුන්.....මගෙ කන් ගොඩක් සෙන්සිටිව්..."
" සමාවෙන්න සමාවෙන්න..මට ඔයාව ගොඩක් මතක් උනා බෙල්....ඇයි මාව බලන්න ආවෙ නැත්තේ"
" ඔයා විහිලු කරනවද ටේහියුන්...ඔයා විසින්මයි මාව හිරකරේ...ඔයා ඔයාටම රිද්දගත්ත කාලෙ..ඒවගෙන් වැඩක් නෑ ඇයි ඔයා ඔය පාලමෙන් පනින්න ගියේ"
" මගෙ ජන්කුකී එක්ක මට යන්න ඕනි බෙල්.."
ටේහියුන් කිව්වෙ පාලමෙ අත් වැටට බරවෙලා.
" අහන්න ටේ..කුක් එයා විසින්ම එයාව මරල දාලා තියෙන්නෙ .ඔයාට විතරයි එයාට පන දෙන්න පුලුවන්...එයාව ආයෙ ගෙන්නගන්න ටේහියුන්..ඔයා මරල දාපු ඒ ලස්සන හදවතක් තියෙන හා පැටියට හුස්ම දෙන්න ටේහියුන්..මෙතන මෝඩයෙක් වගේ මැරෙන්න හදන්නෙ නැතුව...."
" බෙල්....
" දැන් යන්න....ඔයා එයාව ආපහු ගේන්න....
ටේහියුන් පාලමෙ අත් වැට අතාරලා කෙලින්ම දිව්වෙ නෙමෝපිලා වල ඇතුලට..
ටේහියුන්ට සතුටුයි...
එයාගෙ ඇස් වලින් කදුලු එන්නෙ දුකට නෙමේ...
බලාපොරොත්තුව....
ඔව් ඒක තමයි ගැලපෙනම වචනෙ..
ටේහියුන් ට ආයෙත් බලාපොරොත්තුවක් ඇති වෙලා...
නැ එයාට අවස්තාවක් ලැබිලා..
එයා විසින් විනාශ කරපු පුංචි පොහොට්ටුවට ආයෙ හුස්ම දෙන්න ටේහියුන්ට අවස්තාවක් ලැබිලා....
![](https://img.wattpad.com/cover/290613960-288-k764995.jpg)
ESTÁS LEYENDO
ηεмσρнιℓα|taekook
Fanfic" ටේ... " ම්ම්ම්..... " නෙමෝෆීලා මල් වල විශේශත ්වේ දන්නවද? " ඒතරම් ලොකු විශේශයක් තියෙද? " නෙමෝෆීලා මල් කියන්නේ නිදහස් ආත්මයන්, හරියට ඔයාට මුහුද යටදි දැනෙන නිදහස් හැගීම ඔයාට නෙමෝෆීල යායකදිත් දැනෙනව...මුලු ආත්මයම සැනසෙනව වගේ... හොද හුස්මක් ගන්...