❤️ Chapter 05 ❤️

63 22 22
                                    

යුංගි සුයාගේ තොල් වලින් ඈත් උනාට පස්සේ සුයා බිම බලාගත්තේ එයාගේ ඇස්වල පිරිලා තිබුන කදුලු යුංගිගෙන් හංගන්න. සුයාගේ නිකටෙන් අල්ලලා මූන දිහා බලන් හිටපු යුංගි කතා කරා.

"දුක් වෙන්න එපා බේබි ගර්ල් එයා මට මගේ නංගි විතරයි 😌"

සුයාගේ මූන දිහා බලාගෙන සෙක්සි වොයිස් එක්කින් කියලා යුංගි ගියේ එයාගේ පුරුදු විදිහටම කට කොනින් නැගුන හිනාවත් එක්කමයි.

යුංගි කියපු දේවල් තේරුම් ගන්න සුයාට වෙලා ගියේ එයා හිටියේ කිස් එකේ සිහියෙන් නිසා. ඉක්මනට වොශ් රූම් එකට ගිහින් මූන සෝදගෙන වෙනසක් නැති විදිහට සුයා අනික් අය ගාවට යද්දි යුංගිත් එතන වාඩි වෙලා කිසිම දෙයක් නොවුන ගානට හිටියා.

"සුයා පැල උනාද වොශ් රූම් එක අස්සේ 😶"

හනා ඇහුවේ සුයා ඇවිත් එයාගේ එහා පැත්තෙන් වාඩි වෙද්දි. සුයා මුකුත් නොකියා හිනා උනේ කතා කරන්න ගියොත් එයා අවුලෙන් කියලා හනා ජිනූ දෙන්නා දැන ගන්න නිසා.

කට්ටියම කියව කියව කනවා. යුංගි පවා මොකුත් නොවුන ගානට ඉද්දි සුයා නම් හිටියේ අවුලෙන්. එයා ප්ලේට් එක දිහා බලාගෙන හිටිය මිසක් අනික් අය එක්ක එක වචනයක්වත් කතා කරේ නම් නෑ.

"සුයා ඔන්නී"

ගොඩ වෙලාවක ඉදන් සුයාගේ මේ වෙනස දැක්ක ජිනූ කතා කරා කියලාවත් සුයා දන්නේ නෑ. එයා හිටියේ යුංගි ගැන කල්පනා කර කර.

"යාහ් ඔන්නියා 🗣️"

ජිනූ බෙරිහන් දුන්න පාර සුයා උඩ ගිහින් වගේ එයා දිහා බැලුවේ පිස්සුද අහන්න වගේ.

"මොන ලෝකෙද ඉන්නේ දෙයියනේ 🤧"

ජිනූ අහද්දි කට්ටියම සුයා දිහා බැලුවේ ඒකට උත්තරයක් බලාපොරොත්තුවෙන්

"මොකද 😶"

"මොකද ඔය මූන 😕"

හනා ඇහුවේ සුයා එද්දි හිටියට වඩා මෙතන හැසිරීම ගොඩක් වෙනස් නිසා.

"ටිකක් ඔලුව රිදෙනවා "

සුයා කටට ආපු බොරුව කියලා දාද්දි අනික් හැමෝම ඒක විශ්වාස කරත් යුංගිට පොඩි හිනාවක් ආවේ කෙල්ල කිව්ව බොරුව නිසා.

𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐊𝐢𝐧𝐠 Where stories live. Discover now