In Seoul Court Premises
"සූබිනා...😋🗣️ "
හනා කෑ ගහගෙන දුවගෙන ගියේ එයාගේ යාලුවා සූබින් ගාවට. හනා ලගට යනවත් එක්කම සූබින් හනාගේ කට එයාගේ අතෙන් තද කරලා වහගත්තේ බෙරිහන් දෙන්නේ මෙලෝ සිහියකින් නෙවෙයි නිසා..
"කෑ ගහන්න එපා හනා අපි තාම ඉන්නේ උසාවියේ..😬 "
සූබින් එහෙම කියන ගමන් හනාගේ කටෙන් අත ගන්නකොට හනා දත් ඔක්කොම පෙන්නලා හිනා උනේ එයාට උසාවිය ඉස්සරහ ඉන්නේ කියලා අමතක උනා කියන්න වගේ.
"සූබින් අනේ ඉක්මනට යමුකො කොහෙට හරි.. මට මේක ඔයාට කියනකන් ඉවසිල්ලක් නෑ 😋"
හනා මේ කියන්න යන කතාව අහන්න සූබින් හනාව එක්කගෙන ආවේ එයාලා හැමදාම වගේ එන උසාවිය ලග තිබුන කැෆේ එකට.
සූබින් ගිහින් දෙන්නටම කන්න අරන් ඇවිත් වාඩි වෙනකන් හනා හිටියේ පුදුම සතුටකින්.
"කියන්නකො බලන්න එහෙනම් ඔය වීරක්‍රියාව 😌"
සූබින් ෆිශ් කේක් එකෙන් කටක් කන ගමන් කියද්දි හනාත් කන ගමන්ම කතාව පටන් ගත්තා.
"අර පිටසක්වලයා ඉන්නේ 😌"
"මොන.. ආහ් ටේහ්‍යුන් ද 🙂💔"
"ඔව් ඔව් ආන් ඒකා තමා. මතකද මම ඔයාට කිව්ව අර නඩුව. කම්පැනි ශෙයාර්ස් සීන් එක 😌"
"කොහොම අමතක වෙන්නද.. මේ ටිකේ ඒක නිසා මගේ කනට නිවනක් නැතුන් හිටියේ 🤧"
සූබින් ගැහුව හින්ට් එකට හනා ඔරවලා බලද්දි සූබින් හිනා උනේ කියාගෙන යන්න කියලා.
"අද ඒකේ අන්තිම නඩු වාරේ තිබ්බා. අර මොට්ට පිටසක්වලයා එක්ක මම කොහොම හරි නඩුව දින්නා 😎"
"අම්මට යකූ.. මම දන් නැද්ද ඔය කටෙන් කියන ඒවට නඩුකාරයත් බය වෙන්න ඇති 😂"
"මට නඩුව දින්නට නෙමේ බන් සතුටු අර ටේහ්‍යුන්ගේ ලෙල්ලක් වගේ මූන දැක්ක එකට 😂"
"උබ නම් කියයි.. දැන් අනිවාරෙන් උබ මට සතුට කියනවා වගේ ඌ ඇවිල්ලා උබට බැනලා යයි මාත් එක්ක 🤧"
"ඒවට ආවොත් මට කියන්න. අඩු දෙකක් ගලවලා දෙනවා බල බල ඉන්න 😐"
ඒ වෙලාවේ ඇහුන කටහඩක් නිසා හනා සූබින් දෙන්නා ඔලුව උස්සලා බැලුවේ හිතුව කෙනාමද ඉන්නේ කියලා.
ESTÁS LEYENDO
𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐊𝐢𝐧𝐠
VampirosSavege Revenge Brotherhood Friends Love Sad Happy Life Vampire Werewolf This is a vampire ff If u want find out what's going on thene read .... Vampire Queen & park elina ❤️