AGAIN 03
"කුමරියනි අප පැමිනියා..."
සේවිකාවක් එහෙම කියද්දි මන ඉක්මනට දෝලාවද මොකක්ද මන්දා කියන එකේ දොරත් ඇරන් එලියට පැන්නේ දැනටමත් ඔක්කාරෙට වගේ එන නිසා....
ආ ඔම්මාආඅ....වමනෙ යන්න එනවාආආ...මේකෙ එද්දි හෙල්ලුන හෙල්ලිල්ලට මන් හිතුවෙ වමනෙ ගියාම තමා කියලා...ආආයිශ්..මේ කොන්ඩෙ කෙහෙල්මලත් මහ වදයක්නේ.....
"යෙවොන් වූ....විනිතව හැසිරෙන්න"
ඔම්මත් දෝලාවෙන් බැහැලා ඇවිත් මට කියද්දි මම ලාවට හිනාවෙලා කෙලින් හිටගෙන කොන්ඩෙ හදන් පපුවත් ඉස්සරහට දාලා හිටගත්තා....
"හා ...අපි මොකටද ඔම්මා මෙහෙට ආවේ"
ඔම්මට පුදුම ඇති..මගෙ කතා කරන විදිය වෙනස්නේ...
"දුවනියනි...ඔබගේ කතා විලාශය බොහෝසේ වෙනස් වී ඇති හැඩයි..ඔබ කටවහන් ඉන්න තරමටම හොඳයි"
"හී හා ඉතින්...කියන්නකො දැන් මොකටද මෙහෙට ආවේ..."
මන් එහෙම අහද්දි ඔම්ම ඉස්සර වෙලා යන්න ගත්තෙ මටත් එන්න කියන ගමන්.. ආම්ම්මෝඕඕඕ දොරටුවෙ සයිස් එක.... එහෙන් ඔක්කොමල අපිට ආචාර කරනවා..ආවුස් ගැම්ම...
"අපි මෙහි පැමිනියේ මහරැජින බැහැදකින්න"
ඈ..රැජින බලන්නත යන්නෙ මේ...ශාඃ මරුනෙ...
"ඒ මොකටද ඔම්මා"
"ඔබට දැනගැනීමට හැකිවේවි"
ඔම්ම ලාවට හිනාවෙලා එහෙම කියන ගමන් හිමීට ඉස්සරහටම ගියා...
"අප්ප කෝ"
"පියානනුත් පැමිනේවි විගසින් "
"හ්ම්.."
මම කටවහගෙන වටපිට බලන ගමන් ඔම්මත් එක්කම ගියා...
ලොකු කුටියක් ඉස්සරහ අපි නැවතුනා අන්තිමේදි...
"දන්වන්න ප්රදාන අමාත්යගේ මෙහෙසිය පැමින ඇති බව"
ඔම්ම එතන හිටපු පාලිකාවකට කියද්දි එයා ආචාර කරලා ඇතුලට ගියා..ටිකවෙලාවකින් එලියට ඇවිත් අපිට එන්න කුයල කිව්වා..මාත් ඔම්ම එක්කම ගියා....
"පැමිනෙන්න "
ඇතුලෙ හිටපු අටපට්ටමක් වගේ ඇඳගත්තු ආච්චි අම්මෙක් හැලීගෙන යන දත්සෙට් එකත් දාල හිනාවෙලා අපිට කතා කරා....
YOU ARE READING
AGAIN [ongoing ]
Historical FictionKTH ff Historical fanfiction Start : 2022.01.09 End :