AGAIN 04
"කුමරියනීඊඊඊඊඊඊඊඊ" 🙊😂
පාලිකාවගෙ කටේ සද්දෙ කොච්චරද කිව්වොත් අර හෙන දුර ගිය රජතුමාත් හිටි ගමන්ම නැවතුනා....පිටිමපස්සෙ හිටපු සේවිකාවගෙ ඉඳලා පිලිවෙලට රජතුමා වෙනකන්ම කට්ටිය පිටිපස්ස හැරිලා බැලුවා....
මම දිව්වෙ හිමීටනෙ...රජතුමා බලපු නිසා ගැම්මට යන්න ඕනෙ කියලා මම ආයෙ උසේන් බෝල්ට් වගේ දුවන්න ගත්තා....
ආආඅ අර පාලකතුමා අයින් වෙන්නෙ නෑනෙ ඉස්සරහින්...රජාගෙ මූන පේන්නෙ නෑ මට.....
හිටාන් හොඳ වැඩක් කරන්න...මම හයියෙන් හයියෙන් දුවලා එයාල ගාවට ලංවෙන්න ලංවෙන්න මම දැක්ක හැමෝගෙම ඇස් ගෙඩි ලොකු වෙලා කටවල් බාගෙට නෙමේ සම්පූර්නයෙන්ම ඇරෙනවා.....
මම නවතින්නෑ කියලා ඉවෙන් වගේ දැනිලද කොහෙද සේවිකාවෝ හැමෝම එහාට වුනා...තාම පාලකතුමා එතන...හිටාන්කෝ...
මම එකපාරටම ඇස්දෙකත් පියාගෙන දිව්වේ ඉස්සරහ මොකා හිටියත් ඇඟට පයින්න බලාගෙන...
හරි දැන් පැන්නනම් හරි..මම දුවලා ගිහින් කාගෙ හරි ඇඟට පැන්නා....
කවුරු වුනත් එයාගෙ අත්දෙකනම් මගෙ ඉන වටේ එතුන කියලා තේරුනා..අඩේ පාලකතුමා රොමෑන්ටික්නෙ...
මම හිමීට ඇස් ඇරියේ කවිද කියල බලන්න...
පොඩ්ඩක් ඉන්න....මෙයා ඇඳන් ඉන්නෙ රතුපාටනෙ😶බැරිවෙලාවත් මේ රජතුමාද...
මම ඉක්මනට මූන දිහා නොබලම දැඟලුවා...එකපාරට එයාට මගෙ දැඟලිල්ල දරාගන්න බැරුවද කොහෙද එයා මාව අතෑරියා...
ආව්ව්ව්ව්.....පස්ස....
අතිසාර්තක ලෙස මම බිම පතබෑවුනා🤧
මම ඉක්මනට නැගිටලා හැන්බොක් එකත් පිහිද පිහිද පස්සත් අතගගා හොරෙන් වගේ ඔලුව උස්සල බැලුවෙ ඉස්සරහ හිටපු කෙනා දිහා....
එයාව දැක්කමනම් මටත් නොදැනී ඇස් වලින් කඳුලු ගලන් යන්න ගත්තේ ඒ හිටියේ වෙන කවුරුත් නෙමේ ටේහ්‍යුන්ග් නිසා ...
අන්තිම පාරටවත් මට කතා කරගන්න බැරිවුනු මගෙ එකම ආදරේ නිසා....
"ට් ටේහ්‍යුන්ග් 😢"
YOU ARE READING
AGAIN [ongoing ]
Historical FictionKTH ff Historical fanfiction Start : 2022.01.09 End :