ජන්කුක් සෙමෙන් සෙමෙන් යුධ පුහුණු පිටිය වෙත ඇදුනේ සිතෙහි කැකෑරෙන බියක්ද සමගින්...
තමා ආලය කල කත අද තමාගේ හිස ගසා දැමීමට රජුට පවසාවිද... ?" ඔබ පමා වූවා ජන්කුක් ... "
ඇයගේ ගැඹුරු හඩ ජන්කුක්ව පියවි සිහියට ගෙන ආවා..." මා ... අහ්.. සමාවෙන්න මට... "
ඔහු බිමට හෙලූ දෙනෙත් සමගින් කුමරිය අසලට ගමන් කරද්දිත් ඇය සිටියේ හී කැවූ කොපුවක් හා දුන්නක්ද අතැතිවයි..." ගොස් අතනින් සිට ගන්න.. "
ඇය තැකීමකින් තොරව ඔහුට පවසද්දි ඔහු කිසිවක් නොකියාම ගොස් සළකුණු කල ස්ථානයේ සිට ගත්තේ ඇයට මූණලායි...ඒ සැනින් තවත් එක් සේවකයකු දුව විත් ජන්කුක් ගේ හිස මත දොඩම් ගෙඩියක් රැදවූයේ ඔහුගේ නෙත් විස්මයෙන් මහත් වෙද්දී...
මුවට නැගුන සිනහව ජන්කුක් ට හොරා පසෙකලූ ඇය විගසින් හීයක් රැයෙන දුන්න ඇද සූදානම් වූයේ ඉලක්කය ගැනීමටයි...
" මෙය කෲරතර වැඩියි නොවෙද.... කු කුමරියනි.. "
ජන්කුක් ගැහෙන කටහඬ අවධි කලත් ඇය නැහැ අවධානය යොමු කලේ..ඉලක්කය වූයේ ඔහුගේ හිස මත ඇති පළතුර වුවද ඇය හිතාමතාම දුන්න ඇද්දේ ඔහුගේ මුහුණ හා කෙලින්...
ජන්කුක් ගේ දෙනෙත් පොළවට පතිත වූවා සේ විශාල වීම ඇයට තවත් සිනහා ගෙන ආවා..." ඔබ මාගේ හිස සිදුරු කරනවද... ? "
" ඔබගේ හිස නොවේ මාගේ ඉලක්කය මිත්‍රයා .. "
ඇය බැමි ඔසවා කියා සිටිමින් දුන්නේ හී හිස ඇද එය සෙමෙන් පහලට ඉලක්ක කලේ ජන්කුක් තම දෑතින්ම ඔහුගේ පාද අතර ප්‍රදේශය වසා ගනිද්දි..." කු කුමරියනි.. කුමක් ද.... එ එසේ නම් කරන්න එපා.... "
කුමරියගේ ඉලක්කය දැන් යොමුව ඇත්තේ ඔහුගේ ඉනෙන් පහල කොටසටයි..ජන්කුක් ගේ බස් නොසැලකූ ඇය දුන්න ඇද ගත්තේ ඔහු තදින් දෑස් පියා ගනිද්දි...
මුව කොනින් නැගුන සිනහවත් සමගින් ඇය හී හිස ජන්කුක් ගේ හිසෙහි වූ පළතුර හරහා යැව්වේ ඔහු තදින් හුස්ම සිර කරගනිද්දි...." එතරම් පහසුවෙන් මාගේ ඉලක්කයක් නැහැ වැරදෙනුයේ... "
දුන්න සේවකයකු අත තබන අතර ඇය පවසද්දි ජන්කුක් මෙතෙක් වේලා තද කරසිටි දෑස් විවර කලේ පපුව මත හස්තයක් තබාගන තදින් හුස්මක් පිට කරමින්...
ŞİMDİ OKUDUĞUN
🇼🇦🇷- 전쟁 🀄 JJK ( Short Story ) ✔️
Hayran Kurgu| Requested Story | ° ඔහු නමින් ජන්කුක් විය සාමාන්‍ය ශරීරයකින් හෙබි කඩවසම් පුද්ගලයකු වූ ඔහු සෙබළ හමුදාවෙහි සාමාන්‍ය තනතුරු දරන්නෙක් වූවා.... ° කවුරුන්ද ඇය.. ? පුරුෂ සේනාවක් මධ්‍යයේ සටනට ඒමට තරම් ශක්තිමත් කාන්තාවක්... ? ♡ පළමු හමුවෙන්ම ඔහුගේ සිත බැඳ...