🧧 තෙවන යුධය ..

112 40 41
                                    


මාලිගයෙන් පිටත ...

" හ්හා.. සම්මෙක් හි නිදහස් සුළග ඕනෑම අයෙකුගේ සිත පැහැර ගැනීමට හැකියි .. නොවෙද මිත්‍රයා .. ? "
දෑත් දෙපසට විහිදුවා ඇය වාතලයෙන් හුස්මක් ඇදගත්තා...

" මන්ද ඔබ මාවම තෝරා ගත්තේ කුමරියනි ... ? "
ඇයගේ පැනයට ජන්කුක් ගෙන්ද ලැබුනේ පැනයක්....

" ම්ම්.. අපි මිතුරන් බැවින්... මන්ද එසේ නොවේද .. ?

ඔබ අකමැති ද මාහට සේවය කිරීමට... ? "

" ක කමා කරන්න කුමරියනි.. මා සිතුවේ මා හට දඩුවමක් ලෙස ඔබ මා බදවාගත් බවයි.. "
කුමරියගේ පාමුල දණ නවා ඔහු පවසද්දි ඇය ඉවතට හැරුනා...

" මාහට අවශ්‍ය මිතුරෙකු මිස සේවකයකු නොවේ ජන්කුක් .. ඔබට නොහැකි නම් මා වෙනත් සෙබලෙකුන් අයදුම් කරන්නම්... "
ඇයගේ හිත අමනාප වූ බව ජන්කුක් ට වැටහුනද ඔහු හුන් තැනින් නැගිටීමට ප්‍රථම ඇය ඉක්මන් අඩියෙන් මාලිගා භූමියෙන් පිටතට පා තැබුවේ තනිවමයි...

" අහ්... එ එසේ නොවෙයි කුමරියනි... මා.. මා අකමැති වීමට නැහැ හේතුවක්... මට කමා කරන්න ඔබගේ සිත රිදවීම නිසා.. "
ජන්කුක් දුව ගොස් ඇය පසුපසින් වැටුනේ එසේ පවසා...

හීන් හිනාවක් මුවගට නගා ගත් ඇය කිසිවක් නොපවසා ගම්මුන් අතරින් ඉදිරියට ඇදුනේ ඇයගේ අනර්ග සළු පිළි හා මුව ආවරණය වූ සිහින් සේද රෙදි කැබැල්ල දෙස බොහෝ අවධානයෙන් බලන පුද්ගලයින් නොසලකා...

මද වේලාවක් ඇවිද ගිය ඇය නැවත මාලිගයට පිය නැග්ගේ දැවටී තිබූ ඝනකම සළු පිළි හේතුවෙන් ගතට දැනුන අපහසුව නිසා...
ජන්කුක් ගේ මග පෙන්වීමෙන් ඇය ඇයටම වෙන්වූ කුටිය වෙතට පිය නැග්ගේ ගතට සැහල්ලු රෙදිපිළි ඇගලා ගැනීමට අටියෙන්..

ලා රෝස පැහැති සැහැල්ලු සේද රෙද්දෙන් නිමවූ තද රතු පැහැ බඳ පටියකින් යුක්ත වු සළු ඇගලා ගන ඇය කුටියෙන් පිටතට පැමිනියා....
" ඔහ්... ඔබ මෙහිම සිටියාද... නැතිද පාද ඇදුම්කනුයේ.. ? "
සේද සළුවෙන් ආවරණය නොවූ ඇයගේ රූමත් ස්වරූපය මේ තරම් අසලින් දැකීමෙන් ජන්කුක් ගේ දෙපා වාරු නොවී ගියද ඔහු උපරිම වශයෙන් ඉවසීමට යොමු උනා...

 🇼‌🇦‌🇷- 전쟁 🀄 JJK ( Short Story  ) ✔️Where stories live. Discover now