🧧 සවැනි යුධය ..

101 34 20
                                    


" කෙසේද ඔබට කුමරිය... සම්මෙක් හි පරිසරය ආශ්වාදජනකයි නොවෙද.. ? "

" ම් එසේයි... මෙහි මනරම් පරිසරය මා සිත් පැහැර ගත්තා.. "
ඇය ඔහු හා වදන් තෙපලුවේ ඒ තරම් පැහැදීමකින් නොවන බව ජන්කුක් ට දුර තියාම වැටහුනා...

" ඔහු.. ? ඔහු කුමක්ද අංගනයෙහි කරනුයේ... කිනම් අවසරයක්ද .. හහ්.. "
ඔවුන් දෙදෙනා දෙස නෙත් යොමා සිටි ජන්කුක් ව දුටු සැනින් කුමරු සූදානම් වූයේ ජන්කුක් ගේ දෙසට ගොස් ඔහුව නෙරපා හැරීමටයි...

" ඔ ඔහු මාගේ ආරක්ෂක සෙබලා කුමරුනි.. ඔහු සිටීම කම් නෑ... ඔහු මාහට විශ්වාස ඇත්තෙක්.. "
ඇයගේ වදන් වලින් කුමරු මදක් සන්සුන් වූවා...

" මා ලී යුන්... ඔබට හැකියි කුමරුන් කියා නොපවසා මාහට යුන්ගි කියා පවසන්න.. එයයි මිතුරන් මාහට පවසන නාමය .. "
දිවෙන් එක් තොල් පටක් තෙත් කල ඔහුගේ බැල්ම ඇයට අපහසුතාවක් ගෙන ආවා...

" එසේ අවශ්‍ය නෑ ලී යුන් කුමරුනි... කෙසේ නමුත් මාහට පැවසීමට අවැසි වූයේ ඔබ සොයනා ආලය ලබා දීමට මා අසමත් බවයි... "
ඇය පිළිකුලෙන් මෙන් පසෙක හැරී එසේ පැවසුවා...

" කිමද කුමරිය... මාගේ කිනම් අඩුපාඩුවක් ද... මා දනී මා කඩවසම් බව.. රාජ්‍යයේ සෑම කතක් ම මා වෙත සිත් බැදී සිටීමෙන් ම.. "

" කඩවසම් බවෙන් ආලය නැහැ ඉපදෙනුයේ කුමරුනි.. මා ආලය නොදනී.. කෙසේද මා එය.. අහ්... "
ඇය වදන් පවසන අතරෙදිම ඔහුගේ ශක්තිමත් දෑත් ඇයගේ බඳ වටා ඇදී ඇයව ඔහුගේ පපු තුරුලට ඇදී ගියේ එක් සැනෙකින්..

" කුමක් ... ? "
ඇය වික්ෂිප්ත වී දෑස් විසල් කර බලා සිටියා පමණි..

" ආලය ... ? හැකියි මා හට එය ඔබට ඉගැන් වීමට... මා දනී එය හොදාකාරයෙන්ම ... "

" මා මුදන්න කුමරුනි.. අහ්.... ඉවත් කරගන්න ඔබගේ දෑත්... "
ඇය ඔහුගේ ශක්තිමත් දෑත් අතර චලනයෙන් උත්සාහ කලේ මිදීමට..

මේ සැම සිදුවීම් දුරින් සිට බලා සිටි ජන්කුක් ගේ දෑත් මිට මෙලවූයේ දත් කැවී දෑස්ද රත් පැහැ ගැන්වී යද්දි...
" කෙසේද ඔහු... ඔහු කෙසේද එසේ ඇයව ස්පර්ශ කරන්නේ... එය ඇයට වේදනාකාරී ඇති.. කෙසේද මා බලා හිදිනුයේ.. "
සිත් පතුලෙන් ජන්කුක් මේ වනවිටත් යුන්ගි කුමරුන්ව ඝාතනයට සූදානම් ...

 🇼‌🇦‌🇷- 전쟁 🀄 JJK ( Short Story  ) ✔️Where stories live. Discover now