" ඔබ මොහු හේතුවෙන්ද මේහැටි කදුළු සලන්නේ සොන්දොක් .. ? "
කෝපයට හා විස්මයට පත් ඇයගේ අයියණ්ඩිය විමසුවා..." ඔබට නැතිද පෙනෙනුයේ අයියණ්ඩි... එසේයි මා සැවොම ඉදිරියේ කදුළු සලන්නේ මොහු වෙනුවෙන්...
ඔහු... අහ්...ඔබ ඔහුව .... ඔබ ඔහුව ඝාතනය කලා... "
තම දෙපාමත ඇති ජන්කුක් ගේ නිසල සිරුර දෑතින් වැලදගනිමින් ඇය බොහෝ විලාප දෙන්නට වුනා..." ඔහු දැන් මියගිහින් නැගණිය...
ඉවත් කරනු... "
ඇයවෙත කාරුණිකව පැවසූ ඔහු සෙබලුන්ට අණ කලේ ජන්කුක් ගේ සිරුර ඉවත් කරන්නට...." නැහැ... එකෙක් හෝ ඉදිරියට එන්ට එපා... කිසිවකුත් ඔහුව ස්පර්ශ කරන්ට එපා... නුඹලා ඔහුව මරා දැමුවා.. කිමද මා හට වදනක් පැවසීමේ වරද ඔහුගේ...
කෲරතරයන් මෙන් මිනිස් ඝාතනය නුඹලාට ඇතිවී නැතිද... "
ජන්කුක් ගේ සිරුර ප්‍රවේසමෙන් පොළොව මත තබා ඇය නැගිට කෑගැසුවේ තද රත් වූ දෑස් වලින් වේදනාව ගලා කොපුල් පෙගී යද්දි..." නැ නැගණිය... මා... "
" එපා අයියණ්ඩි... අවශ්‍ය නැහැ... මෙවරට පොරොන්දු වෙන්න මට... මෙයයි අවසානය කියා... ජීවිත විනාසයේ අවසාන වාරය මෙය විය යුතුයි....
මාහට වැදගත් නෑ කුමන පිල ජයගත්තත්.. එහෙත් අවසන් විය යුතුයි මේ යුධය... ඔහු මෙන් සිහින ඇති කීයක් මෙහි දිවි පුදන්නට ඇතිද...
කුමන ඵලයක්ද මේ යුධ කිරීමේ... නැහැ මට වැටහෙනුයේ... "" කමා කරන්න සොන්දොක් ... මට වැටහෙනවා ඔබගේ වේදනාව ... කිසිදා නැති අයුරින් ඔබ වෙනස් වී ගොස්..
පොරොන්දු වෙන්නම්.. මෙයයි අවසානය.. මා දිවි පුදා හෝ ඔබගේ ඉල්ලීම ඉටු කරන්නම්.. "
තම හස්තයෙහි වූ කඩුකොපුව තදින් අල්වා ගනිමින් ඔහු පිටව ගියේ තම නැගනියගේ ඉල්ලීම ඉටුකරනු වස්...
කෙසේ වෙතත් ඔහුගේ සිතෙහි එක් පසුතැවිල්ලක් ඇතිවුවා කලබල වී ජන්කුක් ගේ ජීවිතය හානි කිරීම සම්බන්ධව..ඔහු සැමදා කරදර වූවා තම නැගණියගේ හැගීම් ගැන... කිසිදු අයෙක් ගැන ඇය නැහැ ප්‍රියතාවයක් දැක්වුවේ....
එහෙත් අද ඇය ප්‍රිය කල එකම පුද්ගලයා තමා ගේ හස්තයෙන් ඝාතනය කිරීම ඔහුට සැමට වඩා විසල් පසුතැවිල්ලක් ගෙන ආවා...

YOU ARE READING
🇼🇦🇷- 전쟁 🀄 JJK ( Short Story ) ✔️
Fanfiction| Requested Story | ° ඔහු නමින් ජන්කුක් විය සාමාන්‍ය ශරීරයකින් හෙබි කඩවසම් පුද්ගලයකු වූ ඔහු සෙබළ හමුදාවෙහි සාමාන්‍ය තනතුරු දරන්නෙක් වූවා.... ° කවුරුන්ද ඇය.. ? පුරුෂ සේනාවක් මධ්‍යයේ සටනට ඒමට තරම් ශක්තිමත් කාන්තාවක්... ? ♡ පළමු හමුවෙන්ම ඔහුගේ සිත බැඳ...