🧧 සිව්වන යුධය ..

103 35 17
                                    


ඔවුනොවුන් ගේ කාර්යයන් වල නිරතව කාර්‍යබහුල වී සිටි ගම්මුන් අතරින් සොන් දොක් කුමරිය ගමන් කලේ වෙනදාටත් වඩා නිදහසින්...

" ඔවුන් මා නොහදුනන්නන් වීම ඉතාමත් උචිතයි... "
තමාටම මුමුණා ගනිමින් ඇය වරක් දෙවරක් නෙත් කොනින් තමා පසුපසින් පැමිණෙන ජන්කුක් දෙසද විපරම් කලා...

" මා දැන සිටිනුයේ සම්මෙක් හි මනහර ස්ථාන පැවති බව.. බොහෝ සංචාරයේ යෙදෙන්නන් ගැවසෙන ස්ථාන රැසක් මෙහි පවතින බව...

ඔබට හැකිද මා රැගෙන යාමට.. "
ඇයගේ මියුරු සංවාදය ජන්කුක් ගේ සිත් පැහැර ගැනීම නොනවත්වාම සිදුවන්නක් වූවා...

" ඔබතුමියට අවශ්‍ය කොයි ආකාරයේ ස්ථානයක් පළමුව නැරඹීමටද ... ? "

" අවැසියි මා හට නිදහසේ අසු පැදවීමට..
සුළං පහර හා සමව ගමන් කිරීමට..
සුන්දර පරිසරය දෙස දෙනෙත් වසා බලා සිටීමට... "
මුවගට නගා ගත් සිහින් සිනහව සමගින් ඇය එවදන් පැවසුවේ ජන්කුක් මදක් නොවැටහුනු ස්වභාවයෙන් හිස ඇල කර කල්පනා කරද්දි...

ඇය හොදාකාරවම දැන හුන්නා ජන්කුක් වික්ෂිප්ත වන බව... ඔහු බොහෝ විසල් පැටලුමක හිරවී කල්පනා දැහැනේ සිටියේ කුමරිය ඔහුව පසෙකලා දැනටත් ඉදිරියට ගොස් ඇති බව නොතේරී....

" ඔහ්.... මදක්... මදක් සිටින්න කුමරිය.... ආහ්... "
හතිලමින් ඔහු නැවතත් කුමරිය හා සමව පා තැබුවා...

" සමු වූවාද ඔබට එවන් ස්ථානයක්... "
ජන්කුක් ගේ මුවෙහි වූයේ ඉස්වහා ගිය ආඩම්බරකාරී සිනහවක්...

" මා ජින්සේ හි යුව රැජිනියගේ එකම මිතුරායි කුමරිය... ඔබට නොහැකියි මා අවතක්සේරුවට ලක් කිරීමට.. "
මදක් හිස ඔසවා ඔහු ඉදිරියට ඇදුනේ කුමරිය ගේ දෙකම්මුල් රැලි ගැසෙන තරම් සිනහවක් රන්දමින්..

" ඔබ එක්තරා අයුරක මායාකාරී අයෙක් ජන්කුක්... "
තම සිතට මුමුණා ගත් ඇය ජන්කුක් ගේ පසුපස වැටුනා...

******

" මෙයයි... ඔබ සෙවූ ස්ථානය...
මා නිවැරදිද.... ? "
ඔහුගේ පැනය ඇයට නෑසුනාක් සේයි... ඇය දෙනෙත් අයා බලා සිටියේ මේ සුන්දර ස්ථානය දෙස...

 🇼‌🇦‌🇷- 전쟁 🀄 JJK ( Short Story  ) ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang