මගේ බනී කෝලම 😍

543 147 83
                                    

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓
.
.
.
.
මම මගේ ජාන්වත් අතින් අල්ලගෙන bike key,Vollets ,mobiles ඔක්කොම අරගෙන room එකෙන් එළියට ආවා.....reseptionistට room key එක භාරදීපු මං ජාන් එක්ක මගේ කොළ මැණික ළගට ආවා....වෙලාවට මං අද extra helmet එක ගෙනැල්ලා.....මගෙ බබාට helmet එකත් දාලා එයාට නගින්න කියපු මං එයා නැග්ගට පස්සෙ bike එක start කරනවත් එක්කම ඒ අත් දෙක මගේ බද වටේ එතුණා.....ෆීලින් ඕසම් 😌......
.
.
.
.
.
.
සුරගන පරදන නුඹෙ රුව දුටු දින....
මට මා අහිමිව ගිය බව දැණුනා....
සසර පුරුද්දක් දෝ නොම දැනගෙන.....
මගෙ සිත නුඹ පසුපසටම ඇදුණා....

නුඹ මාගේමයි මා නුඹගේමයි.....
නිතරම වාගේ මගෙ සිත කිව්වා....
නුඹව යළිත් දැකගන්නට ඇවැසී.....
මගෙ සිත නිතරම මට වද දුන්නා....

අහම්බයක් වී නැවතත් දිනෙකදි....
නුඹ මාගේ නෙතු අභියස උන්නා....
එනමුදු නුඹ අන්සතු වී ඇත්දැයි....
හැගුමක් මාගේ හදවත පෙලුවා.....

එනමුදු එදිනම නුඹ හමුවූවා.....
මා වැරදී නුඹ මගෙමයි හැගුණා....
රුව මෙන් හදවතද පිවිතුරු වූවා...
නුඹ මගෙ හදවත තුළට කිමිදුණා....

නුඹ මත් බදුනක් නිතරම සිතුණා....
නුඹෙන් මත් වී හදම කැලඹුණා....
මත් වුණ මා නුඹෙ අයිතිය ගත්තා.....
සදහට රැකගමි පොරොන්දු දුන්නා....

ඉදින් රැකගමි.....
කිසිදා අත් නොහරිමි....
අදින් ඇරඹි පෙම.....
පණ මෙන් රැකගමි......


           යී ඩැඩීගෙන් ඒන්ජල්ට ආදරෙන් (✍️තිසූ )
.
.
.
.
.
මගෙ මැණික මාව අල්ලගෙන බදාගෙන තුරුල් වෙද්දි මම පරිස්සමට bike එක main road එකට දාලා වෙනදා තරම් වේගෙකින් නැතුව හෙමින් ආවා....කොල්ලා මගේ පිටටත් හේත්තු වෙලා පූසා වගේ මාව හූරනවත් එක්ක....මල කෝලම .......ඔය වෙලාවට තමා හිතෙන්නෙ සෝස පාට වෙනකම් ඉබගෙන ඉබගෙන යන්න....හී .....කොහොම හරි හෙමින් ආව නිසා පැය බාගෙ විනාඩි හතලිස් පහක් වෙලා තමයි ගෙදරට ආවෙ 🙈.....මම bike එක නවත්තලා ජාන්ට බහින්න කියද්දි බයෙන් බයෙන් එයා බැස්සා......දොර නම් වහලා....හැබැයි එළියෙ light දාලා.....අම්මි නිදිද දන්නෑ.....

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓(Yizhan WangXian  COMPLETED )Where stories live. Discover now