𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓
"යීබෝ යීබෝ නැගිටපන්කො....."
නිදාගෙන හිටපු මං ගැස්සිලා ඇහැරුණේ කුවානයගෙ කෑගැහිල්ලට...සැක් නිවාඩු දවස කියලා නිදාගන්න හිටියා මදැයි 😒......
"මොකද කන ළග ඉදන් ගාන්ටාරෙ ගහන්නෙ ඈහ් 😒....නිවාඩු දවසෙ නිදාගන්න දීපන්කො 🙂......"
"නැගිටපන් නැගිටපන් ඉක්මනට ....."
"ඒ මොකටද......?"
"මනුස්පයො Game එක......."
"ඇයි ඇයි game එක මොකද 🥺......?"
නිදිමරගාතෙ හිටපු මගේ නින්ද උඩ ගියේ මේකා Game එක මතක් කළාම...
"යකෝව් game එකට ඕන ඔක්කොම ටික register වෙලා ......"
"ඈහ් උලමො මං හිතුවා ටෝ කිව්ව විදියට මොකක් හරි අවුලක් කියලා සෙද්ද....."
මං කුවානයට බැන බැනම ආයෙ ශීට් එක පොරවගනිද්දි මෙකා ගැහුවා නේද මගෙ සප්තලම් පස්සට පාරක් ඇදෙන් බිමටම වැටෙන්න 😒.....ඊටපස්සෙ ඉතිං නිදාගැනිලි බොරු.....උගේ ජාතිය අමතන ගමන් පස්සත් අත ගගාම මම barthroom එකට රිංග ගනිද්දි මේකා පහළට ගිහිනුත් ඉවරයි .......මමත් ඉතිං නාගෙන පහළට ගිහින් ඌ එක්කම කාලා ආයෙ කාමරේට ආවා....කුවාන්ට ඉතිං මෙහේ උගේ ගෙදර වගේ තමයි ...මොකද නිවාඩු දවස් වලට වගේම හැම free time එකකම මූ ඉන්නෙ අපේ ගෙදර නිසා...
"කුවානයො....."
"ඕ......?"
"කීයටද කට්ටිය සෙට් වෙන්නෙ game එකට......?"
"හැමෝටම පුලුවන් වෙලාව දාලා තිබ්බෙ 8.30න් පස්සෙ.....දැනුත් 8යි.....යමන් online ....."
"හරි හරි ඉදාම් Wifi Connect කරලා එන්නම්...."
"අන්න ඒවා හොද වැඩ 😌....."
"පලෑම් යන්න හුහ් කෝටිපති ව්‍යාපාරික පුතෙක් නේද දෙයියනේ මේ අහිංසක මාව හූරගෙන කන්නෙ 😒....."
"අනේ මේ ඒ මගේ නෙමේ ඩෑඩ්ගෙ සල්ලි හරිද හුහ්...😌....."
"හරි හරි හිටාම් පොඩ්ඩක්....."
මම ගිහින් wifi connect කරලා ආයෙම ඇවිල්ලා lap එක on කළා...කුවානුත් එයාගෙ lap එක on කරගත්තා....අපි දෙන්නා අනික් අය online එනකම් කයියක් දාගෙන ඉද්දි අම්මි shop එකට ගියා....කොච්චර සේවකයො හිටියත් අම්මි අනිවාර්යයෙන් පැය දෙක තුනක් shop එකට ගිහින් එන්න යනවා....අම්මි ගියාට පස්සෙ අපි ආයෙම කයියට වැටුණා...
VOCÊ ESTÁ LENDO
𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓(Yizhan WangXian COMPLETED )
Fanficහිතුවෙ වත් නැති දවසක....... හිතන් නැතුවම ළං වුණා.....💚❤️