අනතුර 💔

410 119 23
                                    

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓
.
.
.
.
.
.
කලින් ගෙදර යන්න වෙන එක ගැන සතුටින් ජාන් එළියට ඇවිල්ලා යීබෝ කන්න ආස කෑම ගන්න ළගම තිබ්බ Shop එකකට ගියා.....ඉතිං බඩු ටිකත් අරන් වාහනේට නැගලා යීබෝට එනවා කියලා call එකක් දීපු ජාන් වාහනේ start කරලා ටික දුරක් ආවා.....ඒ හරියෙ පාර ටිකක් පාළු නිසා ජාන් ඉක්මනින් drive කරද්දි ඉස්සරහින් ආව කලු පාට ඩිෆෙන්ඩර් එකක් ජාන්ගෙ වාහනේ හරස් කරලා නැවැත්තුවා.....බයවුණ පාරට ජාන්ට බ්‍රේක් එක තදටම පෑගුණා.....ඒ වාහනෙන් ආව කලු ඇදගත්ත මූණු වහගත්ත තුන් දෙනෙක් ජාන්ගෙ වාහනේ ළගට ඇවිල්ලා වීදුරුවට තට්ටු කළා.....ජාන් බයටම වීදුරුව ඇරියෙ නැති වුණත් උන් එකෙක්ගෙ ළඟ තිබ්බ පිස්ටල් එකක් වීදුරුවට ඒම් වෙනවත් එක්කම ජාන් වීදුරුව ඇරියා.....

"ඔ.....ඔයාලා ක....කවුද.......?"

"ඒවා උඹට අදාල නෑ චූටි මහත්තයා ........දැන් වාහනෙන් බැස්සා නම් 😏........"

"මට බෑ ....මට යන්න දෙනවා........"

"හා හා සද්ද එපා ......සද්ද දැම්මොත් මහත්තයටමයි අමාරු.....ඒ නිසා බැහැපන්......."

උන් එහෙම කියද්දි ජාන් 4n එකත් ශේප් එකේ සාක්කුවට දාන් බයෙන් බයෙන් බැහැගත්තා.....ජාන් බැස්ස ගමන් එකෙක් ජාන්ගෙ ඔලුවට පිස්ටල් එක තියද්දි අනෙකා ජාන්ගෙ වාහනේ පාර අයිනට වෙන්න පාක් කළා.....පිස්ටල් එක අතේ තියන එකාගෙ අවධානෙ වෙනස් වෙද්දිම ජාන් ඉක්මනට 4n එක ගන්න සාක්කුවට අත දැම්මත් ඊට කලින් ක්‍රියාත්මක වුණ අනික් එකා ජාන්ගෙ නහයට ලේන්සුවක් තියලා සිහිය නැති කළා......
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජාන් bank එකෙන් එළියට ඇවිල්ලා ගෙදර එනවා කියලත් පැයකට කිට්ටු වෙන්න ආව නිසා යීබෝ ජාන්ට call එකක් ගත්තා......ඒත් 4n එක off කියලා වැටෙද්දි යීබෝ හොදටම කලබල වුණා.....මේ තරම් වෙලා ගිහිනුත් ජාන් නෑ කියන්නෙ ජාන්ට මොකක් හරි කරදරයක් කියලා හිතුණ යීබෝට ඇඩුණා.... තව ටිකකින් ජාන් නැති නිසා තමන් මොන පිස්සුවක් නටයිද කියලා ෂුවර් නැති නිසා ඉක්මනින් යීබෝ කුවාන්ට කතා කළා....කතා කරන පරක්කුවට විනාඩි 10ක් යන්නත් කළින් කුවාන් එහාට එද්දි මගදි දැක්කෙ ජාන්ගෙ කාර් එක...
.
.
.
.
.
"යීබා.....යීබා......."

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓(Yizhan WangXian  COMPLETED )Where stories live. Discover now