කිම් ටේහ්‍යුන්•~☕

669 174 16
                                    

ජිමින් ලොකු හුස්මක් අරන් දොර ඇරියා.. එකපාර ඇහුනු සිලිං බිලිං සද්දෙට ජිමින්ව ගැස්සිලා යද්දි ජිමින් උඩ බැලුවා.. තාමත් දොර ඇරෙද්දි සද්දේ එන්න එල්ලලා තිබුනු ⁣සීනු වැල හෙල්ලෙනවා..

කොෆි ශොප් එකේ ඇතුලේ කිහිප දෙනෙක්ම හිටියා.. ජිමින් හොර පූසා වගේ කොනේම මේසෙට දුවලා ගිහින් වාඩිවුනේ එයාගේ ක්රශ් එක කැශියර් එකේ නෑ කියලා ශුවර් කරගත්තට පස්සේ.. ජිමින් බෑග් එක ගලෝලා වටපිට බැලුවා.. ජිමින්ට කොපි⁣ ශොප් එක පෙනු⁣නේ අමුතුම තැනක් විදියට..

කැශියර් එක ගාවම ටේබල් එකේ හිටියේ ජිමින්ගේ ස්කෝලෙම ගැහැනු ලමයි කන්ඩායමක්... ජිමින් වටපිට බල බල ඉන්න අතරේ දැක්කේ එයාගේ ක්රශ් එක කැශියර් එකට ආපු විදිය.. ජිමින් ඉක්මනට මෙනු කාඩ් එකෙන් මූන වහගත්තා.

ජිමින් මෙනු කාඩ් එකෙන් මූන වහගෙනම හොරෙන්ම බලන් හිටියේ එයාගේ ක්රශ් එක දිහා.. ඒප්‍රන් එකත් ඒක ඇදන් ඉන්න කෙනා නිසා ලස්සනට පේනවා කියලා ජිමින්ට හිතුනා.. ජිමින් බලාගෙන ඉද්දිම ඒ ලග මේසේ හිටිය කෙල්ලෝ දෙන්නෙක් ගිහින් එයාගේ ක්රශ් එකත් එක්ක කතා කරන්න ගත්තා.. ජිමින් එයාගේ ක්රශ් එකගේ හිනාවට වහ වැටිලා වගේ බලන් හිටියා..

එයා ලස්සනයි...

ජිමින් දැක්කේ එයාගේ ක්රශ් එක කෙල්ලෝ දෙන්නා එක්ක සෙල්ෆියකට ඉන්න හැටි.. ජිමින්ගේ අතින් මෙනු කාඩ් එක අතඇරෙද්දි ජිමින් වැටෙන්න ගිය කන්නාඩිය හදාගෙන ආයෙත් මෙනු කාඩ් එක අරන් මූන වහගත්තා...

ජිමින් එයාගේ ක්රශ් එක දිහා කොච්චර වෙලාවක් බලන් හිටියද කියලා එයාට මතකයක් තිබුනේ නෑ..

"ඔයා පාඩම් කරන්නැද්ද??" ජිමින්ට ඇහුනේ එයා ලගින්ම ආපු කටහඩක්... එයාගේ කල්පනාවට බාදා කරපු එක ගැන අකමැත්තෙන් ජිමින් ආගන්තුකයා දිහාට ඇස් යොමු කරා.. එතන හිටියේ එයාගේ වයසෙම වගේ කොල්ලෙක්.. ඇදන් හිටිය ඇදුමෙනුයි ඒප්‍රන් එකෙනුයි එයා මෙතන වැඩ කරන කෙනෙක් කියලා ජිමින්ට තේරුම් ගන්න පුලුවන් වුනා.

"ඔයා පා⁣ඩම් කරන්නෙත් නෑ.. මුකුත් ඕඩර් කරන්නෙත් නෑ... ඔයාට මොනාද ඕනා??.." කොල්ලා කියද්දි ජිමින් කන් දෙක රතු කරගත්තා...

"ම..මම් පාඩම් කරනවා.. ඔයා මොනා කියනවද මන්දා??" ජිමින් එහෙම කියලා බිම බලන් තොල හපාගත්තේ එයාගේ ක්රශ් එක දිහාත් බැල්මක් දාන ගමන්.. ජිමින් දැක්කේ වයසක ආච්චි කෙනෙක් එක්ක හිනා වෙමින් කතා කරන එයාගේ ක්රශ් එකව..

"කෝ පොත්.. පාඩම් කරන්නේ පොත් වලින් නෙවේද??" ජිමින් ලග හිටපු කොල්ලා අහද්දි ජිමින් කරදරෙන් වගේ ඒ කොල්ලා දිහා බැලුවා..

"පාඩම් කරන්න යන්නේ.. පොතුත් තියනවා.. ඔයා දැන් යන්න..." ජිමින් ඔරෝලා කියලා බෑග් එක අරන් සද්ද කර කරම පොත් ටික එලියට ගත්තා..

"ඕඩරේ දෙන්න.. එතකොට මම යන්නම්.." ආපහු කොල්ලා කියද්දි ජිමින් දත්මිටි කාගෙන ⁣ඒ කොල්ලා දිහා බැලුවා..

"කෝපි.. කෝපි..

කෝපි ගේන්න.. හහ්.." ජිමින් කේන්තියෙන් කිව්වා.. ඊටපස්සේ එයා මූන පොතේ ඔබා ගත්තේ ඕඩරේ ගත්ත කොල්ලට පොතෙන් දමලා ගහන්න හිතෙන සිතුවිල්ල පාලනේ කරගන්න ගමන්..

ටිකකින් ජිමින්ට එයාගේ කෝපි එක හම්බුනා.. කෝපි වලට පොඩ්ඩක්වක් කැමති නැති ජිමින් ඇයි එයා කෝපි ඕඩර් කලේ කියලා දහඅතේ කල්පනා කරන්න ගත්තා.. ⁣එයා ගාව තාමත් හිටන් ඉන්න වදකාර කොල්ලව දැකලා ජිමින් කෝපි කොප්පේ අරන් බීගෙන ගියා..

ජිමින් පාඩම් කලා.. හැබැයි කිසිම දෙයක් ඔලුවට ගියේ නැති එක වෙනම දෙයක් වුනත් ජිමින් හවස් වෙනකන්ම පොත පෙරලගෙන එයාගේ ක්රශ් එක දිහා ලගින් ඉදන් බලාගෙන හීන මව මව හිටියා.. වදකාර ⁣කෝපි කොල්ලා නිතර නිතර එයා ගාවට ඇවිත් එක එක එව්වා කියලා ගියත් ජිමින් එයාව පාලනේ කරගෙන ඔහේ හිටියා..

හවස පහට විනාඩි දහයක් තියෙද්දි ජිමින් දැක්කේ එයා දිහා බලන එයාගේ ක්රශ් එකව...

"අපි දැන් කැෆේ එක වහනවා.. ඔයා දැන් යන්න.. ගොඩක් පාඩම් කරලා මහන්සිත් ඇතිනේ.." ජිමින් ගැස්සුනේ එයා ගාවට ඇවිදන් ආපු කෝපි කොල්ලා නිසා.. ඒ වෙනකොටත් කැෆේ එකේ හිටියේ ඒ තුන්දෙනා විතරයි.. කෝපි කොල්ලගේ මූනේ තිබුනේ කින්ඩි හිනාවක්..

"ආාහ්.. හා.." ජිමින් කෝපි කොල්ලට ඔරෝලා කැශියර් එක ගාවට ගෑටුවා.. ජිමින්ට දැනුනේ එයාගේ හාට් එක පිස්සුවෙන් වගේ ගැහෙන හැටි.. ජිමින් වැටෙන්න එන කන්නාඩිය හරියට නහය උඩ රදෝගෙන ඇස් යටින් එයාගේ ක්රශ් එක දිහා බලලා කෝපි වලට සල්ලි දික් කරා..

"කිම් ටේහ්‍යුන් " එයාගේ ක්රශ් එකගේ ශර්ට් එකේ ගහලා තිබුනු නේම් ටැග් එකේ තිබුනේ එහෙම..

ජිමින් ටේහ්‍යුන් දිහා බලන්න ලැජ්ජ හිතුනු නිසා ඉතුරු සල්ලිත් අරන් පන එපා කියලා ගෙදර දිව්වා..

Café Crush  [VMINKOOK ] (Completed)Where stories live. Discover now