නපුරු මිනිහා•~☕

521 161 13
                                    


    ජන්කුක්, ජිමින් ටේහ්‍යුන් එක්ක මුකුලු කරන විදිය ජිමින් ඉදන් හිටපු මේසේට වෙලා බලන් හිටියා.. එයා දැක්කා අන්තිමට ජිමින් තාරා පැටියගේ කි ටැග් එක ටේහ්‍යුන්ගේ අතට ⁣දීලා ලැජ්ජාවෙන් දුවන් එන හැටි....

ජන්කුක් ටේහ්‍යුන් දිහා ඊරිසියාවෙන් බලන් හිටියා....

"මම ඒක දුන්නා ජන්කුකා... ටේහියුන්ගි ඒක ගත්තා.. එයා තැන්කූ කිව්වා මට.." ජිමින් මූන රතු කරන් හුරතලයෙක් වගේ කියෙව්වා.. එයා හිටියේ ගොඩක් සතුටෙන්...

"ඇත්තට??" ජන්කුක් ටේහ්‍යුන් දිහාම බලන් කිව්වා...

"ජන්කුකි... මේ අහන්න.. මට ටේ හියුන්ගිට කම්ෆෙස් කරන්න ඕනා... මට උදවු කරන්නකෝ... මට ඇත්තටම ඒ ගැන හිතාගන්න බෑ..." ජිමින් මූනත් රෝස පාට කරගෙන හුරතලෙක් වගේ කිව්වා...

"මට සමාවෙන්න ජිමිනා.. මටත් හිතා ගන්න බෑ..." ජන්කුක් කිව්වා...

"ඔයාට ඉතින් මේවා තේරෙන්නැනේ.." ජිමින් කිව්වා.. එයාට අනුවනම් ජන්කුකි කියන්නේ හුරතල් මල්ලි බබෙක්...

...................

"ඒක දෙන්න මට!!" එයා කිව්වා.. ටේහ්‍යුන් හිටියේ බයෙන් ගැහෙන්නැතිව ඉන්න උත්සාහ කරන ගමන්...

"ඒත්?? ඒක මට ලැබුනු ගිෆ්ට් එකක්.. ඒ නිසා?" ටේහ්‍යුන් බිම බලාගෙන කිව්වා..

"කිම් ටේහ්‍යුන්???.. මම එකම දේ දෙපාරක් කියන්න කැමති නෑ කියලා දන්නවනේ??? දෙනවා ඕක මට!!!" නපුරු පාට මනුස්සයා කෑ ගැහුවා... ඉතින්... අන්තිමට ටේහ්‍යුන්ට අකැමැත්තෙන්ම එයාට ජිමිනි දුන්නු තාර පැටියගේ කී ටැග් එක නපුරු මිනිහගේ අතින් තියන්න වුනා...

"ගුඩ්.. දැන් යන්න පුලුවන්..." නපුරු මිනිහා එයාට කොහොමටවත් ගැලපෙන්නේ නැති තාරා පැටියගේ හුරතල් කීටැග් එක දිහා බලන් හිටියා... හරියට නිකන් මේ ලෝකේ තියන වටින දෙයක් දිහා බලන් ඉන්නවා වගේ...

ටේහ්‍යුන් නපුරු මිනිහා දිහා බලලා හුස්මක් හෙලලා ඒ අදුරු කාමරෙන් එලියට ආවා...

ටේහ්‍යුන් ගිය ගමන්ම නපුරු මිනිහා පිස්සෙක් වගේ කී ටැග් එකේ සුවද බලන්න ගත්තා... හරියට ඒක දුන්නු කෙනාව මවාගෙන වගේ...

Café Crush  [VMINKOOK ] (Completed)Where stories live. Discover now