කපල් කීටැග්•~☕

518 156 12
                                    

ඒ එක එක සුකුරුත්තන් කෑලි විකුණන පුංචි කඩයක්...

ජිමින්ගේ ඇස් ගියේම ලස්සන හුරතල් කී ටැග් දෙකකට... ඒක කපල් කී ටැග් දෙකක්... ඉතින් ජිමින්ට කෙනෙක්ගේ මූනක් මැවි මැවී පේන්න ගත්තා....

"හී..." ජිමින් කී ටැග් දෙකත් උස්සන් ඇස් දෙක ගිල්ලගෙන හිනා වුනා... එයා හිටියේ කොෆිශොප් එකට යන ගමන්.. අහ්ම්.. හොදයි.. එයාට විබාගෙනේ.. ඉතින් එයා පාඩම් කරන්න ඕනේ...

"ඕහ්.. ජිමින්සී... මේ මොකක්ද මේ..." එකපාර ජිමින්ගේ මූන ඇද වෙලා ගියේ එයාගේ අතින් කී ටැග් දෙක ඇදිලා යද්දි... ඒ බෙලෙක්ක කටහඩ කාගෙද කියලා එයා හොදින්ම දැන ගත්තා..

ජිමින් මූන පුම්බම් කී ටැග් වලට හිනාවෙන ජන්කුක් දිහා බලන් හිටියා...

"යාාාා... ඕක දෙනවා මෙහෙට..." ජිමින් පුම්බන එක නවත්තලා කෑ ගැහුවා... එයා උස ජන්කුක්ගෙන් කී ටැග් දෙක ගන්න පුදුම ගේමක් දුන්නේ...

"මේ තාරපැටියනම් ඔයා වගේමයි ජිමින්සී.... ඒත් මේ වලස් පැටියා මොකාද???" ජන්කුක් හිනා වෙවී කියෙව්වා...

"ඕක දෙනවා මෙහෙට මෝඩ කුක්කෝ..." ජිමින් උඩ පැන්නා...

"ඇත්තටම ජිමින්සී ඔයා කෙල්ලෙක්ද මේ වගේ ඒවා ගන්න... බලන්නකෝ.. මේවා හුරතල්නේ.." ජන්කුක් හිනා වෙවී කියෙව්වේ එක අතකින් කී ටැග් උස්සන් වගේම අනිත් අතේ ඇගිල්ලකින් ජිමින්ගේ නලල තල්ලු කරන ගමන්... ජිමින්ගේ මකුලු දැගලිල්ල නැවැත්තුනේ ජන්කුක්ගේ කට කැඩිච්ච කතාවට..

"යාා.." ජන්කුක් එයාගේ දනිස්සට වැදුනු පාරට කෑ ගැහුවා....

"මම කෙල්ලෙක් නෙවේ ජන්කුක්ශී.. අහගන්නවා... මම මේක ගත්තේ මගේ ටේහ්‍යුන්ගිටයි මටයි.. ඒ නිසා වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නවා...." ජිමින් ආයේ පාරක් ජන්කුක්ගේ ඔලුවට ගහන ගමන් කියෙව්වා... එයා තරහ ගියපු බෝලයක් වගේ පෙනුනා... එතකොට ජන්කුක්ගේ මූන!!!! ඒක නම් හරිම........

 එතකොට ජන්කුක්ගේ මූන!!!! ඒක නම් හරිම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Café Crush  [VMINKOOK ] (Completed)Where stories live. Discover now