ජිමින් ඇස් ඇරියා... එයාට මේ වෙන්නේ මොනාද කියලා කිසිම තේරුමක් තිබුනේ නෑ.. ටේහ්යුන් කිව්ව දේවල් හීනෙන් වගේ ජිමින්ගේ ඔලුවේ රැදිලා තිබුනා.. ටේහ්යුන් එයාව ආයේ වතාවක් පාරේ මැද දාලා ගිය හැටි එයාට හොදට මතකයි.. ඒ වගේම එයා ටේහ්යුන් පස්සෙන් යන්න යද්දි එයාගේ නහයට දැනුනු සැර සුවද පවා...
ජිමින් එයාගේ රිදෙන ඔලුව අල්ලන් නැගිට්ටා... එයා හිටියේ හරිම සුවපහසු ඇදක.. ඒ මුලු කාමරෙම ලා රෝස පාටක් එක්ක ඕෆ් වයිට් පාටින් හැඩ කරලා තිබුනා... හැම දෙයක්ම හරිම දිව්යමය පාටට තිබුනා... හරියට නිකන් සුරංගනා ලෝකයක් වගේ... ඒ වගේම ඇද උඩ හිටපු කෙනාට ඒ පරිසරය හොදටම ගැලපුනා...
තට්ටු කිරීම් දෙකකට පස්සේ දොර ඇරුනේ ජිමින්ගේ ඇස් ඒ පැත්තට යොමු වෙද්දි... ඒ හිටපු කෙනා දකිද්දි ජිමින්ගේ හුස්ම හිරවුනා....
"ටේ...??" ජිමින්ගේ කටින් පිටවුනත් ටේහ්යුන්ගේ ඇස් වල තිබුනේ හරිම කනගාටු පෙනුමක්.... ජිමින්ගෙන් සමාව ඉල්ලන්නා වගේ ටේහ්යුන් බිම බලාගෙන දොර ඇරලා ඒ කෙනාට කාමරේ ඇතුලට එන්න ඉඩ දුන්නා...
"වෙල් වෙල්..." ඒ කෙනා ජිමින් දිහා හරිම ආසාවෙන් බැලුවා....
"ජන්කුක්???" ජිමින්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා ගියා... එයාට ජන්කුක්ව අමතක වෙලා ගිහින් තිබුනේ.. අවුරුදු අටකට පස්සේ මෙන්න ජන්කුක් එයාගේ ඉස්සරහා... ඒ වගේම හරිම දරුනු පාට කඩවසම් ශරීරරයක් එක්ක....
"ඔයාට දැන් යන්න පුලුවන් ටේහ්යුන්..." ජන්කුක් ජිමින් දිහා බලාගෙනම කිව්වා... ටේහ්යුන් ජන්කුක්ට ආචාර කරලා යන්න ගියේ ජිමින් දිහාට සමාව ඉල්ලන බැල්මක් දීලා....
"සප්රායිස්.." ජන්කුක් ලා රෝස පාට දොර වහන ගමන් හිනා වුනා...
"ජ..ජන්කුක්?? ඇයි මේ??" ජිමින් ගොත ගැහුවා...
" වයි බේබ්.. ඔයා මේකට කැමති නැද්ද?? ඒත් මම මේකට හරිම කැමතියිනේ.." ජන්කුක් ඇදේ ඉදගන්න ගමන් කිව්වා.. ජිමින්ට අනාරක්ෂිත බවක් දැනෙද්දි ජිමින් ජන්කුක්ගෙන් ඈත් වෙන ගමන් පස්සෙන් පස්සට ඇදුනා...
"ජ...ජන්කුක්.. මොකක්ද මේකේ තේරුම.." ජිමින් ඇහුවා..
"මගේ ඒන්ජල්... අවුරුදු අටක් තිස්සේ ඔයා දිහා ඈත ඉදන් බලන් ඉදලා මට එපා වෙලයි හිටියේ... ඊට කලිනුත් ඔයාට මාව පෙනුනේ නෑනේ.. ඔයාට පෙනුනේ අර වැඩකට නැති කිම් ටේහ්යුන්ව විතරනේ... ඉතින්... දැන් ඒ කිසිම දෙයකින් වැඩක් නෑ.. දැන් ඔයා ඉන්නේ මගේ ඇස් ඉස්සරහා... ඉතින්.. අපිට පුලුවන් අද ඉදන් සතුටින් ජීවත්වෙන්න..." ජන්කුක් ජිමින්ගේ කම්මුලක් අත ගාන ගමන් පිස්සුවෙන් වගේ කියෙව්වා....
"ඔයා කවුද?? ඇයි මෙහෙම කරන්නේ... මට යන්න දෙන්න!!' ජිමින් කදුලු පුරෝගෙන කිව්වා...
"නෝ බේබ්... නෝ... ඔයා නිසා මම ගොඩක් දේවල් කලා... මගේ හෙයෝන් වගේ හිටිය මගේ දකුනු අතට පවා මම රිද්දුවා.. ඉතින් මම එච්චර දේවල් කරලත් මම කොහොමද ඔයාට යන්න දෙන්නේ??? මම ඔයාට ආදරෙයිනේ..." ජන්කුක් කියෙව්වා... එයා දරුනු පාටයි... ඊටත් වඩා පිස්සු පාටයි...
ජොන් ජන්කුක්... බුසාන් වල මාෆියාවේ නව උරුමකරු... හිතක් පපුවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති මනුස්සයෙක්... එතකොට ටේහ්යුන්... එයාගේ දකුනු අත... එතකොට ජන්කුක්ගේ හිත හොරාගත්තු පුංචි ඒන්ජල් ජිමින්... එයා ජිමින් වෙනුවෙන් කොච්චර දේවල් කරාද?? එයා ජිමින් වෙනුවෙන් අර විකාර කොපි ශොප් එකේ කෝප්ප පවා හේදුවා... ජිමින් ටේහ්යුන් එක්ක ආදරෙන් බැදිලා ඉද්දි ඒ දිහා බලන් හිටියා... එයා ටේහ්යුන් ගැන ඊරිසියාවෙන් ටේහ්යුන්ට රිද්දපු තරම්.. ඒ කවදාහරි ඒයාගේ දකුනු අත... එයා ටේහ්යුන්ට සැලකුවේ එයාගේ හෙයෝන්ට වගේ... ඒත් ටේහ්යුන් එයාගේ ජිමිනිව උදුර ගන්න හදනවනම්????
එතකොට අවුරුදු අටක්ම එයා ජිමින්ගේ පස්සෙන්ම ඉදන් හොරෙන්ම එයා දිහා බලන් හිටියා... ජිමින්ගේ හැම දවසක්ම... හැම පැයක්ම.. හැම විනාඩියක්ම.. හැම තත්පරයක්ම ගෙවුනේ ජන්කුක්ගේ ඇස් ඉස්සරහා...ඉතින් එයා කොහොමද ජිමින්ට යන්න දෙන්නේ..
"ඔයාට පිස්සු ජන්කුක්..." ජිමින් කදුලු වැක්කෙරෙද්දි මිමුනුවා.. එයාට ලොකු බයක් දැනුනා...
ජන්කුක් හරිම බයහිතෙන විදියට හිනා වුනා....
End...☕
මේ කවරේ විසිකරලා දාන්න ලෝභ නිසා මේ මෝඩ කතාව නොදා බැරි වුනා... 🥲