අනතුරක්•~☕

529 170 12
                                    

ජිමින් තියන අඩියක් ගානේ එයාගේ බෑග් එකේ එල්ලලා තියෙන වලස් පැටියගේ කී ටැග් එකේ සිලිං බිලිං එක හෙල්ලුනා.. එයා ඒ සද්දෙට ආසාවෙන් උඩ පැන්නා.. දිව්වා.. මම හැමතිස්සේම කියනවනේ... එයා හුරතල් බෝලයක්...

ජිමින් ශොප් එකට එද්දිත් ටේහ්‍යුන් විතරයි ඇතුලේ හිටියේ.. ජිමින් එක එක එව්වා හිතන ගමන් මූන රතු කරගෙන මේස පිහදාන ටේහ්‍යුන් ගාවට දිව්වා...

"සුබ දවසක් ටේ ටේ හෙයෝන්..." ජිමින් කියෙව්වා.. එයාගේ කම්මුල් සතුටට පිම්බිලා ගිහින්...

"ඕහ්... ජිමිනි..." ටේහ්‍යුන් සතුටු හිනාවකින් මූන පුරෝගත්තා...

"හෙයෝන්... මමත් ඔයාට උදවු කරන්නද??" ජිමින් ඇහුවේ වෙන අහන්න දෙයක් මතක් නොවුනු නිසා...

"ඕන නෑ ජිමිනි... ඔයා පාඩම් කරන්නකෝ.. මම මේ ටික කරගන්නම්.. තව ටිකයි තියෙන්නේ..." ටේහ්‍යුන් කිව්වේ එයාගේ ඉස්සරහා ඉන්න හුරතල් කොල්ලගේ කොන්ඩේ අවුස්සන ගමන්...

ජිමින් මූන රතු කරන් එයාගේ කොන්ඩෙට අත ගෙනිච්චා.... ටේහ්‍යුන් කිචන් එක පැත්තට යද්දි ජිමින් හීනෙන් වගේ එයාගේ කොන්ඩේ අල්ලගෙන හිනා වුනා...

"දෙයියනේ.. ටේ ටේ හෙයොන්ගි මගේ කොන්ඩේ ඇල්ලුවා..."

..................

මිසිස් පාර්ක්ට හදිසියේම ජිමින්ට වැඩක් පැවරුව නිසා සෙනසුරාදා දවසේ ජිමින්ට ⁣ටේ ටේව බලන්න යන්න බැරි වුනා... ඒ වගේම කියන්න ඕනා එයා දවස් දෙකේම හිටියේ ටේහ්‍යුන් එයාගේ කොන්ඩේ ඇල්ලුව එකට හීනෙන් වගේ.. ඉතින් එයා ටේහ්‍යුන් ඇල්ලුව තැනින් කොන්ඩ කෑල්ලක් කපලා ලස්සනට ඔතලා ඒක ඩයරිය අස්සේ දාගත්තා... ආාා... ඒ වගේම එයා නාන එකත් දවස් කීපෙකට කල් දැම්මා... හීක්..😀

ඉතින් එයා සදුදා හවස ශොප් එකට ගියේ හෙන සතුටින්...

ඒත් එයා දැකපු දේ!!!!

"ටේ හියුන්ගි!! ඔයාට මොකද වුනේ???" ජිමින් ඇස් වල කදුලු පුරෝගන්න ගමන් ඇහුවා... ටේහ්‍යුන්ගේ අත මැනික් කටුවේ ඉදන් වැලමිට උඩට යනකන්ම වෙලලා තිබුනා....

"ආාහ් ජිමිනා..." ටේහ්‍යුන් හිනා වෙන්න උත්සාහ කලා...

"කොහොමද මෙහෙම උනේ.. ඔයාට ගොඩක් රිදෙනවද??" ජිමින් එයාගේ රෝස කම්මුල් උඩින් කදුලු ගලාගෙන යද්දි ඇහුවා... ජිමින් ටේහ්‍යුන්ගේ තුවාල අත අල්ලන්න උත්සාහ කලා....

ඒත් ටේහ්‍යුන් ජිමින්ගේ අතින් ඈත් වුනේ කටහඩක් එයාගේ ඔලුවේ රැව් පිලි රැව් දෙද්දි...

' මේ අතින් නේද එයාව ඇල්ලුවේ ආහ්... මේ අතින් නේද මගේ ඒන්ජල්ව ඇල්ලුවේ... කියපන්...' ටේහ්‍යුන්ට නපුරු මිනිහා එයාගේ අතට පහර දුන්නු හැටි මැවි මැවී පේන්න ගත්තා....

ටේහ්‍යුන් එයා⁣ගේ ඉස්සරහා ඉන්න ජිමින් දිහා බලලා කතාකලා...

"ඒක අනතුරක් ජිමිනා... එච්චර දෙයක් නෑ... මට පොඩ්ඩක්වත් රිදෙන්නැ..." ටේහ්‍යුන් එයාගේ අතේ වේදනාවට තොල හපාගෙන කිව්වා....

ජිමින්ගේ කම්මුල් උඩින් තව කදුලු පේලියක් ගලාගෙන ගියා....

Café Crush  [VMINKOOK ] (Completed)Where stories live. Discover now