ඒත් මෙච්චර කල් මගේ හිතේ තිබ්බ සැකේ හරි ද..? ජන්කුක් ටේහ්යුන්ග් ට ආදරෙයි නේ ද..!??. එතකොට අර petals- නැහැ...
නැහැ නැහැ එක වෙන්න බැහැ.. ජන්කුක් ටේ ට කැමති ද නැත්නම් ඒ වෙන කෙනක් ද.. නැහැ මේක වෙන්න බැරි දෙයක්..
" ජිමින් පිස්සු හැදිලා ද.. ඔයා බලන්න ඔයා ඔය කිම්චි එකට folk එකෙන් අනින්නේ..චෝප්ස්ටික්ස් දෙක ගන්න්වකෝ.. පිස්සු හැදිලා ද..?? "
යුන්ගි හ්යුන්ග් කියද්දී මං පොඩ්ඩක් මගේ plate එක දිහා බැලුවා.. අයිෂ් මං මේ මොනා ද කරන්නේ..
"නැහැ හ්යුන්ග් වැරදිලා.."
මම පොඩි හිනාවක් දාලා හ්යුන්ග් ට කිව්වා..
"මං හිතන්නේ maknae line එකටම පිස්සු හැදිලා අද.. ජන්කුක් ටී එක වැරදි පැත්තට ඇදලා.. ටේහ්යුන්ග් කවදාවත් නැතුව අද අර කෝප්පෙට දාගෙන ඇවිත් තියෙන්නේ කොෆි.. ජිමින් දෙතුන් වතාවක් folk එක වැට්ටුවා පස්සේ චෝප්ස්ටික් එක වෙනුවට බත් කැවෙත් folk එකෙන්.. මං බලන් හිටියේ.."
ජින් හ්යුන්ග් කියාගෙන ගියෙ අපි තුන් දෙනාම මුනට මුණ බලා ගද්දි..
"ම්ම් මට ටිකක් අමා-අමාරුයි වා-වගේ එකයි.. බා-බඩ ටී-ටිකක් රි- දෙනවා.. එකයි කො-ෆි ටිකක් ගත්තේ.."
ටේහ්යුන්ග් පටලව පටලව කිව්වා..
"ඇදුම මං හිතුවා මේ විදියට ලස්සන වෙයි කියලත්.."
ජන්කුක් බිම බලන් කිව්වා..මාත් කියන්න එපැයි නිදහසට කරුණක්..
"නැහැ නැහැ.. එහෙම නැහැ.. මං මේ try කළා..හ්යුන්ග්.. 😁 "
මමත් හිනා වෙන ගමන් කිව්වා..
"විශ්වාස කරමු කට්ටිය.."
ජින් හ්යුන්ග් හිනාවක් දාලා අපි කාපු පිඟන් ටික අරන් ගියා.. අපිත් කට්ටිය කට්ටිය අපේ රුම් වලට ගියා.. ඒත් මගේ හිතේ වැඩ කලේ වෙන දෙයක් ජන්කුක්.. ජන්කුක් ගැන හොයන්න ඕනේ උනා.. ටේ ගැන බලන්න ඕනේ..ඒත් දැන් කුකී කාමරේට දිව්වා විදියට එයාගේ පස්සෙන් යන්න ඕනේ..
මමත් වැඩිය හිතන්නේ නැතුව මගේ තට්ටුවට යනවා වගේ දෙවෙනි තට්ටුවට ගිහින් හිමින් සැරේ රිංගුවේ මගේ කාමරේට එහා පැත්තේ තිබ්බ කුකී ගේ කාමරේට...
දොර ලොක් කරලා තිබ්බේ නැති නිසා එක නිකම්ම ඇරෙද්දි මං කාමරේ ඇතුලට සද්ද නැතුව ගියා.. කාමරේ අයිනේ තිබුණු බාත්රුම් එකෙන් කෙනක් කහින වගේ සද්දයක් ඇහුනු නිසා මං දුවලා ගියෙ ඒ පැත්තට..
ඒත් එක්කම මං දැක්කේ..!!!
YOU ARE READING
𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗕𝗹𝗼𝗼𝗱𝘆 𝗣𝗲𝘁𝗮𝗹𝘀 | 𝗡𝗮𝗺𝗠𝗶𝗻 √
Fantasyමට යන්න වෙනවා.. විශ්වාස කරන්න බැහැ.. ආදරේ අපිව මරනවා කියලා.. මං ප්‍රර්ථනා කරනවා මේක ඇත්තටම කිසි කෙනක්ට හැදෙන්න එපා කියලා.. මේක හැදෙනකම් ඔයා දන්නේ නැහැ මේකේ වේදනාව.. පුරුදු වෙන්න ආදරේ කරන්න කෙනක්ට ඔයාට ආදරේ කරන.. Minimoni✔️ Taekook✔️ Hanahaki✔️ Bl✔️ ...