10

199 62 10
                                    

අදට සති දෙකක් මට පලවෙනි සැරේට අමාරු වෙලා.. එදා ඉදන් දවසට black colour rose petals blood එක්කම මගේ කටෙන් ආවා..

එක අප්පිරියයි... මේ ලෙඩේ කිසි කෙනක්ට හැදෙන්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා.. මේක ලේසි දෙයක් නෙවේ.. මේක වේදනාකාරී.. චුට්ටක් නෙවේ.. Heart attack එකක් තරම් වේදනාවක්.. එක හුගක්‌ රිදෙනවා.. වචන කරන්න බැහැ..

දැන් මං එකතු කර ගත්ත petals 30ට කිට්ටු වෙන්න ගානක් තියෙනවා..!! හුගක් වෙලාවට උදේ නැගිටිද්දී මගේ ඇදෙ වැටිලා තියෙනවා සමහර පෙති.. ඔව් එක දරාගන්න බැහැ.. මැරෙන්න වෙනවා කොච්චර බැහැ කිව්වත්...

තව දෙයක් නම් හ්යුන්ග් ගේ girlfriend... එයා හුගක් ලස්සනයි විතරක් නෙවේ.. එයා හොදයි හුගක් හොදයි.. මොකක් හරි rich family එකක එකම දුව..එයා හ්යුන්ග් ට ආදරෙයි..

එයා ඉන්න තැන් වල මං මගේ හැගීම් පාලනේ කරගෙන ඉන්නේ අමාරුවෙන්.. ඒ උනාට එයා හ්යුන්ග් ට සලකනවා.. මං දන්නව මේ විදියට හ්යුන්ග් ට සලකන්න පුළුවන් එයටම තමා කියලා..

ඔක්කොමත් හරි..!! මං අද මගේ ජිවිතේ ගන්න පුළුවන් අමාරුම decision එක ගන්නවා.. ඔව්.. විශ්වාස කරන්න මං මේක කරන්නේ මං තව වැඩි කල් යන්න කලින් මැරෙනවා කියලා දාන්න නිසා.. එකට හේතුව කළු.. ඒවා black rose petals.. දාන්න තරමින් rare.. ඒ වගේම එකෙන් represent කරන්නේ death.. අනික හ්යුන්ග් ආදරේ කරන කෙනාගෙන් එයාව වෙන් කරලා එයාගේ ආදරේ ගන්න බැහැ නේ මට..!!

ඒ නිසා මං තීරණය කළා..!!

BTS ලව අතාරින්න.. බුසාන් යන්න.
මගේ ජිවිතේ අන්තිම කාලේ..!! මගේ උපන් ගමේ ජිවත් වෙන්න.. ඔව් ඔයාලා හිතෙයි මං දැනටමත් ජිවිතේ ගැන අදහස අත් ඇරලා කියලා..

මේ ලෙඩේ හැටි ඒ... කොහොමද හැමදාම මේ විදියට bleed වෙද්දී ජිවිතේ ගැන බලාපොරොත්තු තියා ගන්නේ.. මං අතෑරියා ජිවිතේ.. තව මිනිත්තු දහයකින් මං මැරෙයි ද කියන්න මං දන්නේ නැහැ.. ඒ උනත් මං හ්යුන්ග් වෙනුවෙන් මැරෙන්නේ..

මම වැඩිය නොහිතා ගියෙ Pd nim ගේ office රූම් එකට.. මම යද්දී එයා හිටියේ තනියම..මොකක් හරි ෆයිල් එකක් බලනවා..

"Pd nim මට ඔයා එක්ක කතා කර ගන්න දෙයක් තියෙනවා.."

මම කියද්දී තමා එයා මං ඇවිත් තියෙනවා කියලා දැක්කේ....

"අහ්හ් ජිමින්ශි ඇවිත්.. ඉද ගන්න...."

එයා හිනා වෙලා මට පුටුවක් පෙන්නුවා මමත් පොඩ්ඩක් හිනා වෙලා එතනින් ඉද ගත්ත...

මගේ දිහාවට හැරුණු pd nim ඔලුව වනුවෙන් කියන්න කියලා..

"මුලිම්ම thanks sir.. මෙච්චර කාලයක් ඔයා අපිට කරපු දේවල් වලට.. මං මේ කරන්නේ වැරදි දෙයක් ද දන්නේ නැහැ.. හැබැයි මං මේ තිරනේ ගත්තේ හුගාක් හිතලා.. මං මේක වෙනස් කරන්නේ නැහැ.."

"හ‍රි කියන්න ජිමින්.."

"කියන්නම්.. ඊට කලින් මට දෙයක් ඔයා කියන්න.."

"අහන්න ජිමින්ශි ඕනේ දෙයක්.."

"ටේකුක් රියල් වුනොත් ඔයා එයාල දෙන්නට එකට ඉන්න දෙනවා ද..?? "

මං එක අහද්දී එයාගේ මුණ ටිකක් වෙනස් වුනා..විනාඩියක් විතර ඉදල එයා මං දිහා බැලුවා..

"මෙහෙමයි ජිමින්ශි එයාලා දෙන්න කැමති නම් බෑන්ඩ් එක disband වෙනකම් ඉන්න.. එතනින් පස්සේ මගේ අවුලක් නැහැ.. එන ප්‍රශ්න වලට මුණ දීලා එයාලට එයාලගේ ජිවිතේ ගෙවන්න පුළුවන්.."

ලොකු දෙයක්.. ලොකුම ලොකු දෙයක්.. එච්චරයි මට ඕනේ උනේ..!!

"හරි pd nim.. මට යන්න ඕනේ.."

"කොහෙද ජිමින්.."

"මට‍ ගෘප් එකෙන් අයින් වෙන්න ඕනේ මට තවදුරටත් bts ලා ගේ ඉන්න බැහැ.. මට අයින් වෙන්න ඕනේ.."

මම කියද්දී එයාගේ මෙච්චර වෙලා තිබ්බ හිනාව නැතිම වෙලා ගිය..

"පාර්ක් ජිමින්.. ඔයා මොනව ද මේ කියන්නේ..!!! පිස්සු ද...!! ගෘප් එකෙන් අයින් වෙන්න bts ලාගෙන්..!! මිච්චේස්සෝ..???? මොනව ද කියවන්න.. හොද සිහියකින් ඉන්න වෙලවක ඇවිත් කතා කරනවා.."

එයා මට කෑගැහුවා.... මං මේ වගේ එකකට ලෑස්ති වෙලා ආවේ..

"මං හොද සිහියකින් ඉන්නේ.. මට බැහැ.. මට ඉන්න බැහැ.."

"ඔයා මේක කරන්නේ ටේකුක් දෙන්නට එකතු කරන්න ද.. එහෙනම් ඒ දෙන්නට එකතු වෙන්න දෙන්නම් මැරී කරන්න ඕනේ නම් මැරී කරන්න දෙන්නම්..ඒත් ඔයා ගියොත් bts කියලා එකක් නැති වෙනවා.."

Pd nim මගේ මුනටම කෑගැහුව..

"කරන්න දෙයක් නැහැ.. මට සමාවෙන්න.."

මම දෙපාරක් හිතන්නේ නැතුව මගේ අතේ තිබ්බ ඉල්ලා ඇස් වීමේ ලිපිය එයාගේ මේසෙන් තියලා ඉක්මනට දුවලා ගියෙ elevator එක ඇතුලට දුවලා එක ground floor එකට දාලා ඉද ගත්තේ බිමින්..

මේක මගේ මහන්සිය.. හ්යුන්ග් ලගේ මහන්සිය..අපේ මහන්සිය..pd nim ගේ මහන්සිය.. Staff එක.. ඒ හැමෝගෙම මහන්සිය..

අපේ army ලා..!!! ඒ හැමදෙයක්ම නැති කරන්න මං යන්නේ.. ඒත් මං කොහොමත් මැරිලා යනවා.. කරන්න දෙයක් නැහැ.. මේකයි ඇත්ත..

𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗕𝗹𝗼𝗼𝗱𝘆 𝗣𝗲𝘁𝗮𝗹𝘀 | 𝗡𝗮𝗺𝗠𝗶𝗻 √Where stories live. Discover now