"ජන්කුකා........"ජිමින් තමන්ගේ කැබින් එකෙන් එලියට එනකොටම ජන්කුකුත් එලියට ආවා දැක්ක ජිමින් ජන්කුක්ට කතා කරා.
"ඔහ්හ් යස් මයි ඩොක්ටර් ඩකා..."
"ආහ්හ්ශ් මේ නකුටු හාවා. ඔහේව නම් හදන්න බෑ"
"ඒකනේ ඒකනේ මන් වගේ එක් කෙනයි ලෝකෙටම ඉන්නේ. දැන් මොකද්ද වෙන්න ඕනේ කියන්නකෝ"
ජිමින් ලගට ගිහින් ජිමින්ගේ කරට අතට දාන් ජන්කූක් කතා කරේ ජිමින් ජන්කූක් දිහා ඔරවන් බලන් ඉද්දියි
"වරෙන්කෝ කැන්ටිම පැත්තට යමූ. මට කතා කරන්න දෙයක් තියෙනවා "
කියපු ජිමින් ජන්කුක්වත් ඇඳන් ගියේ ජන්කූක් ජිමින් පස්සෙන් රූකඩයක් වගේ ඇදිලා යද්දියි
.
.
.
.
.
.
.
.
.
.
."ජන්කුකා, මට දෙයක් අහන්න තියෙනවා"
කැහැක් කැහැක්..
"මොකද්ද කිවුවේ? මට වැරදියට ඇහුනද? අපේ තාර පැටියා මගෙන් උපදෙස් ගන්නවා"
ජන්කුක්ගේ කතාවට ජිමින් ඇස් දෙක කැරකෙවුවේ මූව හදන්න බෑ වගේ බැල්මක් ජන්කුක්ට දාන ගමන්.
"හා හා අහපන්කෝ. පන්ඩිත කොටාට මොනාද දැන ගන්න ඕනේ "
ජිමින්ගේ හැසිරීම දැක්ක ජන්කූක් කිවුවේ ජිමින් විහිලු නිසා අහන්න ඕනේ දේ අහන්නේ නැතුව ඉදී කියලයි.
"කුක්කෝ මට කියන්නකෝ උබ කොහොමද සේහීට කැමති කියලා දැන ගත්තේ ??"
ජිමින් ඉස්සරහට නැමිලා කියද්දී ජන්කූක් කන්න ගත්ත කෑම එකත් එහෙම්මම අතේ තියන් කටත් ඇරන් ජිමින් දිහා බලන් හිටියේ තමන්ට වැරදියට ඇහුනාද කියලා ශුවර් නැතුවයි.
"ජන්කුක්..."
ජන්කූක් එකම විදිහට තමන් දිහා බලන් ඉන්නවා දැක්ක ජිමින් ජන්කූක්ගේ අතටත් ගහලා කතා කරේ ජන්කුක්ව හරි සිහියට ගේන ගමන්.
"මේ බන් එක්කෝ මට ඇහුණා වැරදිද නැත්තම් උබ වැරදි දෙයක් කිවුවාද??"
"ජන්කුක් පොඩ්ඩක් සීරියස් වෙනවාකෝ. මට මේක වැදගත් "
"හරි හරි සොරි. මොකද්ද දැන් දැන ගන්න ඕනේ "
ESTÁS LEYENDO
Doctor Angel || PJM || Complete ||
Fanficහියුන්ගී....අනේ ඉක්මනටම එන්නකෝ......මට පාලුයි......