"මේක ගොඩක් රසයි මිනි""මිනි???"
ජිමින් පුදුමයෙන් වගේ තමන්ගේ එහා පැත්තේ ඉන්න කෙල්ල දිලාට හැරිල ඇහුවේ මීට කලින් කිසිම කෙනෙක් කොල්ලට ඒ නමින් කතා කරලා නොතිබ්බ නිසයි. ජිමින්ට හුරතල් නම් ගොඩක් තිබ්බා. ඒත් පළවෙනි වතාවට මෙහෙම ආදරණීය නමක් ලැබුණාමයි.
"ජිමින් කියන එක දිග වැඩි. ඊට වඩා මිනි කියුට්. හරියට ඔයා වගේම"
තේහී හිනා වෙවී කියද්දි ජිමින් කෙල්ල දිහා බලන් හිටියේ ඒ හිනාවට වශී වෙලා වගේ. ඒ තරම් ලස්සන හිනාවක් තේහිට තිබ්බේ. කලාතුරකින් කෙනෙක්ද පිහිටන විදිහේ බොක්සී හිනාවක් තමා තේහීට තිබ්බේ.
මුලින්ම තේහීව දැක්ක දවසේ ඉදන්ම ජිමින්ගේ හිතේ ඇති උනේ මොන වගේ හැගීමක්ද කියලා ජිමින් දන්නෙත් නෑ. එයාට හැමවෙලේම කෙල්ලව දකින්න ඕනේ උනා. එයා එක්ක ඉන්න ඕනේ උනා.
ඒත් ජිමින්ට තියෙන වැඩත් එක්ක ඒක ගොඩක් අමාරු වැඩක් උන නිසා නයිට් ශිෆ්ට් කරන්න බෑමයි කිවුව ජිමින් දැන් සතියක් තිස්සේ එක දිගට නයිට් ශිෆ්ට් එක කරනවා.
බැරිවෙලාවත් වෙන කෙනෙක් නයිට් ශිෆ්ට් එක වැටුනොත් ජිමින් කොහොම හරි ඒක ඒ කෙනාගෙන් ඉල්ලා ගත්තා. ජිමින්ගේ නයිට් ශිෆ්ට් එක සතියක්ම කරන්න හිටිය ජන්කුක්ටත් අන්තිමට උනේ එයාගේ නයිට් ශිෆ්ට් ටිකත් ජිමින්ට දෙන්න.
හැම රෑකම ශිෆ්ට් එකෙන් පස්සෙ තේහීට කන්න කෑම වගේම කෙල්ලෙක්ට ඕනේ කියලා හිතෙන හැමදේම අරන් තේහීගේ කාමරේට යන ජිමින් කෙල්ලට නින්ද යනකන්ම කතා කර කර ඉදලා යන්න ජිමින් පුරුදු වෙලා හිටියා.
"ඇයි ඔහොම බලන්නේ?"
තමන් දිහා ඇස් පිය නොහෙලා බලන් ඉන්න ජිමින් දිහාට ඇරුන කෙල්ල ඇහුවේ තේහීගේ හිනාවේ ගිලිලා හිටිය ජිමින්ව පියවි සිහියට ගනිමිනුයි.
"ඔයාගේ හිනාව .............. ඒක ලස්සනයි.."
ජිමින්ට ඒක කියන්න ඕනේ උනේ නෑ. ඒත් එයාට නිකන්ම ඒක කියවුනා. ජිමින් කිවුව දේ ඔලුවට වැටෙනකන් ටිකක් වෙලා ජිමින් දිහා බලන් හිටපු කෙල්ල ජිමින්ට ආයේමත් ලස්සන හිනාවකින් සංග්රහ කරා.
![](https://img.wattpad.com/cover/301267727-288-k774719.jpg)
KAMU SEDANG MEMBACA
Doctor Angel || PJM || Complete ||
Fiksi Penggemarහියුන්ගී....අනේ ඉක්මනටම එන්නකෝ......මට පාලුයි......