ඉතින් ඔන්න ඩොක්ටර් ඒන්ජල් ඉවරයි. පොඩි දුකක් තියෙනවා. මේකට මන් ගොඩක් ආසයි.හොදද නැද්ද අහන්නේ නෑ. මොකද හොද නැති නිසානේ වොට් කරලා කමෙන්ට් එකක් නැත්තේ. මන් කලින් කියලා තියෙනවා මේක. කමෙන්ට් එකක් අන්තිමටවත් දාන්න බැරි නම් වොට් නොකෙරුවාට කමක් නෑ. මන් සාරා වගේ මොකුත් නොකියා ඉන්න කෙනෙක් නෙමේ.
සමහරවිට මන් දක්ශ නැතුව ඇති ඒකනේ කමෙන්ට් එකක් අන්තිමටවත් නැත්තේ. ඒක මගේ දුර්වලතාවේ. අවුලක් නෑ 🤥
මන් පොරොන්දු උනානේ මේකේ ඇත්තම නන්ගිව කතා කරෝනවා කියලා. ඒ පොරොන්දු ඉශ්ඪ කරන්න ආවේ.
ඒ අයියා නැති උන නන්ගි මම. මගේ අයියා තමා 2001 පෙබරවාරි 14 ඉපදිලා 15 මැරුනේ. මේක මගේ කතාව කියලා කලින් කිවුවේ නැත්තේ මට ඔයාලට ෆීල් වෙන්න ලියන්න පුලුවන් වෙයි කියලා හිතලා. ඒත් ඒක වැඩක් නෑ. මට ඒක කරන්න බැරි උනානේ.
කතාවේ අවුල් තැන් ටික ලෙහන්නම්. මේකේ මන් ජිමින් තේහීට දක්වන ආදරේ, තේහී තේහියොන්ග්ට දක්වන ආදරේ, තේහියොන්ග් තේහීට දක්වන ආදරේ, ජන්කූක් එයාගේ වයිෆිට දරුවට දක්වන ආදරේ, ජිමින් පුංචි තේහීට දක්වන ආදරේ කියන පැති ගානක් කතා කරනවා.
ආදරේ කියන වචනේ කෙල්ලෙක් කොල්ලෙක් අතරේ විතරක් ඇති වෙන එකක් නෙමේ කියන්නයි මට ඕනේ උනේ. මේක දාන්න හිටියේ වැලන්ටයින් දවසේ. ඒකට ගැලපෙන්න.
හොල්මන් කෑල්ල තේරුනේ නැද්ද ??
තේහී පොඩි වයසෙම මැරෙනවා. ඒත් එයාගේ ආත්මේ දෙයක් වෙනුවෙන් බලන් ඉන්නවා. ඒ තමා ආදරේ. එයා ජිමින්ට කියන තේහියොන්ග්ගේ මතක එයා හිතින් මවපුවා. නැත්තම් පොඩි කාලේ ඉදන්ම අනාථ නිවාසෙට හිටපු තේහී ඔම්මා කෙනෙක් එක්ක ඉන්න විදිහක් නෑනේ
එයා එයාගේ හ්යුන්ග් වගේ එයාව බලා ගන්න ආදරයක් එනකන් ඉන්නේ. ජිමින් තේහීගේ මතක වල ගොඩ නගපු තේහියොන්ග් වගේ නිසා අන්තිමේට ජිමින් තේහීට ආදරෙයි කියන එකෙන් පස්සෙ තේහීගේ ආත්මෙට සැනසීම ලැබෙනවා.
ඔන්න ඕක තමා නොතේරුන තැනකට තිබ්බා නම් තිබ්බේනේ?
කියෝපු හැමෝමටම තෑන්ක්ස්. ඔයාගේ වටිනා කාලේ නාස්ති කරන් මගේ ෆීල් වෙන්නේ නැති කතාව කියෙවුවාට ❤
හැමෝම පරිස්සමෙන් ඉන්න 💜️💙 කමෙන්ට් දාපු අයට ගොඩක් ස්තුතියි. මන් ඒවට ඉක්මනටම රිප්ලයි දාන්නම්.
ඊලගට ඔය යට දෙකෙන් කෝකද ඕනේ කියන්න බලන්න.
~Manu~
STAI LEGGENDO
Doctor Angel || PJM || Complete ||
Fanfictionහියුන්ගී....අනේ ඉක්මනටම එන්නකෝ......මට පාලුයි......