"Excuse me sir, මන් ඇතුලට එන්නද?"
"ඔව් එන්න"
ලද අවසරයෙන් කාමරේ ඇතුලට ආපු තරුණ වෛද්‍යවරයා තමා ඉදිරියේ මේසයේ වාඩි වී සිටින තම ප්‍රධානියා දෙස බලා ආචාර කලේ ඔහු අත වූ පත් වීමේ ලිපිය මේසය මත තබන ගමනුයි.
"අලුතෙන් එනවා කිවුව කෙනාද?"
"ඔව් ඩොක්ටර්, මන් පාර්ක් ජිමින්"
"හොදයි ඩොක්ටර් පාර්ක්. ඔයා අද ඉදලම වැඩ පටන් ගන්නකෝ. කලි.."
"ඩොක්ටර් මින් මට කතා කරාද?"
ඩොක්ටර් මින් තම කතාව අවසන් කිරීමට පෙරම කාමරය වෙත පැමිණි තරුණයෙකු කතා කරේ ජිමින් දෙසට හිනාවක් දාන ගමන්මයි.
"ආහ්හ් එන්න ඩොක්ටර් ජියොන්. මේ එන්නේ ඩොක්ටර් පාර්ක්. ඩොක්ටර් සේහී වෙනුවට ආපු අලුත් ඩොක්ටර්. ඩොක්ටර් සේහී කම්ප්ලීට් නොකරපු ෆයිල්ස් වගෙයක් තිබ්බා. ඒක ඔයාට දෙන්න තමා එන්න කිවුවේ. දැන් ඩොක්ටර් පාර්ක් ආව එකේ එයාටම මේ ටික බලන්න දුන්නා නම් හරි"
"ඕකේ ඩොක්ටර්. මන් යන්නද එහෙනම්?"
"ඩොක්ටර් පාර්ක් එක්කම යන්න. එයාට එයාගේ කැබින් එක පෙන්න පුළුවන්නේ. ඩොක්ටර් පාර්ක් ආපු ගමන්ම නිසා මේ ෆයිල් ටික බලන්නත් උදව් කරන්න"
"හරි ඩොක්ටර්. අපි යමුද ඩොක්ටර් පාර්ක්?"
"ආහ්හ් හරි. යමු"
ඩොක්ටර් මින්ගේ වගේම ඩොක්ටර් ජියෝන්ගේ සංවාදේ නිසා කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව හිටපු ජිමින් ඩොක්ටර් ජියෝන්ගේ කටහඩින් පියවි සිහියට ආවත් සමගම ඔහු සමග පිටව ගියේ ඩොක්ටර් මින්ට ආචාර කරමිනුයි.
~~~~~~~~~~~~~~~~~~~~~~
"මන් ජන්කූක්.."
කැබින් එකෙන් එලියට ආපු ගමන් ඩොක්ටර් ජියොන් ජිමින්ට කතා කරා.
"මන් ජිමින්.."
"ඉතින් මෙහෙට වඩා සොල් හොදයි වගෙද?"
"ආහ්හ්හ්?"
"නෑ ඉතින් කලින් හිටියේ සෝල් හොස්පිටල් එකේනේ. මෙහෙට වඩා එහෙ හොද ඇතිනේ"
"එහෙමම නෑ. මෙහෙ තියෙන නිදහස එහෙ නැනේ"
"ජිමින් මෙහෙ කොහේද ඉන්නේ?"
STAI LEGGENDO
Doctor Angel || PJM || Complete ||
Fanfictionහියුන්ගී....අනේ ඉක්මනටම එන්නකෝ......මට පාලුයි......