Chapter 09 💔කියන්න තියෙන අටමගලයක් කියලා යන්න පුලුවන්...
යැංසි මගේ පොඩි එකා ඉස්සරහ කියපු දේවල් නිසා යකා ඇවිස්සිල්ලා උන්න මම ඒකිව ඇදන් ඇවිත් මගේ ඔෆිස් රූම් එකට දාලා දොර ලොක් කරගත්තේ මේ අපි අතරෙ වෙන කතාව වෙන කාටවත් ඇහෙන්න හොද නැති නිසා වෙනකොට යැංසි කොච්චර බය වෙලා උන්නද කිව්වොත් එයාගෙ නළලෙන් A/C එක අස්සෙත් දහදිය ගලනවා මම දැක්කා
බේබි...... මොකද්ද අනෙ....... ඔයාට වෙලා තියෙන්නේ.....
මගෙ තව යකා අව්ස්සගන්නෙ නැතුව කරුණාකරලා මට මේ වගේ වෙලාවක ඩිස්ටර්බ් කරන්න හොද හේතුවක් කියන්න යැංසි!
ඇයි බබා...ඔයා මට ඔහොම කරන්නෙ. මේ බඩෙ ඉන්න දරුවා ගැනවත් ඔයාට ගානක් නැද්ද...
අහ්!? මරුවිකල්ලෙන්ද ඕයි කියවන්නෙ...
හැමදේම කරලා මාව දැන් පැත්තකට දාන්නද ජාන් දැන් ඔයාට ඕනේ ආ?
දැන් කියන්නෙ ඔය දරුවා මගේ කියලද?
ඇත්තටම කිව්වොත් මේ යැංසි කියන්නෙ මගේ හයිස්කූල් එකේ උන්න බැඩ්ජ්මේට් කෙනෙක් වෙනකොට එයාට ඕන උනෙම මගේ ඇගෙ එල්ලෙන්න.යැංසි මට ඇත්තටම ආදරෙ ඇති....ඒ උනත් මගෙ හිතේ එයා ගැන කිසිම අදහසක් තුන් හිතකවත් තිබුනේ නැතිකොට මම හැමදාම කරේ එයාව රිජෙක්ට් කරපු එක.හැමදාම මගෙන් රිජෙක්ට් වෙවී පස්සෙන් ආපු යැංසි මේ සැරේනම් හොද පොටක් හොයාගෙන උනත් මට විශ්වාසයි එයයි මායි අතරෙ එහෙම මුකුත් උනේ නෑ.
මොකද මම එදා හොදටම බීලා උන්නත් කොහෙන්දෝ ආපු යැසි මාව වත්තම් කරගෙන ඒ හොටෙල් එකේ රූම් එකට යන තැන ඉදලා මට ඒකේදි නින්ද යන තැන වෙනකම්ම හොදට මතක තිබ්බා.
නැතුව වෙන කාගෙද ජාන්.....මේ දරුවා වෙනුවෙන් ඔයාට මාව බදින්නම වෙනවා....නැත්තම් ගොඩක් ලැජ්ජ වෙන්න වෙයි බේබි.....
කට කොනි මහ පල් හිනාවක් දාන ගමන් එහෙම කියන යැංසිව දැක්ක මට මගේ රතු කට්ට පැන්නා.
YOU ARE READING
My Savior ᶻʰᵃⁿʸⁱ❤️💚
Fanfiction(Completed) ❤️අස්ථිර වු ජීවිතය තුල ස්ථීර වූ සැනසුමක් සොයා නුඹත් මමත් පැමිණි මේ ගමන කවදා කොතැනින් නිමා වේවිද සොඳුර... රංගධරයන් දෙදෙනෙක්ව අප රගන්නා වූ මේ රැගුම සතුටින්ද දුකකින්ද නිමාවක් නොම වේද දෙගිඩියාවකි මසිත...... එන්නවුන් සමග ආවාට යන්නවුන් සමග ය...