(Completed) ❤️අස්ථිර වු ජීවිතය තුල ස්ථීර වූ සැනසුමක් සොයා නුඹත් මමත් පැමිණි මේ ගමන කවදා කොතැනින් නිමා වේවිද සොඳුර... රංගධරයන් දෙදෙනෙක්ව අප රගන්නා වූ මේ රැගුම සතුටින්ද දුකකින්ද නිමාවක් නොම වේද දෙගිඩියාවකි මසිත...... එන්නවුන් සමග ආවාට යන්නවුන් සමග යන්නටත් බැරිය රිදීමක් වු බැදීමක් ඇත හදවතේ එක් පැත්තක සැනසුමත් සමග මුසුව...... වෙනස්වීම පමණක්ම ස්ථීර ලෝකයක තවත් සැරිසරන්නට හිතක් නැති වුනත් මට රැදී සිටිමි වාරය එන තුරුම....... ඇතිවී නැතිවෙන නැතිවී ඇති වෙන කියන්නට පවා බැරි හැගුම් සමුදායක තනිව අදටත් මම සොයමි ජීවිතයේ යථාර්ථය......... සතුටකුත් නැති දුකකුත් නැති නුබේ සුදුමැලි මුවග ඒ හැම වෙලාවකම දෙනෙත් මත මැවි මැවී කියන්නට හදන ඒ කාරණය කුමක්ද??? #සකී ‼️Ps: This includes Violence, blood, graphic images,sexual harassment and suicide, so please do not read people who are shocked by even the slightest thing.