නළලට දැනුන උණුසුම් ස්පර්ශයක් නිසා හිතේ ඇතිවුන බලාපොරොත්තුවක් එක්ක ඇස් ඇරියත් මගේ බලාපොරොත්තුව ඊලග තත්පරයෙම සුණුවිසුණු වෙලා යනකොට මගේ නළලට අත තියන් උන්නු කුවාන් එ ඇස් වලින් මට නැගිටින්න කියලා කිව්වා.නැගිටිනවත් එක්කම මම දැක්කෙ සුපුරුදු මූණු දෙකක් වෙනකොට ඇවිල්ලා උන්නේ මගේ කුවාන් එක්ක ඩීඩීගේ හොදම යාළුවා උන හාඕශුවාන් වගේම තවත් නාදුනන මූණක් ඒ අතරෙ තියෙනකොට ඇදේ උන්න මම ඉක්මනින් නැගිට්ටා.
තාම වෙනසක් නැද්ද චෙන්ගගා?
ඇදෙන් මම නැගිටිනවත් එක්කම ඉස්සරහට ආපු හාඕශුවාන් එහෙම අහනකොට මම හිමින් ඔලුව වනලා නෑ කියනකොට ඒ ඇස් වලින් කදුළු පිටතට නොගැලුවත් කදුළු වලින් පිරිලා රතු වෙලා තිබුන ඒ ඇස් වලින් ඒ හිතේ තිබුන වේදනාව මට හොදටම තේරුනා..... හ්ම්.. ඇත්තටම මොන යාළුවටද පුලුවන් තමන්ගෙ හොදම යාළුවා මෙහෙම ඇදක් උඩ ඉන්නවා හිතකින් බලන් ඉන්න.. මගේම සහෝදරයා වෙලත් ඈතින් ආශ්රය කරපු මටම මේ තරම් වේදනාවනම් හාඕගේ වේදනාව ගැන හිතන්න දෙයක් නැ. මොකද මගේ ඩිඩි ගොඩක් කේන්ති යන හරිම cold කෙනෙක් වගේ පෙනුනට එයා ආශ්රය කරන දෙතුන් දෙනා දන්නවා මගේ ඩිඩී මොන වගේ කෙනෙක්ද කියන එක වගේම ඒ හිතට ලං උනොත් ඇත්තටම කාටවත් එයව අයින් කරන්නනම් හිතෙන්නෙ නැ.
කූවාන්?
හාඕ ඩිඩී ලගට ගිහින් ඉදගන්නවත් එක්කම කුවාන් ලගට ගිය මම එයා එක්ක ආපු අලුත් අමුත්තා දිහා බලලා ඒ කවුද අහන්න කුවාන් දිහා බැලුවා.
YOU ARE READING
My Savior ᶻʰᵃⁿʸⁱ❤️💚
Fanfiction(Completed) ❤️අස්ථිර වු ජීවිතය තුල ස්ථීර වූ සැනසුමක් සොයා නුඹත් මමත් පැමිණි මේ ගමන කවදා කොතැනින් නිමා වේවිද සොඳුර... රංගධරයන් දෙදෙනෙක්ව අප රගන්නා වූ මේ රැගුම සතුටින්ද දුකකින්ද නිමාවක් නොම වේද දෙගිඩියාවකි මසිත...... එන්නවුන් සමග ආවාට යන්නවුන් සමග ය...