අදට එයා මෙහෙට ඇවිත් සතියක්....
එත් එක සැරයක්වත් එයාගෙ භාරකාරයෙක් ආවෙ නෑ. අඩුම ගානෙ කෝල් එකක්වත් ආවෙ නෑ. මෙ ගෙව්න සතිය පුරාවටම එයාගෙ හැම වැඩක්ම කරේ මම වෙනකොට මම මේ සතියම ගෙදර ගියේ නැතිම තරම්....... මොකද එයා වෙන කව්රු හරි ලන් වෙනකොට ගොඩක් කලබල වෙලා ඒ ලං වෙන කෙනාට හරි එයාටම හරි තුවාල කරගත්තා. ඒත් සමහර වෙලාවල් වලට එයා හැසිරුනේ කිසිම අසනීපයක් නැති කෙනෙක් ගානට වෙනකොට ඒ වෙලාවල්වලට එයා කියපු සමහර දේවල් ඇත්තමයි..... මට මේලෝ හසරක් තේරුම් ගන්න බැරි උනා.අනිත් කාරනාව එදා බාත්රූම් එකෙ සිද්දියෙන් පස්සෙ ගොඩක් ඇටෙන්ඩන්ට්ලා එයාට ලං වෙන්න අදිමදි කරනකොට අසරණ මම මොනවා කරන්නද.... ඉතින් චෙන්ගා එදා කිව්වත් වගේ දොස්තර කෙනෙක් උන මම එයා වෙනුවෙන් ඇටෙන්ඩර් කෙනෙකුත් උනා.
ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්..... එයා මේ හැසිරෙන විදිය හරිම අමුතුයි..... අනිත් එක එදා මිස්ටර් සොන් මට දුන්න ෆයිල් එකේ තිබුන දේවල්.......final reports ටික.... මේ ටික සේරම බැලුවම ඒකේ තිබුන දේවල් එක්ක මගේ ඔලුවට ඇත්තටම සමනල් ගැටේ වැටුනා. ඒ අතරින් එයාගේ භාරකාරයාගෙ නම විදියට තිබුන එයාගෙ අම්මගෙ නම මගේ ඔලුවෙ මේ ගෙව්න මුළු සතිය පුරාවටම දෝංකාර දුන්නා.......
"වන්ග් යූ"
ඒ නම මගේ ජිවිතේ කොච්චර කාලකන්නි කරාද කිව්වොත් ඒ නමට ගෑවුන නමක් ඇහෙද්දි පවා මාව ගැස්සිලා යනවා. ඒ තරම් මම ඒ නමට බයයි.... ඒ තරම් මම වෛර කරනවා
ඇත්තටම ඇයි ඒ නමම.... මම පොඩි එකාගෙන් එයාගෙ භාරකාරයා ඒ කියන්නෙ එයාගේ අම්මාගෙ නම පුරවන්න තිබුන තැන ලියවිලා තියෙන "වන්ග් යූ" කියන කෙනා ගැන අහන අහන වාරයක් ගානේ එයා හොදටම බය වෙලා ඕනාවටත් වඩා කලබල වෙන්න ගත්තු නිසා මට කිසිම තොරතුරක් එයාගෙ කලින් දැනගන්න ලැබුනේ නෑ.
YOU ARE READING
My Savior ᶻʰᵃⁿʸⁱ❤️💚
Fanfic(Completed) ❤️අස්ථිර වු ජීවිතය තුල ස්ථීර වූ සැනසුමක් සොයා නුඹත් මමත් පැමිණි මේ ගමන කවදා කොතැනින් නිමා වේවිද සොඳුර... රංගධරයන් දෙදෙනෙක්ව අප රගන්නා වූ මේ රැගුම සතුටින්ද දුකකින්ද නිමාවක් නොම වේද දෙගිඩියාවකි මසිත...... එන්නවුන් සමග ආවාට යන්නවුන් සමග ය...