වැහි වළාකුලක් වගේ හැමදේම දරාගෙන එකසැරේම හැම දරාගැනීමක්ම අතාරින්න හිතෙනවා....ඉපදුන දවසේ ඉදන්ම දුක විතරක්ම ලැබෙද්දී සතුට හොයාගෙන යන්න උත්සහ කරපු හැම වතාවකම ඒ හැමදේම ඇස් ඉස්සරහම බොද වුනේ මොන හේතුවකට ද කියන්න මට තේරෙන්නේ නෑ...
-"ඇයි මෝඩයෙක් වගේ අඬන්නේ.."
මගේ ලගින්ම කටහඩක් ඇහෙද්දී ඇස් වලින් වැටුන කදුලු මන් ඉක්මනින් පිසදගත්තා....කටහඩේ අයිතිකාරයා මට එහාපැත්තෙන් බෙන්ච් එකේ වාඩිඋනේ සුහදශීලීව හිනාවෙලා...ඒත් මට හිනාවෙන්න ඕන උනේ නෑ මොකද හැම මනුස්සයෙක්ම මට අකමැති නිසා...
-"ඔයාට අඬන්න හොද නෑ නේද...ඇයි ඒ නිසා මෝඩයෙක් වගේ අඬන්නේ.."
මගේ දිහා අනුකම්පාවෙන් වගේ බලලා ආයෙමත් ඉස්සරහ තිබුන පොකුණ දිහාට එයා එයාගේ ඇස් ගෙනිච්චා....සේලයින් බෝතලේකුත් ලග තියන් කැනියුලා එකත් අතේ ගහගෙන අඬන මාව එයාට පේන්නේ මෝඩයෙක් වගේලු...අනිත් හැමෝටම වගේ...
-"අඬන්නේ මෝඩයෝ ද....."
-"ඕහ් ඔයාට කථා කරන්නත් පුලුවන්ද..මන් හිතුවේ මේ තරම් වෙලා කතා නොකර හිටපු නිසා ඔයා ගොලුයි කියලා..."
ඒ ඇස් ආයෙමත් මගේ පැත්තට හරවන ගමන් එයා කියද්දී මන් මුකුත්ම නොකියා එයා දිහා බලන් හිටියා.....හැම පුංචිදේකටම හිනාඋන මම වෙනස් වෙලා තියෙන විදිය ගැන හිතෙද්දී මටම පුදුමයි..
-"අඬන්නේ මෝඩයෝ තමයි...නැතිදේවල් ගැන දුක්වෙවී අඩන්නේ මෝඩයෝ... තමන්ට ලබාගන්න පුලුවන් දේවල් ගැන නොහිතා නැතිඋන දේ ගැන හිත හිත අඩන්නේ මෝඩයෝ නෙමේ ද ඉතින්.."
-"ඒත් මිනිස්සුන්ට දුක නැතිවෙන්න අඬන එක වැරදිද..."
-"අඬන්න ඕන තමයි....එහෙනම් ඉස්සෙල්ලම අඩන්නේ මම..ඒත් නොඅඩා ඉදලා මැරෙන්න තීරණය කරනවට වඩා අඬන එක හොදයි"
එයා අහස දිහා බලාන බර හුස්මක් වාතයට නිදහස් කරා....තාමත් තුවාලේ වේදනාව අඩු නැතුව දැනෙද්දී මන් පපුවෙන් හිමීට අත තියාගත්තේ වේදනාව අඩුවෙයි කියලා හිතලා.....
-"ඔයාට රිදෙනව ද ?..."
මන් මුකුත්ම නොකියා ඔලුව වනද්දී එයා එයාගේ චූටි ඇගිලි මගේ කොන්ඩේ දිගේ යැව්වා....
-"ඔයාට තාම හොඳ නෑ නේද ඒනිසා අඩන්න එපා නැත්තම් ඔයාට හදවතක් දුන්න කෙනාටත් දුක හිතෙයි ඔයා වේදනාවෙන් ඉන්නවා දැකලා...."
-"මට හදවතක් දුන්න කෙනා කව්ද කියලවත් මන් දන්නේ නෑ.."
-"ඒකට කමක් නෑ...ඔයාගේ නම මොකක්ද..."
තුවාලෙන් දැනෙන වේදනාව ටික ටික අඩුවෙද්දී මන් පපුවෙන් අත ඈතකට ගත්තේ හොස්පිට්ල් එකේ හිටපු අය මන් දිහා අමුතු විදියට බල බල යද්දී...ඉපදුන දවසේ ඉදන් මට අඩුවකට තිබුනේ ලෙඩෙක් වෙන එක විතරයි ඒකත් මදි නොකියම දෛවය මට දුන්නේ මාව දුර්වල හදවතක් තියෙන මිනිහෙක් බවට පත් කරලා...මරණය ඇස්දෙක ඉස්සරහම පෙනී පෙනී තියෙද්දී ආයෙමත් මන් ජීවත් වුන විදිය අදටත් මට පුදුමයක්...
-"මම රූත්..අදුනා ගැනීම සතුටක් හොබී...."
මගෙන් උත්තරයක් නැති තැන එයා මගේ දිහාට අත දික් කරලා මට අලුත් නමකින් කතා කරද්දී මන් එයා දිහා බලන් හිටියේ කිසිම දෙයක් තේරූනේ නැති නිසා....
-"ඔයා මට නම කියුවේ නෑනේ හොබී..ඒනිසා මේක තමා මම ඔයාට දෙන නම.."
-"මගේ නම හෝසොක්..."
-"ඒකට වඩා හොබී ලස්සනයි හෝසොකී.."
ඇස්දෙක පුංචි කරලා එයා මන් එක්ක හිනාවෙද්දී නිරායාසයෙන්ම මගේ දෙතොල් අතර හිනාවක් රැදුනේ රූත්ගේ හිනාව ඒ තරම් ලස්සන නිසා.....
-"අපි අද ඉදන් යාලුවෝ හරිද හොබී ඒනිසා ඔයාගේ ඕනදේකට මම ඉන්නවා..."
එයා ආයෙමත් මන් එක්ක හීනාවෙලා අහස දිහා බලාගත්තා....
-"රූත් මාව මෙතනට එක්ක ආවේ මගේ මල්ලී ජීමින්..එයා ගෙදර ගියා ඔයාට පුලුවන්ද මාව මගේ රූම් එකට එක්ක යන්න...."
මන් කියපු ක්ශනික එයා මගේ උරහිස වටේ අතක් දාලා මාව නැගිට්ටෙව්වේ හරිම පරිස්සමට...ඊට පස්සේ මගේ අත එයාගේ උරහිසින් අයින් කරලා මගේ ඉණවටේ අත දාලා එයා මාව රූම් එක ගාවට එක්ක ගියා.....රූම් එකට යනකන්ම එයාගේ පිස්සු කතා වලින් මගේ කන්දෙක පිරෙද්දී මනසේ තිබුන හැම ප්රශ්නයක්ම මාව දාලා ඈතකට දුවනවා වගේ හැගීමක් මට දැනුනේ....
-"රූත්..."
එයා යන්න යද්දී මන් ආයෙත් කතා කරා...ඒ ක්ශනික මගේ දිහාට හැරුණ එයා ඇස්වලින් ඇහුවේ ඇයි කියලා....
-" ඔයා මොනාද හොස්පිට්ල් එකේ කරන්නේ කියලා කියුවේ නෑනේ...."
-"ඒක ඔයා දැනගන්න ඕන නෑ හොබී..."
තවත් දෙයක් මන් අහන්නත් කලින්ම එයා මගේ රූම් එකෙන් එලියට දිව්වා......
YOU ARE READING
STAY ALIVE |Completed| |JHS|
FanfictionThere goes my heart beating 'Cause you are the reason I'm losing my sleep Please come back now And there goes my mind racing And you are the reason That I'm still breathing I'm hopeless now I'd climb every mountain And swim every ocean Just to be wi...