E

47 16 26
                                    

අවුරුදු දොලහකට පස්සේ මන් පුරුදු තැනම ඉදගෙන හිටියා...රූත්ව හම්බෙලා අවුරුද දහසයක් උනත් , හැමදේම තිබුනට වඩා වෙනස් උනත් මේ තැන නම් ඒවිදියටම කිසිම වෙනසක් නැතුව තිබුනා.....

-"බබා..."

ඇමී මගේ උරහිසින් ඔලුව තියාගෙන ඈත පේන හන්ගග දිහාවට එයාගේ ඇස් ගෙනිච්චා...හරියට මෙතන ගෙවුන අපේ පලවෙනි දවස වගේ.....

-"මට රූත්ව මතක් වෙනවා බබා....එයා නිසයි මට ඔයාව ලැබුනේ..."

ඇමී තවත් මට තුරුල් වෙද්දී මන් දීර්ඝ හුස්මක් නිදහස් වාතයට නිදහස් කරා.....මට ඇමී කියපුදේට කියන්න දෙයක් තිබුනේ නෑ.....හැමදාම වගේ මන් ඔය ප්‍රශ්නෙදී නිරුත්තරයි....

-"එයා කොහොමද හෝසොකී ඒ තරම් අහින්සක උනේ එච්චර ආදරේ කරපු ඔයාව මට දෙන්න තරම්...."

-"එයා ගැන මට ආදරයක් තියෙනවා කියලා දැනගෙන එයා මට කියුවා එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා...ඒ හැමදේම බොරු ඇමී..."

-"එයාට ඕන උනේ නෑ බබා ලන්වෙන්න බැරි කෙනෙක් ගැන ආදරයක් ඔයාගේ හිතේ ජීවත් කරවන්න...."

ඇස්වලින් අවසරයක් නැතුවම වැටෙන කදුලුවලට මන් ගලන් යන්න දුන්නා.....

-"ජීමින් මට ඒ ගැන නොකියපු එක රූත් මගෙන් ගත්ත වගේම පොරොන්දුවක් ඇමී...ඒත් මට ඒ දේ ගැන එදා හොයන්න තිබුනා...එයා ගොඩක් කපටී නේද...."

-"නෑ එයා අහින්සකයි හෝසොකී...අවසානේදී හරි ඔයා ඒ ගැන දැනගත්තනේ...."

-"ජීමින් රූත්ට එයා කවදාවත්ම නොලබපු හැගීම දුන්න එක ගැන මට සතුටුයි...රූත් කියුවා ඒ මල්බොකී එකලු කෙනෙක් එයාට ස්තූති කරලා දුන්න පලවෙනි දේ..."

මටම නොදැනී මට ඉකිගැහුනා...රූත්ව මතක් වෙන එක මන් එයා වෙනුවෙන් අඩන එක ඇමී කවදාවත් වැරදී විදියට දැක්කේ නෑ...එයත් රූත් වගේ හැමවෙලේකම මට හයියක්...

-"රූත් මට ආදරෙයි කියලා දන්නවනම් මන් එයාට අවස්ථාවක් දෙන්න තිබුනා ඇමී..."

-"අනිවාරෙන්ම ඔයා එහෙම කරන්න ඕනේ බබා....මට ඔයාව මේ ආත්මෙට විතරක් ඇති හෝසොකී අනිත් හැම ආත්මෙකම ඔයා රූත්ගේ හොබී වෙන්න...."

STAY ALIVE |Completed| |JHS|Where stories live. Discover now