-"J-hope !!
J-hope !!
J-hope !!...."ස්ටේජ් එකට නගිද්දීම ඇහුණේ මගේ නම කියලා කෑගහන සද්දේ.....අවුරුදු හතරකට පස්සේ හැමදේම හොද විදියට සිද්ධ උනා.....ඒවගේම ඒ කාලේ ඇතුලත තව වෙනසක් උනා ඒ මම ඩාන්සර් කෙනෙක් විතරක් නෙමේ රැපර් කෙනෙකුත් උන එක....ඔලිම්පික් ස්ටේඩියම් එකේ එක හිස්තැනක්වත් නැති තරම් කට්ටිය පිරිලා හිටියා....ඒ හැමෝම කියුවේ මගේ නම....මීට අවුරුදු තුනකට කලින් මගේ නමට කිසිම සහයෝගයක් නොලැබුනත් අද වෙද්දී ඒ හැමෝගෙන්ම ලැබුනේ මට ආදරය හා සහයෝගය විතරමයි......
-"ගොඩක් කාලෙකින්....."
මගේ performance තුනකට පස්සේ මන් මයික් එකත් අරගෙන ස්ටේජ් එකෙන් වාඩිඋනේ මගේ රසිකයෝ එක්ක එහෙමත් නැත්තම් ආමිලා එක්ක කතා කරන්න....මට ගොඩක් දේවල් කතා කරන්න ලැබුනේ නෑ ආයෙමත් ආමිලා කෑගහද්දී මන් හිනාඋනා....හැමදේම හොද විදියට වෙනස් උන එකට මන් සතුටු වුනා....
-"ආමි හැමදේටම ගුමාවෝ....කියන්න ගොඩක් දේවල් තියෙනවා උනත් තවත් කාලේ ගතවෙන නිසා මන් කෙටියෙන් දෙයක් කියන්නම්...ඔයාලා තමා මගේ පවුල ආමී...හැමදාමත් මන් ආදරෙයී ඔයාලට....ඉතින් අද මන් වෙනුවෙන් මෙතනට ආවට ස්තූතියි..."
මන් එහෙම කියලා නැගිටිද්දීම ආමිලගෙන් ඇහුනේ අපිත් ආදරෙයි කියන එක....ඇස්වලට උනපු කදුලුත් පිසදගෙන මන් මගේ අන්තිම performance එක කරලා ස්ටේජ් එකෙන් බැස්සා....
-"ඕහ් මට ඉරිසියයි හෝසොකී..."
මන් පඩිපෙල බැහැපු ක්ශනික ඇමී දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුනේ එහෙම කියන ගමන්....මන් එයාගේ නලලට කිස් එකක් දීලා ඇස්වලින් ඇහුවේ ඇයි කියලා....
-"ඔයා ආමිලට ගොඩක් ආදරෙයිනේ...මට නම් හිතෙන්නේ ඔයා මටත් වඩා එයාලට ආදරෙයි...."
-"ඒක නම් ඇත්ත ඇමී බබා...මන් ඔයාට වඩා එයාලට ටිකක් විතර ආදරෙයි..."
ඇමී රවද්දී මන් එයාගේ කොන්ඩෙත් අවුස්සලා රූම් එක ඇතුලට ගියා.......ඉක්මනින් ඇදුම මාරු කරන් ගෝනිබිල්ලෙක් වගේ ඇදගෙන මන් පිඩීටත් කියලා කා එක අරන් ගියේ රූත්ව බලන්න.....මන් හන්ගග ගාවින් කා එක නවත්තද්දී රූත් ඉක්මනින් ඇවිත් කා එකට නැග්ගා....ඉස්සර වගේ එලියේ ඉදන් නිදහසේ කතා කරන්න පුලුවන්කමක් තිබුනේ නෑ......
YOU ARE READING
STAY ALIVE |Completed| |JHS|
FanfictionThere goes my heart beating 'Cause you are the reason I'm losing my sleep Please come back now And there goes my mind racing And you are the reason That I'm still breathing I'm hopeless now I'd climb every mountain And swim every ocean Just to be wi...