12 අවසාන කොටස 🦋

614 129 103
                                    


ගිත්මි අඩමින් ලියුම කියෙව්වා . ලියුමේ තව දිගට තිබ්බත් ඇයට කියවන්න ශක්තියක් තිබ්බේ නැ .

ඒ සති දෙකට ගොඩක් දේවල් සිද්ද උනා. ගිහාන් ජීවිතාන්තය දක්වා සිර ගත කලා . ඉස්කොලේ ගුරුවරුන් ගිහාන් ගෙ පැත්තට කතා කලත් වැඩක් උනෙ නැ . ගිහාන් මෙච්චර කල් රැගෙන හිටිය නමටත් නරක නාමයක් ඇති උනා.
" ගිහාන් මිනිමරුවෙක් " ඒ නම හැමතැනම පැතිරිලා ගියා .
අමන්දා තුමාරගෙ මිනිය වල දැම්මා.
ගිත්මිව අවුරුදු 18 වෙනකල් පරිවාසෙ දන්න කියලා තීන්දු කරලා තිබ්බා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මට මගේ නන්ගී වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් . මගේ මැනික මන් වෙනුවෙන් ලෝය කෙනෙක් වෙයි. උබේ කටහඩ අහන්නෙ නැතුව කොහොමද දෙයියනේ මන් ඉන්නෙ . මගෙ නන්ගීගෙ මුන දකින්නෙ නැතුව කොහොමද ඉන්නෙ . මගෙ මැනික . මගෙ හැමදේම මගෙ නන්ගී...... ඇයි අපිට මෙහෙම උනෙ.

ගිහාන් හිතුවේ හිරගෙදර ඉදගෙන . ඔහුට අඩන්න කදුලූ ඇස් වල නැති තරම්.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

අනෙ මගෙ අයියේ මගෙන් වෙන් වෙන්න එපා . මගෙ දෙවනි තාත්තා ඔයයි අයියේ . ඔයා වගෙ අයියෙක් ලබන්න මන් පින්වන්ත උනා. මගෙ අයියා එක්ක ජිවත් වෙන්න තරම් පින් කරලා නැතුව ඇති මන්. මන් පොරොන්දු වෙනවා . මන් කොහොම හරි ලෝය කෙනෙක් වෙනවා. ඒක මගෙ පොරොන්දුවක් .

ඇය ලියුම බදාගෙන හිතුවා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

එක් සිදුවිමක් නිසා ඔවුන් ගෙ ජිවත වෙනස් උනේ හිතා ගන්නවත් බැරි විදිහට . අමන්දා ට සිහියක් නැති උනා. හැමොම කිව්වේ "පිස්සු ගෑනි" කියලා . ශ්ශී පොඩි දරුවා අමන්දාගෙන් අරගෙන ගියේ තුමාරගෙ ගෙදර මිනිස්සු . අමන්දාට පිස්සු හැදුනා කියලා හැමතැනම පැතිරිලා තිබුනා . ඒත් එහෙම උනේ නැ ඇය හිටියේ හොද මානසිකත්වයෙන් නෙවෙ. ඇය ගොඩක් පසුතැවුනා එයාගෙ ලමයි දෙන්නාගෙ අනාගතේ විනාස කරපු එකට. ඇය සතියට දවස් දෙකක් වගෙ ගිහාන්ව බලන්න හිරගෙදරට ගියා. එත් ගිහාන් එක වචනයක්වත් කතා කලේ නැ . ඇයට මැරෙන්න හිතුනා නමුත් ඇය තේරුම් ගත්තා ඇය මැරුනොත් ගිත්මිව බලාගන්න කවුරුත් නැ කියලා . අමන්දා ඇය වෙනුවෙන් ජිවත් උනා.

--------------------------------------------------------

කැම්පස් යන්න ආසයි කිව්ව කොල්ලා නෙද මේ. මන් මොකද්ද දෙයියනේ මගෙ ලමයි දෙන්නට කලේ .මගෙ පුතාව නිදහස් කරලා දෙන්න . පව් මගෙ පුතා. කොච්චර හීන තිබ්බද ඒ කොල්ලගෙ හිතේ .... මට සමාවෙන්න පුතේ....

ඇය ගිහාන්ගෙ පින්තූරයක් බදාගෙන අඩන්න ගත්තා .

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
අමන්දා ගිත්මි වෙනුවෙන් ජිවත් වෙද්දි ගිත්මි පරිවාසෙට ගියා . ගිහාන් ජීවිතාන්තය දක්වා සිරගත කරද්දි ගිත්මි ලෝය කෙනෙක් වෙන්න සිහින මැව්වා.

ගිත්මි වගෙම අමන්දා ජිවත් උනේ හිතෙ පසුතැවිමක් එක්කයි. ගිහාන් ගෙ අනාගතේ , හීන , බලාපොරොත්තු නැති උනෙ ඇය නිසා කියලා දුක් උනා. ගිත්මී හිතුවා එයාට උන අසාධාරණය ගැන මිට කලින් කිව්වා නම් මෙහෙම වෙන්නෙ නැ කියලා .අමන්දා තුමාරව විවහා කරගත්ත එකට දුක් උනා. නමුත් දැන් සිදු වු දේ සිදුවි අවසන්.

************************************
ගිහාන් එදා ඉදන් අද වෙනකල් සිර ගෙදරට වෙලා බලන් ඉන්නෙ ගිත්මී ලෝය නොනා කෙනෙක් වෙලා එනකල්.....

ගිහාන් ජිවත් උනේ එයාගෙ අතිතේ ලස්සන මතක සටහන් එක්ක.

" අයියේ මට හිතෙනවා මේ ලොකේ ඉන්න වාසනාවන්තම නන්ගී මන් කියලා . තාත්තා කෙනෙක් වගෙ අයියා කෙනෙක් ලබන්න තරම් "

" ම්ම්ම්ම්.... මාත් වාසනාවන්තයි බොම්බයක් වගෙ නන්ගියෙක් ලබන්න තරම්"

" මේ මොඩි....අර සින්දුව කියනවාකෝ .... අනේ "

"ඕන්න් එහෙනම් අහාගන්න "

නිමි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඔවුන් ගෙ ජිවිතෙ මෙසෙ වෙනස් නොවෙන්න තිබ්බා. ගිහාන් තුමාරව මරන්නෙ නැතුව ඉන්න තිබ්බා. ගිහාන් a/l විභාග පාස් වෙන්න තිබ්බා. මේ සියල්ල හොදින් සිද්ද වෙන්න තිබ්බා . එදා ගිත්මි එයාට උන අසාධාරණය ගැන බය නැතුව කිව්වා නම්. එහෙනම් ඔවුන් ගෙ ජිවිත මිට වඩා වෙනක් වෙලා.

තමන්ට අසාධාරණයක් වෙනව නම් බය නැතුව කතා කරන්න . නැත්තම් ගිත්මී වගෙ පසුතැවෙන්න වෙවී...

♥️♥️

ගොඩක් ස්තුති කතාව කියෙව්වාට . වෝට් , කමෙන්ට්‍ කලාට ගොඩක් ස්තුති ඒ කමෙන්ට්‍ වලින් මන් සතුටු උනා.

තවත් කතාවකින් හමුවෙමු....

Kim_Mithu

SPEAK  [ Rape Story ] ** completed **Where stories live. Discover now