𝙿𝙰𝚁𝚃 2

346 82 3
                                    

"සමාවෙන්න.තුන්වන මට්ටමේ සිසුන්ගේ පන්ති කොහෙද තියෙන්නෙ?"

ජෝන් ගුරුතුමාට තම අවසාන කාලපරිච්ඡේදය යෙදී තිබූ පන්තිය සොයා ගැනීමට නොහැකි වූ විට ඒ පිළිබද ටේහියුන්ගෙන් ඇසීමට සිතා ගත්තේ උදෑසන මෙන් සීතල පිලිතුරු නැවත කාටවත්ම ලබා නොදෙන බව තීරණය කර ගන්නා ගමන්මයි.

"ආ පොඩ්ඩක් ඉන්න මාත් යන්නෙ ඒ පැත්තටම තමා."

තමන්ගෙ පිලිවෙලකට නොතිබූ පොත් ගොඩෙන් ලොකු පොත් දෙකක් සමග අභ්‍යාස පොත් විස්සක් විතර අතට ගන්න ගමන් ටේහියුන් කෑ ගැහුවා.

"මට පුලුවන් ඔය ටික ගෙනත් දෙන්න."

ජන්කුක් එලෙස පැවසුවේ උදෑසන සිටම ටේහියුන්ට සැලකූ ආකාරය මතක් වී.

"නෑ මේ ටික එච්චරම බර නෑ."

මේ අතර ටේහියුන් මදක් පුදුම වූයේ මෙතෙක් වෙලා තමාව ගනන් නොගත් පුද්ගලයාගේ වෙනස්වීමටයි.

𝙽𝙴𝚅𝙴𝚁 𝚂𝙴𝙴 𝚈𝙾𝚄 𝙰𝙶𝙰𝙸𝙽 [𝙹𝙸𝙺𝙾𝙾𝙺] ✓Where stories live. Discover now