"ජිමින් කියන්නෙ මගෙ කැම්පස් කාලෙ ඉදපු යාලුවෙක්."
ටේහියුන්ගෙ කන්කරච්චලේ ඉවස ගන්නම බැරි තැන ජන්කුක් එහෙම කියලා නිශ්ශබ්ද වුනත් ටේහියුන්ගෙන් නම් ජන්කුක්ට නිදහසක් හම්බ වුනේ නෑ.
"බෑ මට ඕනි ඔයාලා ඇත්තටම කවුද කියලා දැන ගන්නයි. ඔයාලගෙ කතාව අහන්නයි."
"ඒකෙ අහන්න දෙයක් නෑ ටේහියුන්."
ජන්කුක්ගෙ පිළිතුරත් එක්ක ටේහියුන්ගෙන් ලැබුනෙ වෙනම ප්‍රතිචාරයක්.
"ඔයා ඒක මට කියනකන් ඔයාට යන්න දෙන්නෙ නෑ. මං දොර ලොක් කරලා තියෙන්නෙ යතුර හොයන්න මහන්සි වෙන්න එපා මං ඒක පහලට දැම්මා."
ජන්කුක් අතේ තිබුණු බෑගය පසකින් තබා ටේහියුන් දෙස බැලුවේ ඔහු කියන්නේ සත්‍යක්ද යන්න දැන ගැනීමටයි. ටේහියුන්ගේ මුහුණේ තිබූ හිනාව දුටු ජන්කුක්ට එය සත්‍යක් බව වැටහීමටද වැඩි වෙලාවක් ගත වූයේ නෑ.
"ටේහියුන් මේ මං වැඩ කරන දෙවනි දවස. අනික මං නිවාඩු දැම්මෙත් නෑ. මට මගෙ රස්සාවවත් හරියට කර ගන්න දෙන්න."
ජන්කුක් එහෙම කියමින් දොර ඇරීමට තැත් කලත් එයින් පලක් වූයේ නෑ.
"බය වෙන්න එපා මං හියුන්ග්ට කිව්වා ඔයයි මායි නිවාඩුවක් දැම්මා කියලා."
"හියුන්ග්???"
ජන්කුක් කල්පනා කලේ ඒ කවුරුන්ද කියායි.
"ඉස්කෝලෙ ප්‍රින්සිපල් මගෙ හියුන්ග් 'කිම් නම්ජූන්'"
ඒ උත්තරෙත් එක්ක ජන්කුක් නැවතත් තම බෑගය පුටුවක් උඩින් තියන ගමන් වාඩි වුනේ කෙසේ හෝ තමාගේ හා ජිමින්ගේ කතාව පවසා මෙයින් පලා යන බව සිතමින්.
YOU ARE READING
𝙽𝙴𝚅𝙴𝚁 𝚂𝙴𝙴 𝚈𝙾𝚄 𝙰𝙶𝙰𝙸𝙽 [𝙹𝙸𝙺𝙾𝙾𝙺] ✓
Fiksi Penggemar"ජන්කුක් අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනි නෑ" 𝙿𝙹𝙼 𝐉𝐈𝐊𝐎𝐎𝐊 ✓ 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑𝐒 15 ✓ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✓