𝙿𝙰𝚁𝚃 3

302 75 1
                                    

"ඇයි ඒ කොල්ලෙක් පස්සෙ දිව්වෙ? ශිට් මාව සම්පූර්ණයෙන් ම තෙමිලා."

ජන්කුක් ඉදියෙ ටේහියුන්ගෙ ගෙදර සෝෆා එකේ හොදට බ්ලැන්කට් එකක් පෙරවන් හොදට රත් වුන කෝපි කෝප්පයක් අතේ තියන්. ඒත් ටේහියුන් නම් ඉදියෙ ජන්කුක්ට බනින ගමන් ඒ වෙන මොකුත් නිසාවත් නෙවෙයි ජන්කුක්ගෙම වැඩ නිසා.

පාසල අවසන් වෙනවත් එක්කම වහින්න ගත්ත නිසා ටේහියුන්ටත් යන්න වුනේ ජන්කුක් එක්ක. කිසිම කතා බහකින් තොරව gangnam මංසන්ධියට ආවත් ජන්කුක් කුඩෙත් අරන් කොල්ලෙක් පස්සෙ දුවපු නිසා ටේහියුන් ඒ දිහා බලන් ඉදියෙ ඔහු උමතු පුද්ගලයෙද යන්න සැක සහිතව බලන ආකාරයෙන්. වැහි වතුර තම මුහුණ දිගේ ගලන විට නැවතත් හරි සිහියට ආ ටේහියුන් ජන්කුක් දිව ගිය පැත්තට දිව ගියේ ඔහු කුමක් කර ගෙනද කියා බැලීමටයි. ජන්කුක්ගේ කමිස කොලරයෙන් අල්ලා ජන්කුක්ගේ නහයෙන් ලේ එන තෙක් ගසා තිබූ අනෙක් කොල්ලාගෙන් ඔහුව බේරා ගන්නවා වෙනුවට ජන්කුක්ගේ කුඩය කොහෙදැයි ඇසූ නිසා ජන්කුක්ගේ කොලරයෙන් අල්ලා සිටින ගමන්ම ටේහියුන් දෙස බැලුවේ මොවුන් දෙදෙනා පිස්සන් කොටුවෙන් පැන යන්නවුන් දෙදෙනැක්දැයි සැක සහිතව බලන ආකාරයටයි. අවසානයෙදී ජන්කුක් තමාගේ මිතුරෙකු බවත් සිදු වූ වරදට සමාව දෙන ලෙසත් පවසා ජන්කුක් සමග තම නිවසට පැමිණියේය.

𝙽𝙴𝚅𝙴𝚁 𝚂𝙴𝙴 𝚈𝙾𝚄 𝙰𝙶𝙰𝙸𝙽 [𝙹𝙸𝙺𝙾𝙾𝙺] ✓Where stories live. Discover now