𝙿𝙰𝚁𝚃 6

234 70 1
                                    

"හරි ඉතින් දැන් ජිමින්ද කාටද මොකෝ වුනේ?"

ටේහියුන්ගේ ප්‍රශ්නෙ හමුවේ ජන්කුක් ලොකු හුස්මක් පහත දැමුවේ ටේහියුන්ගේ ප්‍රශ්න අවසන් නොවන බව පෙනී යද්දී.

"පස්සෙ වෙලාවට කියන්නම්."

ජන්කුක් බ්ලැන්කට් එකෙන් මූණ වහ ගන්න ගමන් කිව්වා.

"බෑ ඔයා මගෙ ගෙදර ඉන්නවා නම් අහන ඒවට උත්තර දෙන්න ඕනි."

ටේහියුන්නුත් කිව්වේ ජන්කුක්ගේ වචන වලින් සෑහීමකට පත් නොවී.

"ඇත්තමයි ඔහේ මාර වදයක්."

ජන්කුක් බ්ලැන්කට් එකෙන් මූණ වහගෙනම කෑ ගැහුවා.

"කියනවද නැද්ද?"

ටේහියුනුත් කලින්ටත් වඩා හයියෙන් කෑ ගැහුවා.

"හෙට කියන්නම් අප්පා. දැන් ගිහින් නිදා ගන්නවාකො."

අද දවස ඇතුළත ජන්කුක් හා ටේහියුන් ඉතා සමීප මිත්‍රයන් වී සිටියා. ඒ ගැන කල්පනා කළ ජන්කුක් නැවතත් බ්ලැන්කට් එකෙන් ඔලුව පිටතට දමා බැලුවේ ටේහියුන්ගේ ශබ්දයක් නොමැති නිසායි. ඒත් සමගම ජන්කුක් හයියෙන් කෑ ගැසුවේ ඔහුගේ මූණටම එබී සිටි ටේහියුන් දැකීමෙන්.

"මොන රෙද්දක්ද එහාට යනවා. පිස්සුද ඔහේට?"

ජන්කුක් බොහෝ සේ බිය වී සිටියා.

𝙽𝙴𝚅𝙴𝚁 𝚂𝙴𝙴 𝚈𝙾𝚄 𝙰𝙶𝙰𝙸𝙽 [𝙹𝙸𝙺𝙾𝙾𝙺] ✓Where stories live. Discover now